paper articles

මාව කැතට පේන චරිත කරන්න මම හරි ආසයි-ජනප්‍රිය සුරූපී නිලි ආලෝකා ධනංජිනී

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ආලෝකා ධනංජිනී කියලා කියන්නේ. ඉතින් සිරස ෆිල්ම් ස්ටාර් තරගය හරහා රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ඇය මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් කොළඹ ඉතාලිය, අඳුන්ගිර වගේම මාණික්කාවත ටෙලි නාට්‍යය වලට ඇය මේ දිනවල රංගන දායකත්වය ලබා දෙනවාලු. ඊට අමතරව අලුතින් වැඩ කිහිපයකත් නැවත රූගත කිරීම් ආරම්භ කළා කියලත් ඇය කියනවා. ඒ වගේම ඩයලොග් ටීවීහි අලුතින් ආරම්භ කළ ‘ත්‍රිවිධ ටීවී’ චැනල් එකේ ‘සංගිලි කනදරාව’ නමින් අලුත් ටෙලි නාට්‍යයක් විකාශය වනවාලු. ඉතින් එහි ඇය දඟකාර යෞවනියක් වන සුමේධා කියන චරිතය නිරූපණය කරනවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම දීර්ඝ නිර්මාණයක් වශයෙන් ඇය මුලින්ම සම්බන්ධ වුණේ සක්කාරං ටෙලිනාට්‍යයටලු. එහි ජයවතී කියන්නේ ඇය හරිම ආසාවෙන් සම්බන්ධ වූ ගැමි චරිතයක් කියලත් ඇය කියනවා. ඉතින් ඊට පස්සේ තමයිලු ඇයට ගරුඬ මුහුර්තය ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණේ. එහි බිළිදි කියන්නේත් ජයවතීගේ චරිතය වගේම ඇය හරිම ආසාවෙන් සම්බන්ධ වූ තවත් ගැමි චරිතයක්ලු. ඉතින් ඒ වගේම ඇය කලා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ 2017 අවසානයේදී කියලත් ඇය කියනවා. ඒ සිරස ෆිල්ම් ස්ටාර් රියැලිටි තරගාවලිය හරහා. ඒ වගේම ඇය මුලින්ම රංගනයට සම්බන්ධ වුණේ සිරස නාළිකාව තුළින්මලු. ඉතින් ඒ වගේම ඇය පොඩි තැනක ඉඳන් රංගන ක්ෂේත්‍රය තුළ ඇයගේ ගමන ආරම්භ කළ කෙනෙක්ලු. ඒ නිසා මේ ක්ෂේත්‍රය තුළ කොහොමත් ඇයට ඉක්මන් ගමනක් යන්නට අවශ්‍ය නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට ලැබෙන හොඳ නිර්මාණ ඇය අනිවාර්යයෙන්ම භාර ගන්නවාලු. ඉතින් එක් වරම පායලා එක් වරම නොපෙනී යන තරුවක් වීමට ඇයට අවශ්‍ය නැහැ කියලත් ඇය කියනවා. ඇයගේ බලාපොරොත්තුව සෙමින් ගමනක් යමින් චරිතාංග නිළියක් විධියට ඉදිරියට යෑමලු.

ඉතින් ඒ වගේම සෑම ක්ෂේත්‍රයකම කැපිලි කෙටිලි කියන දේ තිබෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයටත් මේ ක්ෂේත්‍රය තුළදී කැපිලි කෙටිලි කියන දේවල් ඇතිවෙලා තිබෙනවා කියලත් ඇය කියනවා. ඉතින් හරියාකාරව ඔවුන්ගේ කාර්යය කරගෙන නිවැරැදි ගමනක් යනවා නම් කැපිලි කෙටිලි කියන දේවල් කොහෙත්ම අදාළ වන්නේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇයව කැතට පෙනෙන චරිත කරන්න ඇය හරිම ආසයිලු. මොකද ගොඩාක් සුදුවට, සුන්දරව මේක් අප් කරලා ඇයව තිරය තුළ ලස්සනට දකින බොලඳ පෙම්වතියගේ චරිත කරන්න ඇය කැමැති නැහැලු. එනිසා ඇය වැඩිපුරම කැමැති හිඟන්නියක්, මන්දමානසික තරුණියක් වැනි තරමක් වෙනස් වූ චරිත කරන්නලු. ඉතින් ඒ වගේම ඇය දැන් පෙම්වතියක්ලු. ඉතින් ඔහු රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඔහු ඇයගේ කලා කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබා දෙනවාලු. ඉතින් බොහෝ දුරට ඇයගේ විවාහය ඉක්මනින් සිදු වේවි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment