paper articles

මගේ ජීවිතේම විලාසිතාවක් වගේ, මම එක ඇඳුමක් එක පාරයි අඳින්නේ-ජනප්‍රිය නිලි අනූෂා දමයන්ති

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් මෙන්ම ජනප්‍රිය නර්තන ශිල්පිනියක් තමයි අනූෂා දමයන්ති කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ විලාසිතා ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය ගොඩක් ආසයිලු ෆැෂන් කරන්න. ඒ වගේම ඇයගේ ජීවිතේම විලාසිතාවක් වගේ කියලා තමයි ඇය කියන්නේ. විලාසිතා කියන්නේ ඇඳුම් පැළඳුම් විතරක්ම නෙවෙයිලු. කන බොන විදිහ, අඳින පළඳින විදිහ, කතා කරන විදිහ, ඇවිදින විදිහ මේ හැම දේම ගැලපීමකින් කළ යුතුයි කියලත් ඇය කියනවා. එතකොටලු ජීවිතේම ඔප වැටෙන්නේ. ගැලපෙන ඇඳුමක් ඇන්දහම ලැබෙන වටිනාකම වගේම තමයිලු ජීවිතේම විලාසිතාවක් කියලා හිතලා හැම දෙයක්ම කළොත් අපි නොදැනුවත්වම එළියක් ජීවිතයට ලැබෙනවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම කෙනෙක්ව මතුපිටින් දුටු පමණින් ම චිත්‍රයක් මැවෙන්නේ ඔහු හෝ ඇය ඇඳන් ඉන්න ඇඳුම අනුවලු. නමුත් මිනිස්සු හොඳද නරකද කියන එක නම් ඇඳන් ඉන්න ඇඳුමෙන් මනින්න බැහැ කියලයි ඇය කියන්නේ. ඉරුණු කබායකින් වැසුණු පොහොසත් හදවත් තිබිය හැකි අතර වටිනා ආයිත්තම් වලින් සැරසු දිළිඳු හදවත් තිබිය හැකියි කියලයි ඇය කියන්නේ. ඉතින් එම නිසා කොහොමටත් ම ඇඳුමෙන් මිනිස්සු මනින්නේ නැහැලු. ඉතින් ඒ වගේම ඇය පුංචි කාලේ ඉඳලම ලස්සනට පිළිවෙලට පිරිසිදුව අඳින්න ගොඩක් කැමති කෙනෙක්ලු. ඉස්සර හැමදාම හවසට ඇඟ හෝදවල අලුත් ඇඳුම් අදවලා සපත්තු මේස් දාලා ගෙදරට තියන්න කියලා ඇය අම්මට කියනවලු. ඉතින් ඒ වගේම අදටත් නිවසෙන් එළියට යන හැම වෙලාවකම ඇය වෘත්තීය ගෞරවය ආරක්ෂා වෙන විදිහට ඇඳුම් අඳින්න පුරුදු වෙලා ඉන්නවාලු.

ඉතින් කොයි වෙලාවේ කවුරු සෙල්ෆියක් ගන්න කතා කරයි ද කියලා දන්නේ නැති නිසා කඩේකට ගියත් ඇය යන්නේ හරිම ලස්සනට ඇඳලාලු. තිරයේ දකින අනුෂා දමයන්ති ම සැබැවින් ප්‍රේක්ෂකයන්ට දකින්න සලස්වන්න ඇය නිතරම උත්සාහ කරනවාලු. ඉතින් ඒ වගේම ඇයව හැමදාම ලස්සනට අඳින කෙනෙක් විදිහට තමයිලු හැමෝම වගේ අඳුනගෙන තියෙන්නෙ. ඒ වගේම විලාසිතා කරනවා කියන එක පැකේජ් එකක් කියලයි ඇය කියන්නේ. ඒක ඇතුළෙ ගැලපෙනදේ ගැලපෙන ඇඳුම් තෝරා ගන්නවා වගේම කොණ්ඩය පීරන විදිහ ආභරන පලඳින විදිහ තෝරා ගන්නා සපත්තු හෑන්ඩ් බෑග් ආදිය මෙන්ම මේකප් කරන විදිහත් ඕනෑම කෙනෙකුගේ ලස්සන ඉස්මතු වෙන විදිහට තෝරා ගත යුතුයි කියලයි ඇය කියන්නේ. විලාසිතා කිරීමේ දී සැබෑවටම බුද්ධිමත් විය යුතුයි කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඇය විලාසිතාවක් තොර ගැනීමේදී ඇයගේ වයස, ඇඟේ හැඩය, හමේ පාට, සහභාගි වන තැන, වෙලාව ආදී කරුණු රාශියක් ගැන හිතලා බලනවාලු. එහෙම නැතුව ආවට ගියාට නම් කවදාවත් ඇය විලාසිතා කරන්නේ නැහැලු. ඉතින් ඒ වගේම ඇයට ගැළපෙනවා නම් පොඩි මුදලකට හරි තියෙන ගැලපෙන විලාසිතාවක් ඇය තෝරා ගන්නවාලු. ගොඩක් වෙලාවට ඇය රූපවාහිනී වැඩසටහන් වලට වගේම විශේෂ වැඩසටහන් වලට අඳින ඇඳුමක් ආයෙ අඳින්නේ නැහැලු. ඒ නිසා ඉතින් ගොඩක්ම වටින ඇඳුමක් එක පාරක් විතරක් ඇඳලා අයින් කරන්න බැහැ කියලයි ඇය පවසන්නේ. ඉතින් ඒ වගේම ලස්සනට ගැලපෙන විදිහට ඇඳුමක් ඇඳලා කන්නාඩියක් ඉස්සරහට ගියාම හිතට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැරී තරම් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ නිසා විලාසිතාවක් කියන්නේ කාන්තාවක් සතුටින් තියන පුංචි බලවේගයක් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment