paper articles

රැකියා 10ක් කලත් ආයෙනම් අපේ රටේ ප්‍රශ්නයක් නැතුව සතුටින් ජීවත් වෙන්න බැරිවෙයි-ජනප්‍රිය නළු දිනූෂ දිසානායක

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් තමයි දිනූෂ දිසානායක කියලා කියන්නේ. කොහොම නමුත් ගායන ශිල්පියෙක් විදිහට ඔහු කළා ක්ෂේත්‍රයට පිවිසියත් දැන්නම් අපිට ඔහුව වැඩිපුර දකින්න ලැබෙන්නේ රංගන ශිල්පියෙක් විදිහටයි. ඉතින් මේ දිනවල ඔහු දෙරණ නාළිකාවේ විකාශනය වන ‘පිණි’ සහ ‘දියණි’ ටෙලිනාට්‍ය දෙක හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ගායනය කියන්නේ ඔහුට ඔහුගේ ජීවිතේ වගේලු. ඉතින් ඒ නිසා ගායනය කියන දේ ඔහු ජීවිතේට අත අරින්නෙත් නැහැලු, එයට සමුදෙන්නෙත් නැහැලු. ඒ වගේම ඔහු මේ වෙද්දී ගායනය පැත්තෙන් පොඩි වැඩ කටයුත්තක් සැලසුම් කරගෙන යනවාලු.

ඉතින් ඒ වගේම ඔහු විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව අද වෙද්දි ලොකු පීඩාවක ඉන්නෙ කියලත් ඔහු කියනවා. අද කිසි දෙයක් කරගන්න බැරි තත්ත්වයකලු තියෙන්නෙ. ඒ නිසා ජීවිතේ වැඩි සැලසුම් ඇය දැන් තියාගන්නෙත් නැහැලු, එන විදියට මුහුණ දීලා ඉන්නවා ඇරෙන්න. ඒ වගේම මේ රටට සිද්ධවෙලා තියෙන දේ ගැන ඔහුට හරිම දුකයිලු. ඒ වගේම මේ රටට උදාවුණ පීඩාකාරී තත්වයට අපිත් වගකියන්න ඕනෑ කියලා ඔහුට හිතෙනවාලු. ඉතින් ඒ නිසා ඔහු ප්‍රාර්ථනා කරනවාලු හොඳ පාලකයන් රටට පත්වෙලා හැමදේම හොඳ විදියට විසඳෙන්න කියලා. ඉතින් ඒ වගේම ඔහු කලාවට හරි ආසයි, ආදරෙයි කියලත් කියනවා. නමුත් කලාවෙන්ම ඉදිරියට යන එක ගැන දැන් ගොඩක් හිතන්න වෙනවාලු. මොකද දැන් රැකියා 10 ක් කළත් අපේ රටේ ජීවත් වෙන්න බැරි තත්වයක් තියන නිසා. හැබැයි කලාව කියන දේ ඔහු කවදාවත්ම අත අරින්නේ නම් නැහැලු. දැනට නම් ඔහු ෆුල් ටයිම් මේ ක්ෂේත්‍රයේ තමයිලු රැදිලා ඉන්නේ. මොකද ඔහුගේ වැඩි තෘප්තියක් තියෙන්නෙ කලාවට නිසාලු. නමුත් මේ දේත් එක්ක ඔහුගේම ව්‍යාපාරයක් කරන්නත් බලාපොරොත්තු වෙනවාලු.

ඉතින් ඒ වගේම ඔහුට ඔහුගේ බිරිඳවන නදුනිත් එක්ක රඟපාන්න හරිම ලේසියිලු. ඒ වගේම ඔහුගේ රඟපෑම ඔහුට තවත් තාත්විකව කරන්න පුළුවන්ලු ඇය ඔහුගේ බිරීඳ නිසාම. ඒ වගේම ඉතින් ඔහු අද මේ ඉන්න තැන සහ ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන ඇත්තටම ඔහුට ගොඩක් සතුටුයිලු. මොකද ඔහු රංගන ශිල්පියෙක් වුණේ අහම්බයකින්ලු. නමුත් ඔහුගේ හීනය වුණේ ගායකයෙක් වීමලු. ඉතින් ඔහු හීනෙකින්වත් නොහිතපු විදියෙ තැනකට ඇවිල්ලා අද ලබන ඒ ප්‍රේක්ෂක ආදරය ගැන ඔහුට කියන්න බැරි තරම් සතුටුයිලු. ඔහු ගායකයෙක් විදියට ක්ෂේත්‍රයට ආවත් ගොඩක් දෙනෙක් දන්නේ ඔහු රංගන ශිල්පියෙක් විදියටලු. මොකද ඔහු කොහේ ගියත් රංගනයන් ගැනලු කතා කරන්නේ. ඉතින් ඒ ආදරය ප්‍රතිචාර එක්ක හරිම සතුටුයි කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ වගේම බොහොම කෙටි කාලයක් තුළ ඔහුට මේ හැමදේම ජීවිතේට ලැබුණා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment