paper articles

මම පාරේ යද්දී පුංචි ළමයි මාව දැක්කම දුවන් ඇවිත් දණගහලා වඳිනවා-ජනප්‍රිය සුරූපී නිලි නදුනි කරුණාතිලක

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නදුනි කරුණාතිලක කියලා කියන්නේ. ඉතින් අපට ඇයව මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍ය හරහා දැකගන්න ලැබෙනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් හර්ෂ උඩකන්ද මහතා අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලිනිර්මාණය දියණි ටෙලිනාට්‍යයේ ඇයගේ චරිතය පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයේ ඇය කරපු චරිතයට තරමක් සමානයි කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් දියණි ටෙලි නාට්‍යයේ මුල් කොටස් කිහිපය නරඹන කෙනෙකුට එහෙම හිතුනත්, නිර්මාණය ගලාගෙන යන කොට එම අදහස වෙනස් වෙනවා කියලත් ඇය කියනවා. මොකද ඇය දියණි ටෙලි නාට්‍යයේ චරිත ද්විත්වයක් එකවර රඟ දක්වන නිසා. ඉතින් එය ඇයට වෙනස්ම අත්දැකීමක් කියලයි ඇය කියන්නේ. ඉතින් අක්කා නංගි දෙදෙනකුගේ චරිත ද්විත්වය වටා ගලා යන කතාව හරිම සුන්දරයි කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඉස්කෝලේ කතාවේ ආලෝකා ටීචර්ට පොඩි දරුවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම මඟතොටේදී පවා ඇයව දැක්කම කුඩා දරුවන් දණ ගහලා වඳින තරමටම කුඩා දරුවන් ඇතුළු ලොකු කුඩා හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ඇයට ලැබෙනවාලු. ඒ කියන්නේ ඇත්තටම ඇය සැබෑ ජීවිතයේදීත් ගුරුවරියකගේ තත්ත්වයටම පත් වෙලා තියනවාලු. ඉතින් ඒ ගැන ඇත්තටම සතුටුයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇයත් ඇයගේ සැමියත් හොඳ තේරුම් ගැනීමකින් යුතුව තමයිලු මේ ගමන යන්නේ. ඉතින් රංගන කටයුතු සමඟ දෙදෙනාම කාර්යබහුලයි කියලත් ඇය කියනවා. නමුත් ඉතින් විවේකය ලැබෙන ආකාරයට කටයුතු සියල්ල සමබර කරගෙන, බොහොම සරලව සාමාන්‍ය ආකාරයට ජීවත් වෙනවාලු.

ඉතින් ඒ වගේම දැන් රංගනය ඇයගේ වෘත්තිය වෙලාලු තියෙන්නේ. ඒ වගේම දැන් තිබෙන රංගන වැඩකටයුතු සමඟ වෙනත් වැඩකට කාලය වෙන් කරන්නට නොහැකි වෙලා තිබෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම දීර්ඝ කාලීනව රඟපානවා කියලා අදහසක් නම් ඇයට නැහැලු. ඒ වගේම නිර්මාණ ඉල්ලගෙන යන, නිර්මාණ බලාගෙනම ඉන්න කෙනෙක් නෙවෙයිලු ඇය. කොහොම නමුත් හොඳ වැඩක් ලැබුණොත් ලැබෙන දේ කරගෙන බොහොම පාඩුවේ ජීවත් වෙනවා කියලත් ඇය කියනවා. ඒ නිසා ඉදිරියේදීත් රංගන තුළ වෘත්තිය මට්ටමින් නියැළෙනවා කියලම කියන්න අමාරුයිලු. ඉතින් ඒ වගේම ජනප්‍රියත්වය උදෙසා එහෙම ලොකුවට ඇය කිසිම දෙයක් කරන්නේ නැහැලු. රංගනය සම්බන්ධයෙන් ඇය සතුව පවතින දක්ෂතාව සහ හැකියාව මත රංගනයෙන් ඉදිරියට යා හැකි නම් එය තමයි වැදගත් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment