paper articles

මම කුරුසය කරේ තබාගත් මොහොතේම මගේ නළුකම අහෝසි වුණා-ජනප්‍රිය නළු ජෙහාන්

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි කියලා කියන්නේ. ඉතින් ඔහු ගැන මේ දිනවල අපේ රටේ අතිශයින් කතා බහට ලක්වෙනවා. ඉතින් ඒ ඔහු අරගලයට ලබා දෙන සහයෝගය නිසයි. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ මොහොතේ රටේ සමස්ත ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මිනිසුන් බවට පත් වෙලා තියනවා කියලයි ඔහු කියන්නේ. එතැනදි තමන් අරගල කළ යුත්තේ කොයි ආකාරයටද, තම අරගලය තිබිය යුත්තේ කොතැනද යන වග දැන් බොහෝ දෙනෙකුට පට්ට විධියට පැහැදිලියි කියලත් ඔහු කියනවා. ඉතින් ඒ වගේම මෙහිදී ඔහු කලාකරුවෙක් කියන වචනයට වැඩිය මනුෂ්‍යයෙක් යැයි හඳුන්වන්න ඔහු ගොඩක් කැමැතියිලු.

ඉතින් ඒ වගේම මෙතරම් ව්‍යසනයක් සිදුව ඇති මොහොතක සංස්කෘතිකව අරගල කරන්නේ කොහොමද යන කාරණාව තුළ හිඳිමිනුයිලු ඔහු මේ සියල්ල සිදු කළේ. ඉතින් එදා පාර්ලිමේන්තුව ළඟ ඉදලා ගෝල්ෆේස් පිටියටත් එතැන ඉඳන් ඔහු කුරුසයක් කර තබාගෙන රැගෙන ආ දිගු ගමන තුළ තිබෙන්නේ ඔහු තනිවම සිදු කළ දෙයක් නොවෙයිලු. එතැනදි විශේෂයෙන් බේකරිය නිදහස් අවකාශයේ පිරිස සහ ඔහුගේ හිත මිතුරන් ඇතුළු බොහෝ පිරිසක් ඔහු වටා සිටියා කියලත් ඔහු මතක් කරනවා. ඉතින් එලෙසින් ඔවුන් කළ බොහෝ දේ මිනිසුන්ට දැනිලා තිබෙනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම මේ සියල්ල ඔහු සංස්කෘතික මිනිහෙක් කියන කාරණාව තුළ හිඳිමින් කළ දේවල් කියලත් ඔහු කියනවා.

ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත්වීමට පාස්කු ප්‍රහාරය බොහෝ සෙයින් බලපෑවා කියලත් ඔහු කියනවා. එදා මේ ආණ්ඩුව රට භාර ගත්තේ එම ගැටලු සියල්ලටම අනිවාර්ය පිළිතුරක් ලබාදෙන පොරොන්දුව මත කියලත් ඔහු මතක් කරනවා. ඉතින් පල්ලිවල නිකම්ම බෝම්බ පිපිරෙන්නත්, අහේතුකව මිනිසුන්ව මරන්නත් බැහැ. මෙහි කුමක් හෝ යටි අරමුණක් තිබිය යුතුයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම පාස්කු ප්‍රහාරය සිදුවී දැන් අවුරුදු 3ක් වෙනවා. නමුත් තවම නිසි පිළිතුරක් නැහැ කියලත් ඔහු කියනවා. ඒ සම්බන්ධව ප්‍රශ්න කළ සිරිල් ගාමිණි පියතුමන්ව පවා 4 වැනි තට්ටුවට ගෙන ගියාලු. ඒ වගේම පල්ලියෙන්ම බෝම්බ තබා ගත්තා වගේ කතන්දරයක් කියන්න තමයිලු අවසානයේදී උත්සාහ කළේ. ඉතින් මේ අසරණ ජනතාවට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි කියලයි ඔහු කියන්නේ. හලාවතදි ඔහු පාස්කු නාට්‍යවල රඟපාමින් වේදිකාව මත කුරුසය කර තබාගෙන ගොස් තිබෙනවාලු. නමුත් එතැනදි ඔහු නිරූපණ ශිල්පියෙක් පමණයි කියලත් ඔහු කියනවා. ඒ වගේම ජීසස්ගේ චරිතය ගැන ලොවට කියාපෑමේ වගකීමත් ඔහුට තිබෙනවා කියලයි ඔහු කියන්නේ. එහිදී ඔහු මෙම ගැටලුව තුළ එය ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොමද කියන දේ කල්පනා කළාලු. ඉතින් අවුරුදු 03කට පෙර සිදුවූ ගැටලුව හමුවේ ඔහුද නොසෑහෙන ලෙසින් මානසිකව පීඩා වින්දා කියලත් ඔහු කියනවා. ඉතින් මේ ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කරමින්, වැරදිකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි කියලයි ඔහු කියන්නේ.

ඉතින් ඒ අනුව කටුවාපිටිය පල්ලියේ ස්වාමීන්, ගරු සිරිල් ගාමිණි පියතුමන්ව සහ සුනිල් කොස්තා මහත්මයා ආදී කිහිපදෙනෙක්ම දැනුවත් කරලා ඔහු ගමන පටන් ගත්තා කියලයි ඔහු කියන්නේ. නමුත් එය සිතුවට වඩා අපහසු වුණාලු. ඉතින් ඒ තුළ සැබවින්ම මේ රටේ අර්බුදයක් ඇති බව බහුතරයකට තේරුම් ගියා කියලත් ඔහු කියනවා. ඇතැමුන් මෙය කලාව තුළ සිදුකළ අරගලයක් විධියටත් දකිනවාලු. කුරුසය සහ ජීසස් කියන්නේ ලෙහෙසි පහසු සංකේතයක් සහ පුද්ගලයෙක් නොවේ කියලත් ඔහු කියනවා. ජීසස් යනු දෙවියන් වහන්සේගේ පුත්‍රයා වුවත්, සැබවින්ම ඔහු අරගලකාරයෙක් කියලත් ඔහු කියනවා. ඉතින් ඔහු විශ්වාස කරන පරිදි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි එම අරගලකරුවා වන උන්වහන්සේ සිදුකළ සේවයෙන් දශමයක් හෝ ඔහුට සිදුකරන්නට හැකි වුණා නම් එය තමයි වැදගත් කියලයි ඔහු කියන්නේ. ඉතින් මේ සෑම කාර්යයක් තුළම තිබුණේ ආගමකට වඩා සැබැවින්ම මේ මජර දේශපාලනය සංස්කෘතිය තුළ රටට සාධාරණයක් විය යුතුයි සහ ඔවුන්ට ශාප විය යුතුයි කියන කාරණාව පමණයිලු.

ඉතින් ඒ වගේම ඔහු කුරුසය කර තබා ගත් මොහොතේම ඔහු නළුවෙක් කියන දේ අහෝසි වුණා කියලයි ඔහු කියන්නේ. ඉතින් එතරම්ම මෙම අවස්ථාව ප්‍රබල වුණාලු. මිනිසුන් ඔහුව වැලඳගෙන හඬන එක, දුක බෙදා හදා ගන්න එක ඔහු සිතන විධියට බොහොම කලාතුරකින් සිදුවන දෙයක් කියලයි ඔහු කියන්නේ. ඒ වගේම මේ කුරුසය කිලෝ 50-60ක් පමණ බරයිලු. ඒ වගේම කිලෝමීටර් 40කට ආසන්න ප්‍රමාණයක් ඔහු පයින් ඇවිදගෙන ආවා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ තුළ ඇතිවූ අපහසුතා එමටයිලු. නමුත් මේ ගමන ඔහු අත්හැරියේ නැහැ කියලයි ඔහු කියන්නේ. පාස්කු දින ප්‍රහාරය කියන්නේ කොන්ත්‍රාත්තුවක් මත අහිංසක මිනිසුන් ඝාතනය වීමක් බව අපේ රටේ මිනිසුන්ට දනවන්නට ඔහුට අවශ්‍ය්‍ය වුණාලු. ඉතින් ඔහු සිතනවා එය සාර්ථක වුණා කියලා. ඒ වගේම ඔහුට මහපොළොවේ ජීවත් වන මිනිසුන්ගෙන් ඒ ලැබුණු හැඟීම් සමුදාය ඕනවටත් වඩා වැඩියෙන් ලැබුණා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment