paper articles

මම මේකප් නැතුව රඟපාපු නිසා ඕනෑම කෙනෙක්ට මාව අඳුරගන්න ලේසියි-නවක සුරූපී නිලි නිපුනි ගුණවර්ධන

අපේ කළා ක්ෂේත්‍රයට එකතුවුණු දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නිපුණි පූජිත ගුණවර්ධන කියලා කියන්නේ. ඉතින් අපට ඇයව මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන නාඩගම්කරයෝ ටෙලිනාට්‍ය හරහා දැකගන්න ලැබෙනවා. ඉතින් ඒ වගේම ඇය රංගනයෙන් දායක වුනු මෙම පළමු ටෙලිනාට්‍ය හරහාම ඇය මේ වනවිටත් කාගේත් ආදරය දිනාගෙන හමාරයි. ඒ වගේම අදටත් අපේ රටේ ඉතාම ජනප්‍රිය ගීතයක් වන මෑත කාලයේ බිහිවුණු අන්සතු ඔබ ගීතයේ වීඩියෝ එක හරහාද ඇය ඉතාම ජනප්‍රිය වුණා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් අන්සතු ඔබ ගීතය ඇයගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය කුඩා කාලයේ ඉගෙන ගෙන තියෙන්නේ පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන්. ඒ වගේම ඇය මුලින්ම වෙළෙඳ දැන්වීම් එක්කයි ක්ෂේත්‍රයට එන්නේ. ඉතින් ඒ වගේම ඇයට හිතුණ දෙයක් තමයිලු රංගනය යම්කිසි හැදෑරීමක් එක්ක කරන්න ඕන කියන දේ. ඉතින් ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව බාහිර උපාධිය හදාරන්න ඇය පෙලබිලා තියනවා. දැන් ඇය දෙවැනි වසරේලු ඉගෙන ගන්නේ. ඉතින් ඇය හිතන විදිහට රංගනය හැදෑරිය යුතුම විෂයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය හරිම කැමැතියිලු ඉගෙනගන්න ගමන් නිර්මාණවලට දායක වෙන්න.

ඉතින් ඒ වගේම නාඩගම්කාරයෝ ප්‍රේක්ෂිකාවක්ලු ඇයගේ අම්මත්. ඉතින් ඇයගේ මවත් බොහොම කැමැති වුණාලු ඇය නාඩගම්කාරයෝහි චරිතයක් නිරූපණයට යනවා කියලා කිවුවම. ඉතින් දැන් ඇයට ලොකු සතුටක් තියෙනවාලු එයට සම්බන්ධ වීමට ලැබීම ගැන. ඉතින් ඒ වගේම ඇය මේ ගීතානි මිස්ගේ චරිතය ගොඩනඟන්න රජයේ සංවර්ධන නිලධාරියෙකු සමඟ කතා කළාලු ඒ අය මොනවද කරන්නේ කියලා. ඒ වගේම ඇයට මේ සඳහා නාඩගම්කාරයෝ අධ්‍යක්ෂ ඇතුළු සියලුදෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා කියලත් ඇය පවසනවා. ඉතින් ඒ වගේම ඇය කවදාවත් බයික් පැදපු කෙනෙක් නෙවෙයිලු. නමුත් ඇයට මේ චරිතයේ එය කරන්න තිබුණා. ඉතින් ඇය එය අභියෝගයක් ලෙස භාරගත්තාලු. මුල් කාලයේ එක දවසක් බයික් එක රේස් වුණා. ඉතින් ඇයට කරදරයක් වුණේ නැතත් හොඳටම බය වුණාලු ඒ වෙලාවේ.

ඉතින් ඒ වගේම දැනටනම් ඇයගේ වෘත්තීය රංගනයලු. කොහොම නමුත් රංගන ශිල්පිනියක් විදිහට වෘත්තීය හැමදාම කරගෙන යන්නත් ඇයගේ බලාපොරොත්තුවක් නැහැලු. ඇය කැමැතියිලු ගුරුවරියක් වෙලා නාට්‍ය හා රංගකලාව දරුවන්ට උගන්වන්න. ඉතින් ඒ වගේම දැන් ඇයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවාලු. අන්සතු නිසා ඇයව දැනගත් ප්‍රේක්ෂකයා පාරෙදි දැක්කත් ළඟට ඇවිත් කතා කරනවාලු. ඉතින් ඒ වගේම ඇය එහි රඟපෑවේ මේක්අප් මුකුත් නැතුව නිසා ඇයව පහසුවෙන් පාරකදි වුනත් හදුනා ගන්න පුළුවන් කියලයි ඇය කියන්නේ.

ඒ වගේම නාඩගම්කාරයෝහි ගීතානි මිස්ටත් ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවාලු. හිතුවේ නැති විදිහට ඒ චරිතය ප්‍රේක්ෂකයා අතරේ ජනප්‍රිය වෙලා තියනවා කියලයි ඇය පවසන්නේ. බොහෝ දෙනෙක් කියනවාලු ලස්සනට රඟපානවා, ඔවුන් ආසාවෙන් නරඹනවා කියලා. ඉතින් එහෙම කියද්දි ඇයට හරිම සතුටුයිලු. ඒ වගේම ඇයට දැන් බොහෝ දෙනෙක් කතා කරන්නේ ගීතානි මිස් කියලාලු. ඉතින් ඒ වගේම ඇය නාඩගම්කාරයොන්ට අමතරව තවත් එක් ටෙලිනාට්‍යයකට දායක වුණාලු. ඉදිරියේදී එය නරඹන්න හැකිවේවි කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය කැමති නැහැලු ගොඩක් කාර්යබහුල වෙන්න. ඉගෙනගන්න වැඩ කරන ගමන් නිදහසේ නිර්මාණ වැඩකරන්න කැමැතියි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment