paper articles

මම ඉඩම් දන් දුන්නේ ලෝකෙට පේන්නවත්, දේශපාලනයට එන්නවත් නෙවෙයි-ජනප්‍රිය කඩවසම් නළු විශ්ව කොඩිකාර

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර කියලා කියන්නේ. ඉතින් අපට ඔහුව මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයෙන් වගේම බන්ධනා ටෙලිනාට්‍ය තුලින් දැකගන්න ලැබෙනවා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ඔහු රංගන ක්ෂේත්‍රයට ආවේ 2007 වසරේදීලු. ඉතින් එදා ඉඳලාම අද දක්වාම ඔහුගේ වෘත්තිය වී තිබෙන්නේ නළුකම කියලත් ඔහු කියනවා. ඉතින් ඒ වගේම ඔහු උසස් පෙළ හොඳින් සමත් වුණත් කැම්පස් යන්න ඒතරම් උනන්දු වුණේ නැහැලු. ඔහුට ඒ කාලේ ඉදන්ම වුවමනා වෙලා තිබුණ කලා ක්ෂේත්‍රයට පැමිණීමලු.

ඉතින් ඒ වගේම සැබෑ ජීවිතයේදී ඔවුන්ට රඟපාන්න බැහැ කියලත් ඔහු කියනවා. ඉතින් ඒ වගේම සැමියකු පියකු විදිහට ඔහු අද හරි සතුටු වන කෙනෙක්ලු. ඔහුගේ දියණියට අවුරුදු 7ක් වෙනවාලු. පුතාට අවුරුදු 6ක් වෙනවාලු. ඉතින් ඒ දරු දෙදෙනාගේ ආඩම්බර තාත්තා ඔහු කියලයි ඔහු කියන්නේ. ඉතින් එයාලාගෙ වැඩ කටයුතුත් කරගෙන ඔහුත් බිරිඳත් බොහෝම සන්තෝෂයෙන් කාලය ගත කරමින් ඉන්නවාලු. ඉතින් ඒ වගේම දරු දෙදෙනාගේ වැඩත් කරගෙන හරිම සතුටින් ඔවුන් ජීවිතය ගත කරනවා කියලත් ඔහු පවසනවා. ඉතින් මේ විදිහටම ඉදිරියටත් සතුටින් ජීවිතය ගෙවීමට තමයිලු ඔවුන් හතර දෙනාම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේම ලැබෙන දේ නිවැරැදිව කළමනාකරණය කරගෙන ඔවුන් සතුටින් ජීවත් වෙනවාලු. ඉතින් ඒ වගේම ඔහුගේ එකම පරමාර්ථය දරු දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් යමක් ඉටු කිරීමට උත්සාහ ගැනීමලු. ඒ වගේම ඔහුගේ බිරිඳ එරන්දි සහ ඔහු හරිම සරල විදිහටලු ජිවත් වෙන්නේ. ඒ නිසා ජීවිතය හරි පහසුයි කියලයි ඔහු කියන්නේ.

ඉතින් ඒ වගේම ඔහු දේශපාලනයට එනවා ද, එන්න කැමැතිද, කැමැත්තෙන් ඉන්නවාද කියලා ඔහුගෙන් බොහෝ දෙනෙක් ඔහුගෙන් ඇහුවාලු. ඉතින් ඔහු ඔහුගේ උපන්දිනයදාට ඉඩකඩම් එහෙම දන් දෙද්දී බොහෝ දෙනා හිතුවේ එහි යටි අරමුණ දේශපාලනය කියලලු. ඉතින් ඇත්තම කිව්වොත් එදා ඔහුට දේශපාලනයට ඒමේ කැමැත්තක් තිබුනෙත් නැහැලු. අද කැමැත්තකුත් නැහැ කියලයි ඔහු කියන්නේ. අනෙක ඔහුගේ තියෙන ලොකුම අඩුපාඩුව එකවර වැඩ දෙකක් කරගෙන යාමට බැරිකම කියලත් ඔහු කියනවා. එක්කෝ නළුකම, නැත්නම් වෙනත් රස්සාවක්ලු. ඉතින් ඒ දෙකෙන් එකයිලු ඔහට කරන්න පුළුවන්. ඉතින් ඔහුගේ ජීවිතේ ඔහු ආසම කරන ගෞරව කරන වෘත්තිය තමයිලු රංගනය. ඔහුව ප්‍රේක්ෂකයා හඳුනා ගත්තේ, මේ රටේ මිනිස්සු අතරට ගියේ රංගනය නිසා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ දේ කරගෙන හොඳ නිර්මාණකරුවකු වෙලා මිනිසුන් අතර ජනප්‍රසාදයට පත්වීමේ අරමුණ තමයිලු ඔහුට තියෙන්නේ.

ඉතින් ඒ වගේම සෑම උපන්දින දවසකදීම ඔහුට ඕනෑ වුණේ පාටි, උත්සව ගන්න නෙවෙයිලු. යමක් දන් දෙන්නලු. ඒ අනුව තමයිලු ඔහු පවුල් කිහිපයකටත්, පන්සලටත් ඒ ඉඩකඩම් හැකි විදිහට බෙදලා දුන්නේ. ඉතින් ඒ වගේම කුඩා කාලයේ ඉඳලාම ඔහු පුරුදු වෙලා හිටියේයෙ උපන්දිනය දවසට අනාථ නිවාසවලට ගිහින් දානයක් දෙන්න වගේ දේවලටලු. එක්කෝ දළදා මාලිගයේ ඉන්න, නැත්නම් ජයශ්‍රී මහා බෝ සමිඳු වැඳ ගන්න, නැත්නම් කිරි වෙහෙරට යන්නලු. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔහු ලැබුවේ ලොකු තෘප්තියක්ලු. ඔහුට පිනක් කරගෙන තව කෙනකුගේ බඩ කට පුරවන යමක් කරන්න පුළුවන් නම් ඒක තමයිලු ඔහුගේ උපන්දින අරමුණ. ඉතින් ඒ දේවල් කාටවත් පෙනෙන්නට කරන දේවල් නෙවෙයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුණා.

Leave a Comment