paper articles

මම වැඩිය පේන්න නොහිටියාට මගේ වැඩ තවම මම නවත්තලා නැහැ-ජනප්‍රිය ප්‍රවීණ නළු චන්න පෙරේරා

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ රංගන ශිල්පියෙක්, තිර රචකයෙක් මෙන්ම ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. කොහොම නමුත් දැන් දැන් අපට ඔහුව වැඩිපුර රූපවාහිනිය ඔස්සේ දකින්න නොලැබුනත් ඔහුගේ ජනප්‍රියත්වය වගේම ඔහුට තියන රසික ආදරය නම් තවමත් අඩුවක් වෙලා නැහැ. ඉතින් ඔහුගේ උපන් ගම තමයි බණ්ඩාරගම. ඒ වගේම ඔහුගේ පියා අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ පියසේන පෙරේරායි. කොහොම නමුත් ඔහුගේ ආදරණීය පියානන් මේ වනවිට ජීවතුන් අතර නැහැ. ඒ වගේම ඇයගේ මව විනීතා පෙරේරා නම් වෘත්තියෙන් ගුරු උපදේශිකාවක් විදිහට සේවය කරලා තියනවා. ඉතින් ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් වන චන්න අධ්‍යාපනයට ඉතාම දක්ෂ වු කෙනෙක්. ඒ වගේම ඔහුට බාල සහෝදරයන් තුන් දෙනක්ද ඉන්නවා. නමුත් ඔවුන් කිසිවෙක් කලාවට සම්බන්ධ නැහැ.

කොහොම නමුත් නොතේරෙන පොඩි කාලේ ඉඳන් චන්න පෙරේරා චිත්‍රපට බලන්න හරි කැමතියිලු. සමහර වෙලාවට ඔහු තාත්තගෙන් බැණුම් ඇහනවත් එක්කලු. මොකද කොහේ හරි ගමනක් ගියත් ඔහු කියන්නේම චිත්‍රපටයක් බලන්න යමුකො තාත්තෙ කියලාලු. කොහොම නමුත් ඔහු දහය වසරෙන් පස්සේ නාට්‍ය පැත්තට යොමු වුණාලු. ඔහු ඒ කාලේ සෝවියට් රුසියා සංගමයේ නාට්‍ය වැඩවලට සම්බන්ධ වුණා කියලත් ඔහු කියනවා. ඒ වගේම උසස් පෙළ කාලෙදි ඔහුගේ මේ උනන්දුව ටිකෙන් ටික වැඩි වුණාලු. අනික ගොඩක් අය ඔහුට ඒ වෙද්දි ඔහු නළුවෙක් වගේ කියලා කියනවාලු. ඉතින් ඔහුටත් ඕන වුණාලු චිත්‍රපට නළුවෙක් වෙන්න. ඒත් ඔහුගේ තාත්තා ඔහුගේ මේ ආශාව ගැන දැනගෙන ඉක්මනටම ඔහුව බැංකුවක රුකියාවකට යොමු කළා කියලයි ඔහු කියන්නේ. කොහොම නමුත් එහිදී ඔහුට හමුවූ මිතුරකුගේ මඟපෙන්වීම මත ඔහුට ප්‍රථම වරට චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමේ වරම හිමිවෙලා තියනවා. ඉතින් ඒ තමයි දයා විමලවීර අධ්‍යක්ෂණය කළ සුජාතා චිත්‍රපටයේ.

ඒ වගේම මේ අතරේ තමයිලු ඔහුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොලු හදවත ටෙලිනාට්‍යයට තෝරාගත්තේ 1990 දී පමණ. ඔහු වගේම තව සංගීතා වීරරත්න, රොෂාන් පිලපිටිය, රුවන්ති මංගලා කට්ටියම එලියට ආවේ මේ නාට්‍යය හරහා කියලයි ඔහු පවසන්නේ. කොහොම නමුත් ඊට පස්සේ චන්ද්‍රරත්න මාපිටිගම මහතා අධ්‍යක්ෂණය කළ පවිත්‍රා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට ඔහුට අවස්ථාව හිමි වුණාලු. ඉතින් ඒක තමයිලු ඔහුගේ පළමු ටෙලිනාට්‍ය ප්‍රධාන චරිතය. ඊට පස්සේ උදයකාන්ත වර්ණසූරියගේ එක ගෙයි කුරුල්ලෝ නාට්‍ය ඔහුට ලැබුණාලු. ඊට පස්සේ දිය සුළිය, නාලන් මෙන්ඩිස් මහත්මයාගේ සෙනෙහෙවන්තයෝ, සත්පුර වැසියෝ, සූරිය දරුවෝ වගේ නාට්‍ය එක දිගටම ජනප්‍රිය වුණා කියලත් ඔහු කියනවා. ඒ සමඟම ඔහුට නොකඩවා අවස්ථා තුනකදීම ජනප්‍රිය නළුවා සම්මානයත් හිමි වුණාලු. ඉතින් ඒ වගේම ඔහු මේ මෑතකදී ඔහුගේ පස්වැනි චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළාලු. මේ වෙද්දි අංජලිකා, කල්පාන්තේ සිහිනයක් සහ එකයි දෙකයි තුනයි චිත්‍රපට තිරගත වෙලා ඉවරයි කියලත් ඔහු කියනවා. ඒ වගේම ඉදිරියේදී යුගාත්‍රා තිරගත වීමට නියමිතයිලු. ඉතින් ඒ වගේම මේ දවස්වල සිහින අනන්තේ කියන නිර්මාණය කරමින් ඉන්නවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment