paper articles

හිතට හිතෙන හැමදේම මට දැන් කරන්න අමාරුයි, කොන්ද රිදෙනවා, කකුල් රිදෙනවා-ජනප්‍රිය ප්‍රවීණ නිලි දිල්හානි අශෝකමාලා

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක් තමයි දිල්හානි අශෝකමාලා කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයට දැන් හිතෙන හිතෙන දේවල් දැන් ඇඟෙන් කරගන්න බැරි තත්ත්වයක් තමයිලු තියෙන්නෙ. හිතට මොනතරම් දේවල් ආවත් ඒ දේවල් කරන්න දැන් මේ ඇඟට බැහැ කියනවා කියලයි ඇය කියන්නේ. සමහර වෙලාවට කකුල් රිදෙනවා, දණිස් රිදෙනවා, කොන්ද රිදෙනවා වගේ දේවල් ඇඟට දැනෙනවාලු. ඉතින් දැන් පුංචි පුංචි නර්තනයන් කළාට ඉස්සර වගේ දඟලලා ඇයට නටන්න බැහැලු. ඒ වගේ දේවල් කරන්න ඕනෙ කියන අදහසකුත් දැන් ඇයගේ ඔළුවේ නැහැ කියලත් ඇය කියනවා.

කොහොම නමුත් නර්තනය කරන්න පුළුවන්නම් ඒක සෞඛ්‍යයට ඉතාම හොඳයි කියලත් ඇය කියනවා. හැබැයි ඒ මට්ටම්වලින් දැන් නටන්න ඇයට බැහැලු. ඉතින් ඒවා කරද්දී ලොකු පුහුණුවක් වෙන්න ඕනෙ කියලත් ඇය කියනවා. ඒ නිසා තරුණ ළමයින්ට ඒ අවස්ථාව ලබා දීලා ඇය ඒවා දිහා බලාගෙන ඉන්නවාලු. ඒ වගේම ඇය නර්තනයට මුලින්ම යොමුවුණේ ඇයට අවුරුදු නවයේදිලු. ඉතින් ඒ වගේම ඇය ඇයගේ පාසලට ඒ කාලේ නර්තනයෙන් බොහෝ ජයග්‍රහණ ලබා දුන්නා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇයගේ පාසලෙන් බැලේ නර්තනයට ඇයත් එක්ක දෙන්නෙක් තේරුණාලු. ඊට පස්සෙ එතනින් කේමදාස මාස්ටර්ගේ බැලේවලට සහභාගි වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඊට පස්සේ විදෙස් නර්තන ප්‍රසංගවලටත් ඇය සහභාගි වුණාලු. ඒ වගේම එහෙම නර්තනය කරමින් ඉන්න අතරේ තමයිලු ඇයට අහම්බෙන් චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

ඉතින් ඇය රංගනයටත් වඩා වැඩියෙන්ම ආසා නර්තනයටලු. ඉතින් ඒ වගේම ඇය සමාජගත වෙනවා හරිම අඩුයිලු. ඇය එහෙම එළියට ගියොත් ප්‍රශ්න බොහොමයක් අරගෙන තමයිලු ගෙදර එන්න සිදුවෙන්නෙ. ඉතින් එතකොට ඇය ඉන්නෙම ප්‍රශ්නවල කියලයි ඇය කියන්නේ. ඒ වගේම මිනිස්සු ඕපාදූප, කේලම්වලට හරියට බර වැඩියි කියලත් ඇය කියනවා. වැඩකට නැති කතාවලට බොහෝ කාලයක් වැය කරනවාලු. නමුත් ඇයට එහෙම පුරුදු නැහැලු. ඇය හරියට තනියම දේවල් ඉගෙනගන්න, තනියම අධ්‍යාපනය කරන, ගහකොළ වවන, බණ ටිකක් අහන කෙනෙක් කියලත් ඇය කියනවා. ඇය දවසින් දවස ජීවිතේ අලුත් කරන කෙනෙක්ලු. ඉතින් ඒ වෘත්තීමය වශයෙන් නෙමේ මනුස්සයෙක් විදිහට ඇය දවසින් දවස යාවත්කාලීන වන කෙනෙක්ලු. ඉතින් ඒ සමාජගත නොවීම නිසා ඇයගේ හිතට විස එන එක හරිම අඩුයිලු. ඒ වගේම විස උපදිනවාත් හරිම අඩුයි කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇය කලාවට සම්බන්ධ වුණේ අහම්බයෙන්ලු. මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඕනේ කියලා තුන් හිතකින්වත් හිතපු කෙනෙක් නෙමෙයිලු ඇය. දවසක් පන්තියක් අවසන් කරලා ඇය පාරේ ඇවිදගෙන යද්දි යසපාලිත නානායක්කාර ඇයගේ ළඟ නතරවෙලා චිත්‍රපටයක රඟපාන්න කැමතිද කියලා ඇහුවාලු. ඉතින් ඒක ඇයට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් කියලයි ඇය කියන්නේ. එහෙම අහම්බයෙන් අවස්ථාවක් ලැබිලා ප්‍රධාන චරිතයට නිළියක් වුණු කෙනෙක් තමයිලු ඇය. ඉතින් ඒ වගේම ඇයගේ ජීවිතේ ලබපු ලොකුම සම්මානය තමයිලු ඇයට බුද්ධ ධර්මය හමුවීම. ඊට එහා සම්මානයක් ඇයට වෙන කොහේවත් නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment