paper articles

මගේ රටට මම ගොඩක් ආදරෙයි, නමුත් මගේ දරුවගේ අනාගතේ ගැන හිතලා රට යනවා-ජනප්‍රිය නිලි නිලන්ති ඩයස්

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක් තමයි නිලන්ති ඩයස් කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයට ආයෙමත් පුංචි කාලයට යන්න අවස්ථාවක් ලැබුනොත් එහෙම ඇය ඇයගේ අවුරුදු තුන හතර වයසේ කාලයට යන්න හරි ආසයිලු. ඉතින් ඒ කාලය හරි ලස්සනයි කියලයි ඇය කියන්නේ. ඒ කාලේ අයට දුවන, පනින, පාට පාට දේවල් අල්ලන, සෙල්ලම් කරන, ඇහෙන සින්දුවකට ඔහේ නටන හැඟීමක් තමයිලු ඒ කාලේ තිබුණේ. ඒ වගේම ඒ කලේ කිසිම වගකීමක් දැනුනේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ජීවිතේ බරක් පතලක් තේරුනේ නැති කලයක්ලු ඒක. ඉතින් ඒ වගේම අම්මගේ ඇඟේ එල්ලිලා ඉන්න, අම්මගේ අතේ එල්ලිලා යන්න ආසා කරපු කාලයක් කියලත් ඇය කියනවා. ඒ හැඟීම ඇයට වැඩිපුරම දැනුණේ ඇයගේ බබාගේ ඒ වයසත් එක්කලු. ඇයගේ බබා ඒ කාලෙදි එහෙම හැසිරෙද්දි ඇයත් ඒ වයසෙදි මෙහෙම ඉන්න ඇති නේද කියලා හිතුණාලු. ඉතින් ඇත්තටම ඒ කාලයට ඇය හරි ආසයි කියලයි ඇය නම් කියන්නේ.

ඉතින් ඒ වගේම කවදා හරි ඇයව අපේ කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුණොත් ඇය වෙන රටකට ගිහින් රස්සාවක් කරනවාලු. ඉතින් එහෙම වුණොත් ඒ රටවල මිනිස්සු ඇයව දන්නෙ නැති නිසා එහෙම වෙන රටකට ගිහින් රැකියාවක් කරලා වැටුපක් ගන්න ඇය ආසයිලු. ඉතින් ඒ වගේම දේශපාලනයට අවතීර්ණ වෙන්න ඇයට ආරාධනාවක් ලැබුණොත් ඇය අනිවාර්යෙන්ම ඒක ප්‍රතික්ෂේප කරනවාලු. මොකද දේශපාලනය සම්බන්ධයෙන් ඇයට ලොකු දැනුමක් සහ අත්දැකීමක් නැහැ කියලයි ඇය කියන්නේ. ඒ නිසා ඇය බොරුවට ජනතාව රවට්ටන්න කැමති නැහැලු. ඉතින් ඇය දැන් මේ කරන්නේ ඇය දන්න වෘත්තියක්ලු. ඒ වගේම දැනටත් ඇයට නිවේදන කටයුතුවලට පවා ආරාධනා ලැබෙනවාලු. නමුත් ඇය ඒ දේවල් වුණත් බාරගන්නෙ නැත්තෙ ඇය නිවේදනයට තාම සුදුසු නැහැ කියලා හිතන නිසාලු. ඒ වගේම ඇය ආස දෙයක් නම් ඇය ඒ දේ සම්බන්ධයෙන් ඉගෙන ගන්නවාලු. නමුත් දේශපාලනයට සම්බන්ධ වීම ඇය කොහෙත්ම කැමති නැති දෙයක් නිසා ඇය ඒ සම්බන්ධයෙන් හදාරන්නෙ නැහැලු.

ඉතින් ඒ වගේම නර්තනය සහ රංගනය යන ක්ෂේත්‍ර දෙකෙන් එකක් තෝරාගන්න වුණොත් ඇය අනිවාර්යයෙන්ම තෝරාගන්නෙ නර්තනයලු. ඉතින් ඒක ඇයගේ ඇඟෙන්ම එන හැකියාවක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම පොඩි කාලේ ඉඳන්ම ඇය නර්තනයට ආසයිලු. ඉතින් ඇයට ඕනෑම සින්දුවක් ඇහෙන්න දීලා මේකට නර්තනයක් ඉදිරිපත් කරන්න කියලා කිව්වොත් ඒ මොහොතේදීම ඒකට නර්තනයක් ඉදිරිපත් කරන්න හැකියාවක් ඇයට තියෙනවාලු. ඒ නිසා ඇය නර්තනයට ගොඩක් ආදරය කරනවා කියලයි ඇයනම් කියන්නේ. ඉතින් ඒ වගේම අද අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මේ රටට හරි ආදරෙයිලු. ඒ වගේම මේක හරි ලස්සන, හොඳ රටක් කියලත් ඇය කියනවා. ඉතින් ඇය මේ රටේ ජීවත් වෙන්න හරි ආසයිලු. නමුත් පවතින තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තමයිලු දැන් උදාවෙලා තියෙන්නෙ. මේ රටේ තියෙන සුන්දරත්වය, අපේකම වෙන කිසිම රටකට ගියාට අපිට දැනෙන එකක් නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම අපිට ජීවත් වෙන්න හොඳ රටක් අපිට දෙවියන් වහන්සේ දීලා තිබුනත් එක්තරා පිරිසක් නිසා අද රට විනාශ වෙලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ හින්දා මේ පවතින ප්‍රශ්නත් එක්ක තවත් ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් උදා වුණොත් දරුවා ගැන හිතලා ඇයටත් විදෙස්ගත වෙන්න සිදුවේවිලු. ඇයගේ ජීවිතේ තුන් කාලක් දැන් ගෙවිලා ඉවර වුනත් නමුත් දරුවාගේ අනාගතය ගැන හිතලා ඇයට වෙන රටකට යන්න වුනොත් ඇය යනවාලු.

Leave a Comment