paper articles

මම ගොඩක් ආසයි පිස්සු හැදුනු, මන්දමානසික කෙනෙක් වෙන්න-ජනප්‍රිය සුරූපී නිලි නදුනි කරුණාතිලක

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් තමයි නදුනි කරුණාතිලක කියලා කියන්නේ.ඉතින් අපට ඇයව මේ දිනවල පුංචි තිරය ඔස්සේ ඉස්කෝලේ ටෙලිනාට්‍යයෙන් වගේම ලඟදි විකාශනය ආරම්භ කල දියණි ටෙලිනාට්‍ය හරහාද දැකගන්න ලැබෙනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයට මේ දිනවල රංගනයෙන් දායක වෙන ‘දියණි’ ටෙලි නිර්මාණය හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න හැකිවෙලා තියෙනවා කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම එහි ඇය ද්විත්ව චරිතයක් තමයි නිරූපනයක් කරන්නේ. ඉතින් ලැබෙන ප්‍රතිචාරවලින් රංගනය සාර්ථකයි කියලා ඇයට හිතනවාලු. ඒ වගේම ඒ ගැන ලොකු සතුටක් තියෙනවා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඇයට කරන්න පුළුවන් කියලා හිතෙන ඕනෑම චරිතයක් කරන්න ඇය සූදානම් කියලත් ඇය කියනවා. ඒ වගේම රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකුට ඕනෑම චරිතයක් අභියෝගයක් භාර ගන්න හැකි වෙන්න ඕනෑලු. ඉතින් ඇයත් එකම රාමුවක කොටු නොවී විවිධාකාර චරිත රංගනයන්ට යන්න ආසයිලු. ඒ වගේම ඇය ආසයිලු දුෂ්කර ගමක ජීවත් වෙන දුප්පත් අහිංසක තරුණියකගේ චරිතයක් කරන්න. ඒ වගේම වෙනම විදියකට ආරූඪ වෙන්න පුළුවන් පිස්සු චරිත, මන්ද මානසිකත්වයෙන් පෙළෙන චරිතයක් වගේ කරන්නත් ඇය ගොඩක් කැමතියිලු. ඉතින් එවැනි චරිත රංගනයක් ලැබුණාත් ඇය ඉතා කැමැත්තෙන් එය භාර ගන්නවාලු.

ඉතින් ඒ වගේම ඇය මුලින්ම කළා ක්ෂේත්‍රයට ආවේ බ්‍රයිඩ්ල් මොඩල් කෙනෙක් විදියටලු. නමුත් ඇය රංගනයට අවතීර්ණ වුණාට පස්සෙ ඒ පැත්ත ටිකක් මඟ ඇරුණාලු. මොකද දැන් කාලය කළමණාකරනය කරගන්න ටිකක් අමාරු නිසා. නමුත් සංගීතය පැත්තෙන් නම් ඇයට ගීත නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවාලු. මොකද ඇය ගොඩක් කැමතියිලු ගායනයට. ඒ නිසා මේ අවුරුද්දෙ කොහොම හරි ඇයගේම ගීත නිර්මාණයක් එළිදක්වන්න ඕනෑ කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ප්‍රේක්ෂක ආදරය කියන දේ මාරම දෙයක් කියලත් ඇය කියනවා. ඇය කොහේ ගියත් දැන හඳුනගෙන කතාබහ කරන අය ඉන්නවාලු. ඉතින් ඒ ලැබෙන සතුට වෙනත් කිසිම දේකින් ලබා ගන්න බැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment