paper articles

මට ගැලපෙන චරිතයක් ලැබුනොත් මම අනිවාර්යයෙන්ම රංගනයට එනවා-ජනප්‍රිය සුරූපී ගායිකා කාංචනා අනුරාධි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී ගායන ශිල්පිනියක් තමයි කාංචනා අනුරාධි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර මහතා විසින් ගායනා කල කරකාර බදින්නට කාලේ හොඳ ගීතය අද වන විට අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන්න ඇය විසින් නැවත ප්‍රතිනිර්මාණයක් විදිහට ගායනා කිරීමත් සමඟයි. කොහොම නමුත් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට තවම අවුරුදු 23ක් නිසා ඇය හිතනවාලු තව කල් තියෙනවා කියලා කරකාර බඳින්න. ඉතින් කරාකාර බදින්නට කාලේ හොඳා කියලා හිතුණ දවසට ඇය බඳිනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ඇයට හිතාගන්න බැරි විදියට අති විශාල ප්‍රතිචාරයක් ලැබෙනවාලු මේ වෙද්දී. ඒ වගේම ගොඩක් දෙනෙක් ඇයට කතා කරලා අහන්නේ කරකාර බඳින්නේ කවදද, කියලා තමයිලු. ඉතින් ඒ වගේම ඇය මේ ගීතය බොහොම ආදරයෙන් ගෞරවයෙන් ගායනා කළේ උපාලි කන්නංගර මහත්මයාට ගෞරවයක් විදියටලු. ඉතින් ඒ වගේම ඇය මුලින්ම කවර්ස් කරපු කෙනෙක් නෙමෙයිලු. ඇයගේම නිර්මාණවලින් තමයිලු ඇය එළියට ආවේ. ඒ වගේම ඇයව ගොඩක් දෙනෙක් හඳුනගත්තේ සිරස නාළිකාවේ විකාශය වුණු 16+ සංගීත වැඩසටහන තුළින් කියලත් ඇය කියනවා. ඒ අතරේ ඇය කරපු ගීත නිර්මාණවලට ගොඩක් ප්‍රතිචාර තිබුණාලු. ඉතින් ඇයගේ අකීකරු පෙම් කතාවක්, කාලි, දැනෙන තුරු මා, උදුරාවි, මාවෙතේ එන්න, නාදෙන් ආදී ගීත නිර්මාණ ගොඩක් දෙනෙක් ආදරෙන් වැළඳගෙන තිබුණා.

ඉතින් ඒ වගේම ඇය ලොකු වෙනසක් අරගෙන නිර්මාණ කාර්යයකදී හොඳ දෙයක් කරන්න ගොඩක් උත්සහ කරනවාලු. හඬ, නද, පද හැමදේම ගැන ගොඩක් හිතනවාලු. ඉතින් ඉදිරියටත් ඇයට පුළුවන් උපරීමේ ඇයගේ දායකත්වය මේ ක්ෂේස්ත්‍රයට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවාලු. ඉතින් ඒ වගේම ඇයගේ ගායන හැකියාව ඇයට පුංචි කාලෙදිම දැනුණාලු. ඊට පස්සෙ ඒ හැකියාව වර්ධනය කරගන්න කටහඩ පුහුණුවීම් කළා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය තනියෙන් හැම ශෛලියකම ගීත ගායනා කරන්න ඉගෙන ගත්තාලු. O/L සහ A/L වලටත් ඇය සංගීතය තමයිලු කළේ. එතැනින් පසුව ඇය වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවෙත් සංගීතය පැත්තෙන් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය මේ වෙද්දි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත විද්‍යාව උපාධිය විදියට ඉගෙන ගන්නවාලු. ඉතින් මේ හැමදේම ලොකු ශක්තියක් වුණාලු ඇයගේ මේ ගමනට.

ඉතින් ඒ වගේම ඇය පොඩි කාලෙදි නර්තනය හැදෑරුවාලු. ඉතින් ඒ පහතරට නර්තනයලු. නමුත් සංගීතයටත් ඒ සමානව සම්බන්ධ වුණාලු. ඒ වගේම ඇය පාසලේ නාට්‍ය හා රංග කලාවත් කළාලු. නමුත් ඇයගේ නර්තනයට ගොඩක් දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇයට මේ වෙද්දී රංගනයටත් ආරාධනා කිහිපයක්ම ලැබිලා තියෙනවාලු. ඉතින් ඒ පුංචි තිරයට, රිදී තිරයට දෙකටම කියලත් ඇය කියනවා. නමුත් ගායනය තමයිලු ඇයගේ ජීවිතේ. ඒක තමයිලු ඇයගේ එකම සැනසිල්ල. ඉතින් ඒ වගේම ඇයගේ නිර්මාණ තුළ ඇය රංගනයෙන් දායක වෙනවාලු. ඒ ඇරෙන්න ඇය තවම තීරණය කරලා නැහැලු රංගන ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයට එනවද? නැද්ද? කියලා. නමුත් ඇයට ගැළපෙන විදියේ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම ජීවිතේට ලබාගන්න කැමැත්තෙන් ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment