paper articles

මගේ ශරීරය කැත වෙනවා කියලා මම පුතාට කිරි නොදී ඉන්නේ නැහැ-ජනප්‍රිය සුරූපී නිලි චමත්කා ලක්මිණි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි චමත්කා ලක්මිණි කියලා කියන්නේ. ඉතින් නිරූපණ ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයට ඇවිත් පසුව ඇය රඟපෑ පළවෙනි සිනමා නිර්මාණයෙන්ම බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගන්නට ඇය සමත් වුණා. ඉතින් ඇය රංගනයෙන් දායක වුනු හුස්ම සිනමාපටයේ ආන්දෝලනාත්මක චරිතය නිසා ඇය බොහෝ දෙනා අතර කතා බහට ලක්වුණා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය මේ දවස්වල Black pool කියන ටෙලි නිර්මාණයේ වැඩ කරගෙන යනවාලු. හැබැයි ඇය හිටියේ ටෙලි නිර්මාණ කරන්නේ නැහැ කියන මතයකලු. ඉතින් මේක ලස්සන වැඩක් කියලයි ඇය කියන්නේ. ගුප්ත ස්වභාවයක්ලු එහි තියෙන්නේ. ඒ පිටපතට ආස හිතිලා තමයිලු ඇය එහි වැඩ බාරගත්තේ. නමුත් එය පොදු රූපවාහිනී මාධ්‍යය තුළ නෙවෙයිලු විකාශය වෙන්නේ. පියෝ ටීවී සහ ඩයලොග් ටීවී නාළිකාවල පමණයිලු එය විකාශනය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ නිර්මාණය ගැන තවම සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා නැහැ කියලයි ඇය කියන්නේ. හැබැයි ඇය මෙගා නාට්‍යය වලට නම් කොහොමත් සම්බන්ධ වෙන්නේ නැහැලු.

ඉතින් ඒ වගේම ඇය ආසයිලු එක නිර්මාණයක් කරලා ඒ ගැන මිනිසුන්ට කතාවෙන්න ඉඩ දීලා, ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර සියල්ල හොඳින් බාර අරගෙන ඊළඟ වැඩේදී වෙනස්ම විදියකට ප්‍රේක්ෂකයින් වෙත එන්න. ඒ තුළ ඇය ස්වයං වින්දනයක් ලබනවාලු. ඒ නිසා තමයිලු හැම තිස්සෙම ඇයව පේන්නත් නැත්තේ. ඒ වගේම ඇය දකින තව දෙයක් තමයිලු ලංකාවේ කලාකරුවන් මේ කලාවට හරි ආදරෙයි කියන දේ. ඒ ආදරය නිසා තමයිලු මොන ප්‍රශ්න බාධක ආවත් කලාව අතනොහැර කලාව එක්කම ඉන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ ගෙදර ජීවිතේ තමයිලු අංක එක. හැබයි ගෙදරින් එළියට ඇවිත් වෘත්තීය එක්ක ගනුදෙනු කරද්දී එතැනදී අංක එක වෙන්නේ ඇයගේ නිර්මාණයලු. ඒ නිසාම වෙන්න ඇතිලු ඇයට හුස්ම වලින් පස්සෙත් මේ ක්ෂේත්‍රය තුළ ඉන්න වාසනාව තියෙන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ රූපය පවතිනකම්ම ඇය නිරූපණය, රංගනය කියන මේ ක්ෂේත්‍ර දෙකේම ඉන්නවාලු. ඒ වගේම ඇය ගොඩක් වැඩ කරන්නේ නැති නිසා ක්ෂේත්‍ර දෙකම සමබරව කරගෙන යන්න පුළුවන් කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් මේ වෙද්දී හැමෝම කියන්නේ ලංකාවෙන් යමු නේද කියලාලු. නමුත් ඇය තවමත් ඉන්නේ මේක මගේ රට, මගේ රස්සාව තියෙන්නේ මෙහෙ කියලා හිතාගෙනලු. ඒ නිසා ඇය අපේ රටේ ම ඉන්නවා කියන දැඩි තීරණයක ඉන්නවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇය වැඩකට යද්දී කීයටද එන්නේ, කවද්ද එන්නේ කියලා අහන පවුලක් ඇයට නැහැ කියලයි ඇය කියන්නේ. ඇය තනියම හැඳුණ කෙනෙක් නිසා ඇයට නිදහස උපරිමයෙන් තිබ්බාලු. දැන් ඒ නිදහසම ඇයට ඇයගේ ස්වාමිපුරුෂයාගෙනුත් ලැබෙනවාලු. ඉතින් ඇය බබා ලැබුණට පස්සේ ආයේ වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා හිතුණ කාලයක් තිබ්බාලු. ඉතින් ඒ කාලේ ඇයගේ අම්මා කිව්වාලු ඔයා ආයේ මාස තුනෙන් ඇඟ හදාගෙන වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ලැබුණු සහයෝගය එක්ක තමයිලු අද ඇය ආයෙමත් ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. ඉතින් පවුලෙන් එහෙම සහයෝගයක් නොලැබුණා නම් ඇයත් දරුවා එක්ක ගෙදර ඉන්න කලාකාරිනියක් වෙන්න තිබ්බා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ඇය බබා ලැබුණට පස්සේ ආපහු හිටපු තත්වයටම එන්න ලොකු ලොකු දේවල් කලේ නැහැලු. ඇය බොහොම පෝෂ්‍යදායක ආහාරලු ගත්තේ. ඉතින් ඒවා පොඩ්ඩයිලු කෑවේ. ඉතින් ලොකුවට ජිම් ගිහින් ඩයට් කළේ නැහැලු. මොකද ඇය තවම ඇයගේ දරුවට කිරි දෙනවාලු. දැන් පුතාට අවුරුද්දයි මාස දෙකක් වෙනවාලු. ඉතින් ඇය හිතාගත්තාලු පුතා ඉල්ලනකම් එයාට කිරි දෙනවා කියලා. ඒ වගේම සමහර අයට ලොකු ප්‍රශ්නත් තියෙනවාලු ඇයගේ ශරීරය සම්බන්ධයෙන්. ඒ අයට කියන්න තියෙන්නේ ඇය දැන් කිරි දෙන අම්මා කෙනෙක් කියලලු.

ඉතින් ඒ වගේම ඇය දැන් සිනමාවට ඇවිත් අවුරුදු හයක් වෙනවාලු. ඒ වගේම කවදාවත් ඇයගේ රංගන ජීවිතේ පසුතැවිලි වෙන තැන් නැහැ කියලත් ඇය කියනවා. ඇය ගත්ත තීරණ ඇය තනියමලු ගත්තේ. ඒ නිසා ඒ දේවල් ගැන ඇය දුක්වෙන්න වැඩ කරලා නැහැලු. ඉතින් ඒ නිසාම ඇයට ඇය ගැන තියෙන්නේ නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය බොහොම සරලව ජීවිතේ විඳින ගැහැනියක් කියලත් ඇය කියනවා. ඇය හරි ආසයිලු ඇයගේ ජීවිතේ හැම මොහොතක්ම විඳින්න කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment