paper articles

මොඩ්ල් කෙනෙක් වෙන්න සුද, උස, ලස්සන වැඩක් නැහැ ආත්ම විස්වාසයයි අවශ්‍ය-ජනප්‍රිය නිරූපණ ශිල්පිණි ත්‍රිකලා ධරණි

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ජාත්‍යන්තරය ජයගත් දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියලා කියන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඇය විශ්ව රූ රැජිනක්ද විදිහටද හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය මේ දිනවල අලුත්ම වැඩකට සූදානම් වෙනවා කියලයි අපට නම් ආරංචි වුනේ. ඉතින් ඒ ගැන දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයත් සමඟ කතා බහ කරලා තිබුණා. ඉතින් ඒ වගේම ඇය අලුතෙන් නිරූපණ පාසලක් ආරම්භ කරන්න ප්‍රධානම හේතුව වුණේ අපේ රටේ දැනට තියෙන නිරූපණ ක්ෂේත්‍රයට ඇතිවෙලා තියෙන ඉරණම සහ නිරූපණ ක්ෂේත්‍රයට වෘත්තීමය වටිනාකමක් ලබාදෙන්න ඇයගෙන් වෙන්න ඕනෑ සේවාව කරන්න හොඳම වෙලාව ඇවිත් කියලා හිතපු නිසාලු.

ඒ වගේම ඇය ඩුබායිවලදී නිරූපණය පිළිබඳව හැදෑරුවාලු. ඊට අමතරව වසර හතක් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල, යුරෝපා රටවල සහ විශේෂයෙන් මැදපෙරදිග රටවල නිරූපිකාවක් විදිහට වැඩකරපු කෙනෙක් විදිහට ලබපු අත්දැකීම් වගේම විශ්ව රූ රැජිනක් වීමෙන් අනතුරුව ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරලා තිබෙන අත්දැකීම් ඇයගේ නිරූපණ ක්ෂේත්‍රයට ලබාදෙන්න පුදුම හිතේ ආසාවක් තිබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ අරමුණෙන්ම තමයිලු ඇය මේ නිරූපණ පාසල ආරම්භ කළේ. ඉතින් ඇය පරණ කොට්ටාව පාරේ නුගේගොඩ ඇයගේම කියලා නිරූපණ පාසලක් ආරම්භ කළාලු. නිරූපණ පාසලේ නම ටොප් මොඩල් බයි ත්‍රිකලා ධරණි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ නිරූපණ පාසලේ තේමා පාඨය වෙන්නේ බියුටි විත් අ බ්රේන් (Beauty With a Brain) කියන එකලු. ඒ කියන්නේ මොළයක් සහිත නිරූපිකාවක් වෙමු කියලා තමයිලු එයින් අදහස් කරන්නේ.

ඉතින් ඒ වගේම මනුස්සයෙක් ඕනෑම දෙයක් පටන් ගන්නකොට ඒකට අරමුණක් තියෙන්න ඕනෑ කියලත් ඇය කියනවා. ඒ වගේම ඔටුන්නක් ඔළුවේ දාගත්තු පළියට ඒකෙන් ලෝකයේ ලස්සනම කෙනා කියලා අදහස් වෙන්නෙත් නැහැ කියලයි ඇය කියන්නේ. ඒ ඔටුන්නට අරමුණක් තියෙනවාලු. ඒ වගේම අපි මොන දේ කළත් අරමුණක් ඇතිව සිද්ධ කරන්න ඕනෑලු. ඉතින් ඇයගේ නිරූපණ පාසලේ අරමුණ මොළයක් සහිත නිරූපිකාවන් වෙමු කියන එකලු. නිරූපණය පිළිබඳ ඇයගේ තියෙන දැනුම. විශේෂයෙන් ඒ පිළිබඳව තියෙන අද්දැකීම් සියල්ල ආධුනිකයන් සමඟ බෙදාගන්නත් නිරූපණ ක්ෂේත්‍රය වැටිලා තියෙන අගාධයෙන් ගොඩට ගන්නත් උපරිම උත්සාහයක යෙදෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම මම කළුයි, මම මිටියි. හැබැයි මගේ සිහිනය නිරූපිකාවක් වෙන්න. මට කවදාවත් මගේ සිහිනයට යන්න බැරිද? කියලා අහන අයට ඇයට විශේෂයෙන් කියන්න දෙයක් තියනවලු. මොකද සමහර නිරූපණ ගුරුවරු ළමයි ගියහම ඒ ලමයිව ප්‍රතික්ෂේප කරලා තියෙනවාලු.

ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අමූලික බොරුවක් කියලයි ඇය කියන්නේ. මොකද නිරූපණ ක්ෂේත්‍රය ඉතාම විශාල වපසරියක දිවෙනවාලු. උදාහරණයක් විදිහට ඇය ආබාධිත නිරූපණ ශිල්පීන් එක්ක එකට රූම්ස් ෂෝ කරලා තියෙනවාලු. කොහොම නමුත් මොඩ්ල් කෙනෙකුට තියෙන්න ඕනෑ ආත්ම විශ්වාසය සහ පෞරුෂය කියන කරුණු දෙක විතරයි කියලයි ඇය කියන්නේ. ඒකට උස, මිටි, ලස්සන කියන කරුණු බලපාන්නේ නැහැලු. නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ අලුත උපන් කිරිදරුවාගේ සිට මුහුකුරා ගිය මහල්ලා දක්වාම දිවෙන වයස පරතරයක තිබෙන ක්ෂේත්‍රයක් කියලත් ඇය කියනවා. ඒ වගේම මේකට වයස බලපාන්නෙත් නැහැලු. උස බලපාන්නෙත් නැහැලු. ඉතින් නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ විශාල වපසරියක තියෙන ක්ෂේත්‍රයක් නිසා මේ දැනුම රටට ලබා දෙන්න ඕනෑ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment