paper articles

මට රන්ජන්ගේ නංගි විදිහට රඟපාන්න ලැබීමත් ලොකු වාසනාවක්, ඔහු හොඳ හදවතක් තියන කෙනෙක්-ජනප්‍රිය නිලි චතු රාජපක්ෂ

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි චතු රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් මේ දිනවල ඇය බන්ධනා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයෙන් වගේම මේ මාසයේ තිරගත වීමට නියමිත ද ගේම් චිත්‍රපටයේ චරිතයක් හරහාද ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය මේ දවස්වල හැමදාම වගේ සතුටින් හොඳින් කාලය ගත කරනවාලු. ඒ වගේම අලුතින් වැඩ කීපයක් ආරම්භ කළා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ අතර මේ දිනවල විකාශය කෙරෙන බන්ධනා සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙ සුසුම් රතියාදුව, ගයාන් ඉන්දිකගෙ නිහඩ ගිර, චනික පෙරේරාගේ පස් කියන ඩ්‍රාමා එකෙත් වැඩ ඉවර කළා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒවා විකාශයට නියමිතයිලු. ඒ වගේම රංගන ජීවිතයේ ඇය රංගනයෙන් දායක වුනු බන්ධනා කතාවේ වගේ වින්ද චරිතයක් ලැබූ පළමු අවස්ථාවලු මේක. ඉතින් හරිම සතුටුයි කියලයි ඇය කියන්නේ. ඉතින් මේ වන විටත් සීමිත කොටස් කිහිපයක් විකාශය වුනත් ලැබෙන ප්‍රතිචාර නම් ඉතා ඉහළයි කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ගේම් කියන්නේ ඇයගේ තෙවන චිත්‍රපට අත්දැකීමලු. ඇය මේ දක්වා චිත්‍රපට තුනක රඟපාලා තියෙනවාලු. ඉතින් එයින් මුලින් තිරගත වන්නේ ‘ද ගේම්’ චිත්‍රපටය කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම මේ චිත්‍රපටයේ රිදී තිරයේ සුපිරි තරුව රන්ජන් රාමනායකගේ නංගි ලෙස රඟපාන්න ලැබීමත් වාසනාවක් කියලයි ඇය කියන්නේ. පුංචි කාලයේදී ඇය ගෙදර අය එක්ක ෆිල්ම් එකක් බලන්න ගියාම රිදී තිරයෙ දැකපු වීරයා රන්ජන්ලු. ඒ වගේ ප්‍රවීනයකු එක්ක රඟපාන්න ලැබීම, ඔහු සමග ළඟම චරිතයක් ලැබීම පුදුම වාසනාවක් කියලයි ඇය කියන්නේ. ඉතින් මේ අවස්ථාවේ රන්ජනුත් ඔවුන් එක්ක හිටියා නම් පුදුම සතුටක් දැනේවි කියලයි ඇය කියන්නේ. ඔහු ඇයගේ හොඳ සහෝදරයෙක් වගේ කියලත් ඇය කියනවා. ඉතින් ඇය දැකපු දැකපු ඉතාම හොඳ ගතිගුණ තියෙන, හොඳ හදවතක් තියෙන මිනිහෙක්ලු ඔහු. ඉතින් ළඟදීම ද ගේම් චිත්‍රපටයේ ටීම් එක ඔහුගේ සැප දුක් විමසන්නත් යන්නලු හිතාගෙන ඉන්නෙ. ඉතින් ඒ වගේම රන්ජන්ට ඉක්මණින් නිදහස ලැබී ඔවුන් එක්ක ෆිල්ම් එකත් නරඹන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment