paper articles

රන්ජන්ට සිදුවුණු අසාධාරණය නිසා එළියේ ඉන්නවාට වඩා අනුකම්පාවක් ඇතුලේ ඉන්නකොට තියනවා-ජනප්‍රිය නළු ජනිත් වික්‍රමගේ

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ජනිත් වික්‍රමගේ කියලා කියන්නේ. ඒ වගේම ඔහුව රශ් චිත්‍රපටයෙන් පසුව දැන් ‘ද ගේම්’ චිත්‍රපටයෙන් දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසාම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඔහුව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් ඒ වගේම ඔවුන් මේ චිත්‍රපටය නිර්මාණය කරලා වසර දෙකක් විතර බලාගෙන හිටියාලු තිරගත කරන්න. ඉතින් දැන් තමයි වේලාව ඇවිත් තියන හින්දා මැයි 20 වැනිදා චිත්‍රපටය තිරගත වීමට නියමිතයි කියලයි ඔහු කියන්නේ.

ඉතින් ඒ වගේම ඔහු හිතනවාලු රන්ජන් රාමනායකට වුණ අසාධාරණයත් එක්ක එළියේ ඉන්නවාට වඩා අනුකම්පාවක් ඇතුලේ ඉන්නකොට තියෙනවා කියලා. ඔහුගේ සියලුම ආශිර්වාද ඇතිව තමයිලු මේ චිත්‍රපටය තිරගත කරන්න හදන්නේ. ඉතින් ඔහුට විරුද්ධව හිටපු අය පවා ඔහුට වුණ අසාධාරණයත් එක්ක ඔහුට ලෙංගතුභාවයක් තියෙනවා කියන ලොකු විශ්වාසයක් ඔහුට තියෙනවාලු. ඉතින් ඒ වගේම ඔහු ගොඩක් ආශාවෙන්ලු බලාගෙන හිටියේ රන්ජන් සමඟ වැඩ කරන්න. ව වගේම ඔහු සෑහෙන්න රන්ජන්ට ආදරය කරලා තියෙනවාලු. ඒ වගේම ඔහු අදටත් විශ්වාස කරන්නේ ෆැන්ටසි සිනමාව බිහි කරන්න පුළුවන් නළුවා රන්ජන් කියලලු. අන්තිමට වැඩ කරන කොට ඔහුට පෞද්ගලිකව හිතුණේ ඉතාමත් නිහතමානී චරිතයක් කියලාලු.

ඉතින් ඒ වගේම රූගත කිරීම්වලදී ප්‍රශ්න කිපයක්ම ආවා කියලත් ඔහු කියනවා. එකවරක් රන්ජන් ගේ ඇමැතිකම නැති වුනාලු. ඊට පස්සේ ආණ්ඩුව මාරු වුනාලු. හරියටම අවසන් ෂූට් එක කරපු දවසේ තමයිලු රන්ජන්ව පළමු වතාවට අත්අඩංගුවට ගත්තේ. ඊට පස්සේ හඬ කැවීම්වලට ගෙන්වා ගැනීමටත් ලොකු ගැටලුවක් තිබුණා කියලත් ඔහු කියනවා. ඉතින් පළමු සිරගත කිරීමෙන් පසුව නිදහස් වුණාම පස්සේ තමයිලු හඬ කැවීම් සිදු කර ගත්තේ. ඉතින් ඒ වගේම ඔවුන් පුළුවන් තරම් උත්සාහ කරනවාලු රන්ජන්ව මංගල දර්ශනයට ගෙන්න ගන්න. හැබැයි ඒක කොහොම වෙයිද කියන්නෙ දන්නේ නැහැ කියලත් ඔහු කියනවා. මොකද මේ රටේ මිනිස්සු කලාවට සිනමාවට, සිනමාකරුවාට කොච්චරට ආදරෙයිද කියන එකත් ප්‍රශ්නයක් කියලයි ඔහු කියන්නේ.

Leave a Comment