paper articles

මම අවුරුදු 13 වෙනකම් හිටියේ කොල්ලෙක් වගේ, කන විද්දෙත් 13වන උපන්දිනේ දවසේ-ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි රයිනි චාරුකා ගුණතිලක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම රටක් ආදරය කරන ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක මහතාගේ සහ ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ ආදරණීය වැඩිමල් දියණිය තමයි ඇය. ඉතින් දෙමව්පිය උරුමයෙන්ම කුඩා කාලයේ පටන්ම ගායන හැකියාවෙන් කළා ක්ෂේත්‍රය තුල සාර්ථක ගමනක් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමඟ එකතුවෙලා ඇයගේ විලාසිතා ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය හරිම ආසයිලු ඇයට ගැළපෙන විදිහට විලාසිතා කරන්න. ඒ වගේම ඇය ආස නම් ඇයට ගැළපෙනවා නම් ඇය ඕනෑම විලාසිතාවක් කරනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය කරන විලාසිතාව ගැන බාහිර පාර්ශවයක් කියන්නේ මොනවාද, ඇයව කොයි විදිහට දකියිද කියන එක නම් ඇය කවදාවත් හිතන්නේ නැහැලු. ඉතින් ඒ වගේ කරුණු ඇයට අදාළත් නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ නිසාම ඇය විලාසිතා කිරීමේදී මූලික තැන දෙන්නේ ඇයගේ ආසාවටම විතරයිලු.

ඉතින් ඒ වගේම ෆැෂන් කියන්නේ බොඩි එක ඩෙකරේට් කරන දෙයක් විදිහටලු ඇය දකින්නේ. ඒ වගේම ඇය තරුණම කාලයේ කොටට ඇඳුමක් ඇන්දහම ගොඩක් ලස්සනයි කියල හිතුනාට වයසින් වැඩි වෙනකොට හිතෙනවාලු ශරීරයට ගැලපෙන විදිහට වටිනාකමක් ලැබෙන විදියට විලාසිතා කරන්න ඕනේ කියලා. ඉතින් වයසත් එක්ක සමහර වෙලාවට හිතෙනවාලු ඇයට සමහර විලාසිතා ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේම රූපවාහිනී වැඩසටහන් වලට, මියුසිකල් ෂෝ වලට සහභාගි වෙනකොට තද පාට, දිලිසෙන ලස්සන ලස්සන ඇඳුම් අඳින්න ඇය ගොඩක් ආසයිලු. ඉතින් එහෙම ඇඳුම් තෝරන කොට කලු පාටට තමයිලු ඇයට වැඩිපුරම හිත යන්නේ. නමුත් දැන් දැන් ඇය සුදු පාට ඇඳුනුත් තෝරා ගන්නවාලු. සුදු පාට ඇඳුම් වලට ඇඟ තවත් මහතට පෙනෙයි කියලා හිතලා තමයිලු ඇය ලා පාට ඇඳුම් අඳින එක පොඩ්ඩක් සීමා කළේ. ඒත් මොන ඇඳුම ඇන්දත් මම ලස්සනයි කියලා හිතුවොත් කොයි ඇඳුමටත් ඇය ලස්සනයි කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඇයට අද ලැබිලා තියෙන හැමදේම දෙවියන් වහන්සේන්ගේ කැමැත්තට අනුව ලැබිලා තියෙන දේවල් කියලයි ඇය කියන්නේ. ඇයගේ ශරීරයේ හැඩය, ඇයගේ ශරීරයේ පාට මේ හැමදේම ඇයට උරුම දේවල් කියලත් ඇය කියනවා. ඉතින් ඒ ලැබුණු දේට ගැලපෙන විදිහට විලාසිතා තෝරා ගන්නවා ඇරෙන්න ඒ වෙනුවෙන් ලොකු ලොකු දේවල් කරන්න ඇයට අවශ්‍ය නැහැලු. ඒ නිසා කෙට්ටු ශර්රයක් තිබුණා නම් ඇය මීට වඩා ලස්සනට විලාසිතා කරනවා කියලා නම් ඇයට කවදාවත් හිතිලා නැහැලු. ඉතින් ඒ වගේම බ්‍රැන්ඩඩ් ඇඳුම් අඳින්න ඕනේ, මිල වැඩිම ඇඳුම් අඳින්න ඕනේ කියලා මානසික මට්ටමක් ඇයට නැහැලු. ඇය අවුරුදු 17ක් ඇමෙරිකාවේ ජීවත් වුණා වුණත් අදටත් ඇය ඇඳුම් පැලඳුම් තෝරා ගන්නේ ගැලපීම අනුව කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම ඇය ළඟ තියෙන ඇඳුම් ගොඩක් මිලෙන් අඩු ඒවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ඇය අවුරුදු දහතුනක් වෙනකම්ම හිටියේ කොල්ල වගේලු. ඇයගේ කන වින්දෙත් දහතුන් වන උපන් දිනෙන්ට තෑග්ගක් විදිහටලු. ඒත් ඇයගේ තාත්තට හොරෙන්ලු අම්මා කන විදින එක්කගෙන ගියේ. ඇයගේ තාත්තා කැමති වෙලා තිබුනේ ඇය කොල්ලෙක් වගේ ඉන්නවටලු. ඒකලු කන විදින්නත් දීලා නැත්තේ. ඒ වගේම පුංචි කාලෙදි කොල්ලෙක් වගේ දඟ නිසා ගවුම් අන්දලා තියන්න බැරි වෙලා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment