paper articles

මගේ නංගි වෙලා හිටපු ඇය දැන් මගේ පෙම්වතිය වෙලා-ජනප්‍රිය කඩවසම් නළු චතුරංග කොඩිතුවක්කු

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි චතුරංග කොඩිතුවක්කු කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ වනවිට අපේ කළා ක්ෂේත්‍රය තුල නැගී එන අති දක්ෂ රංගන ශිල්පියෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල ඔහුව වැඩිය නිර්මාණ වලින් නොපෙනුණත් මේ වෙද්දි අපේ රටේ ඔහුව නොදන්න කෙනෙක් නැති තරම්. ඉතින් ඒ වගේම මේ දිනවල ඔහු අලුත්ම ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඒ ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතු වෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම මේ දවස්වල ඔහු රංගනයෙන් දායක වෙන අලුත්ම ටෙලිනාට්‍ය තමයි ළංවී කියලා කියන්නේ. මේක ඔහුගේ දෙවෙනි ප්‍රධාන චරිතයලු. ඉතින් ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ ඔහු වෙනස්ම ආකාරයේ ක්‍රියාදාම චරිතයක්ලු නිරූපණය කරන්නේ. ඉතින් ඔහු හිතනවාලු ප්‍රේක්ෂකයන් මේ නිර්මාණය හොඳින් වැළඳගනීවි කියලා. ඉතින් ඒ වගේම අපිට ඔහුව මුලින්ම ප්‍රධාන චරිතයකින් දැක ගන්න ලැබුනේ හදවතේ කතාව ටෙලිනාට්‍ය හරහායි. එහි ආදරණීය අයියා කෙනෙකුගේ චරිතය තමයි ඔහු රඟපෑවේ. හදවතේ කතාවේ හිටපු අයියයි නංගියි ලංවී ටෙලිනාට්‍ය තුළින් පෙම්වතුන් වෙලාලු ප්‍රේක්ෂකයින්ට දැකගන්න ලැබෙන්නේ.

ඉතින් ඒ වෙනස සෑහෙන්න ලොකු අභියෝගයක් වුණාලු මේ දෙන්නටම. මොකද ඇයව ඔහුට හදවතේ කතාවෙන් ඔහුගේ නංගි විදිහට භාරගත්ත නිසා. නමුත් මේ ටෙලිනාට්‍යයේ ඇය ඔහුගේ පෙම්වතිය විදිහටයි රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් මුලදි ඒ චරිතයට අනුගත වෙද්දී ඇය ඔහුගේ නංගි කියන සිතුවිල්ල කඩාගන්න ටිකක් අමාරු වුණාලු. ඉතින් ඒ වගේම ඔහුට කලාව තුල ඉදිරියට යන්න ලොකු උනන්දුව තියෙනවාලු. නමුත් ඔහු කැමති එක වැඩකට හරියට අවධානය යොමු කරලා කරන්නලු. මොකද කාලෙත් එක්ක වගේම ලංකාවේ නාට්‍ය තරගකාරීත්වයත් එක්ක ඔහුට චරිතයකට හැඩගැහෙන්න ලොකු කාලයක් වුවමනා වෙනවාලු.

ඉතින් ඒ වගේම ඔහුව අපිට මියුසික් වීඩියෝ තුලින් බොහෝවිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔහු මෑතකදී පෙනී සිටි නදිනි ප්‍රේමදාසගේ අලුත්ම ගීතයේ මියුසික් වීඩියෝ එකටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවාලු. ඉතින් ඒ වගේම ඔහු මේ වනවිට කලාවට අවතීර්ණ වෙලා වසර තුනක් වගේ කෙටි කාලයක් තමයි වෙන්නේ. ඉතින් ඔහු කලාවෙන් ලබාගත්තු ලොකුම දේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයලු. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක රංගනයේ යෙදිලා ඔහු ලොකු අත්දැකීම් ගොන්නක් ලබාගත්තා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment