paper articles

මාව දැක්කම සමහරුන්ට උඩට ගන්න හුස්ම ආපහු පහලට දාන්නත් අමතක වෙනවා-ජනප්‍රිය සුරූපී නිලි නිලුෂි පවන්යා

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නිලුෂි පවන්යා කියලා කියන්නේ. ඉතින් ඇය රංගනයට අමතරව නිරූපිකාවක් මෙන්ම නර්තන ශිල්පිනියක් විදිහටද කටයුතු කරගෙන යනවා. ඉතින් මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ වින්ඩි ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල ඇය දිවිතුරා නාට්‍යයේ රූපගත කිරීම් වලට යනවලු. ඒ වගේම අලුතින්ම පටන් ගත්ත චන්දන ලියනගුණවර්ධන නිෂ්පාදනය කරන සිතාන්ගි කියන නිර්මාණයටත් ඇය රංගන දායකත්වය ලබා දෙනවලු. ඊට අමතරව එන්න තියෙන නිර්මාණ විදියට ඇය රංගනයෙන් දායක වුනු සමන් කුමාර ලියනගේගේ ‘ඇවිත් මාව හම්බෙන්න’ සහ ‘වත්සුණු’ නිර්මාණය, ත්‍රිශූල දීප තඹවිටගේ ‘කලුදලරළ’ ටෙලි නාට්‍යයත් එන්න තියෙනවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම මේ දිනවල ඇයට වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ දිවිතුරා එකේ වින්ඩිට කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ඇය මෑතක දී ආශාවරී චිත්‍රපටයේ විශේෂ දැක්මකට සහභාගී වුණාලු. ඉතින් එතැන හිටපු කෙනෙක් ඇයව දැකලා වින්ඩි කියලා එක පාරටම කියලා එයාට උඩට ගත්ත හුස්ම පහළට දාන්නත් අමතක වෙලා ඇයගේ දිහා බලන් හිටියාලු. ඉතින් ඇත්තටම ඒකට ඇයත් සර්ප්‍රයිස් වුණාලු. ඒ වගේම වයස් භේදයකින් තොරව පොඩි අයගේ ඉඳන් ඒ චරිතයට ආදරය කරන පිරිසක් අද වෙද්දී නිර්මාණය වෙලා තියෙනවා කියලත් ඇය කියනවා. අනික ඇය ඒ කරන වින්ඩි කියන චරිතය ටිකක් නපුරු චරිතයක් කියලත් ඇය කියනවා. ඒ වගේම දැන් ඇයටත් හිතාගන්න බැරි විදියට ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගිහින්ලු.

ඉතින් ඒ වගේම ටෙලි නිර්මාණවලට එන්න කලින් ඇය එන්නේ සිනමාවටලු. ඒ වගේම ඇයගේ මුල්ම නිර්මාණය එරංග සේනාරත්නගේ ‘නිලූ මං ආදරෙයි’ කියන චිත්‍රපටයලු. නමුත් ඒක තවම තිරගත වෙලා නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම සිනමාවටත් ඇය ගොඩක් ආසයිලු. ඉතින් ඒ වගේම ඇයට තියෙන්නේ නර්තන අංශයෙන් ප්‍රාසාංගික කලාවේදී උපාධියක්ලු. ඉතින් ඇයගේම කියලා ඇකඩමි එකක් කරන්න ඇයට අදහසක් තියෙනවාලු. ඒ වගේම ලැබෙන විවේකය එක්ක ඩාන්සින් කවර්ස් ටිකක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලත් ඇය කියනවා. ඒ වගේම මේ මාසේ අලුත් ඩාන්සින් කවර් එකක් දැක ගන්නත් පුළුවන් වෙයි කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ආදරේ කියන්නේ හැමෝටම ඕනේ දෙයක් කියලයි ඇය කියන්නේ. ඇත්තටම බැඳීමක් කියන්නේ තව වගකීමක් කියලත් ඇය කියනවා. ඉතින් ඇය හිතන්නේ ඇයට විවාහ වෙන්න සුදුසු කාලය මේක නෙවෙයි කියලාලු. මොකද ඇය හැමතිස්සෙම හිතන්නේ ඇය ඇයව ගොඩ නඟා ගන්න ඕනේ කියලලු. ඒ වගේම තව කෙනෙක්ගෙන් යැපෙන්න ඕනේ කියන මතයේ ඇය නැහැ කියලත් ඇය කියනවා. සමහර අය හිතන්නේ විවාහ වෙන සහකරුට ඒ හැමදේම තියෙන්න ඕනේ කියලා වුනත් ඇය ඉන්නේ ඇයට අවශ්‍ය දේවල් ගන්න ඇය උපයා ගන්න ඕනේ කියන මතයේලු. කොහොම නමුත් අද වෙනකම් ඇය ගොඩක් හැලහැප්පීම් මැද්දේ ඇයව ගොඩ නගා ගත්තා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment