paper articles

මම ආයෙත් රඟපාන්නේ ඒ ලෙවල් ලියලා ඉවර වෙලා තමයි-ජනප්‍රිය සුරූපී නිලි ටාෂියා කාලිදාස

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ටාෂියා කාලිදාස කියලා කියන්නේ.ඉතින් ඒ වගේම පහුගිය කාලයේ ජාත්‍යන්තරයට ගිය අපේ රටේ රංගන ශිලිනියක් විදිහට හැදින්වූ ඇය ගැන දැන් නැවතත් කතා බහක් ඇති වෙලා තියෙන්නේ හැපී බර්ත්ඩේ සිනමා පටයේ ඇය රංගනයෙන් දායක වන චරිතය නිසයි. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක ඇය සම්බන්ද වෙලා තිබුණා. ඉතින් හැපී බර්ත්ඩේ කියන්නේ ඇයගේ ප්‍රථම චිත්‍රපට රංගනයලු. ඒ නිසා ඇයගේ රංගන දිවියේ හැපි බර්ස් ඩේ එකක් විදියට මේ චිත්‍රපටය නම් කරන්න පුළුවනි කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇයගේ උපන්දිනය යෙදී තිබුණුදාට සතියකට විතර පස්සෙලු මේ චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගත්තෙ. ඉතින් ඒ වගේම මෙම චිත්‍රපටයේ ඇයගේ චරිතයේ නම නතාලියාලු. ඉතින් චිත්‍රපටයේ විදිහට ඇය එන්නේ එංගලන්තයේ ඉඳලාලු. ඊට පස්සේ අම්මයි, නංගියි එක්ක එක් රාත්‍රියක සොරුන් පිරිසකට මැදිව මුහුණ දෙන සිදුවීමක් චිත්‍රපටය පුරා විකාශය වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ඇය සටන් ක්‍රම මුකුත් දන්නෙ නැහැලු, ඉතින් මේ චිත්‍රපටයේ රූගත කිර්ම සිදුවුණේ රාත්‍රී කාලයේ දීලු. ඉතින් දහවල් කාලයේ දී මෙම සටන් ජවනිකා පුහුණුවට ආත්මාරක්ෂක සටන් කලා ගුරුවරයෙක් ඇවිත් ඔවුන්ට කියාදීම් සිදුකළාලු.

ඉතින් ඒ වගේම මෙහි රූගත කිරීම් කරද්දී අමතක නොවෙන සිදුවීම් ගොඩක් සිද්ද වුනාලු. එක අවස්ථාවක සුරංගා අක්කා එක්ක ඇයට ගහගන්න තිබුණාලු. ඒ අවස්ථාවේදි ඇයගේ කරාබුව පැටලිලා කනෙන් ලේ ගැලුවාලු. තවත් දර්ශනයක රූගත කිරීමකදී සූර්යාට ඇයගේ කනට ගහන්න තිබුණාලු. ඉතින් එයා ගැසූ පහරේ සැරට කන තුවාල වෙලා ලේ ගැලුවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ සිදුවීම ඇයට කවදාවත් අමතක වෙන්නෙ නැහැලු. ඉතින් ඒ වගේම දිල්හානි වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියක් චිත්‍රපටයේ ඇයගේ අම්මා වීමම ඇය ලැබූ ලොකු භාග්‍යයක් කියලයි ඇය කියන්නේ. දිල්හානි නිතරම ඇයව අගය කළාලු. රූගත කිරීම්වලට පෙර දර්ශන තලයේ සිටිය දී, දිල්හානි ඇය ළඟින් යනකොට ‘ආ ඔන්න අපේ ස්ටර්’ කියලා ඇයව දිරි ගැන්වූවාලු. ඉතින් ඇයට ගොඩාක් ආඩම්බරයි කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇයට ඒ ලෙවල් ලියන්න තියෙන්නේ ඊළඟ අවුරුද්දේලු. ඉතින් එහෙමයි කියලා මහා ලොකුවට ඇය විභාගයට මහන්සි වෙන්නෙ නැහැලු. ඒ ලෙවල් හොඳට කිරීම තමයිලු අරමුණ. ඉතින් ඒ වගේම ඇය ඒ ලෙවල් කරන්නේ භාෂා අංශයෙන්ලු. ඉතින් ඒ වගේම ඒ ලෙවල් වලින් පස්සේ ඇය ගුවන් සේවිකාවක වීමට බලාපොරොත්තු වෙනවාලු. ඉතින් ඒ වගේම මේ දිනවල ඇය තාවකාලිකව රඟපෑම්වලින් ඉවත් වෙලාලු ඉන්නෙ. ඒ ලෙවල් විභාගය ඉවරවුණාට පස්සෙ තමයිලු ආයෙත් සුපුරුදු පරිදි රඟපෑමට එන්නේ. ඉතින් ඒ වගේම ඇය හොල්මන් වලට පොඩ්ඩක්වත් බය නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment