paper articles

බොක්සින් කොච්චර පුහුණුවීම් කරලා කරත් ඇත්තටම පාරවල් දෙක තුනක් වදිනවාමයි-පාර වසා ඇත ටෙලිනාට්‍යයේ බිංදු

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි දිදුල ඉඳුවර ද සිල්වා කියලා කියන්නේ. ඉතින් ඔහුව අපට මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර වසා ඇත ටෙලිනාට්‍යයේ බිංදුගේ චරිතය හරහා දැකගන්න ලැබෙනවා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අප්පට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු පුංචි තිරයට එන්නේ 2013 දීලු. ඉතින් අවුරුදු හතකට පස්සේ ශිවගුරුනාදන්ගේ ආරාධනයෙන් තමයිලු ඔහු ‘පාර වසා ඇත’ ටෙලිනාට්‍යයේ බිංදු විදියට ප්‍රේක්ෂකයින් අතරට එන්නේ. ඒ වගේම කාලයක් තිස්සේ නිර්මාණ නොකර ඉඳලා දැන් ආයේ රඟපෑමට එක් වීම ඔහුට අලුත් අත්දැකීමක් කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ වගේම 2015දී තමයිලු ඔහු සාමාන්‍ය පෙළ විභාගය කරන්න පටන් ගත්තේ. ඒ නිසා ඒ කාලයේ කලා කටයුතු නැවත්තුවාලු. ඉතින් ඊට පස්සේ ඔහු උසස් පෙළට කාලය වෙන් කරා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඊට පස්සේ ඔහු විශ්වවිද්‍යාල වරම් ලැබුවා කියලත් ඔහු කියනවා. ඉතින් දැනුත් අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යන ගමන් ‘පාර වසා ඇත’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනවාලු.

ඉතින් ඒ වගේම මේ චරිතය නිසා සමාජයේ මේ තරම් කතාබහක් ඇති වෙයි කියලා ඔහුට හිතුණේ නැහැලු. ඒ වගේම රූගත කිරීම් අතරතුර සමහර සිද්ධිවලදී ඔහු දුවද්දී ඇත්තටම වැටෙන අවස්ථා තියෙනවාලු. ඒ වගේම මේ කතාව බොක්සිං ක්‍රීඩාව එක්ක යන නිසා කොච්චර පුහුණුවීම් කරලා කරත් ඇත්තටම වදින පාරවල් දෙක තුනක් තියෙනවාලු. ඉතින් ඒ වගේ අවස්ථා අමතක වෙන්නේ නැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ වගේම ඔහු 2010දී හොරණ විද්‍යාරතන විද්‍යාලයට යනවාලු. එතකොට ඔහු හය වසරේලු. ඉතින් එතැනින් තමයිලු ඔහුගේ පාසල් වේදිකාවේ ගමන ආරම්භ වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔහු 2011 දී රාජ්‍ය ළමා නාට්‍යය උළෙලට සම්බන්ධ වුනාලු. ඉතින් ඒ ‘චූටි බබා ලොකු ළමයෙක්’ කියන ළමා නාට්‍යය එක්ක. ඒ වගේම එවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී ඔහුගේ රංගනය සඳහා විශිෂ්ට රංගන කුසලතාවක් ලැබුණා කියලත් ඔහු කියනවා. ඊට පස්සේ 2012 දී රාජ්‍ය ළමා නාට්‍යය උළෙලට ‘මමයි මමයි හරි යාළුයි’ කියන නාට්‍යය ඔහුගේ පාසලෙන් ඉදිරිපත් කරාලු. ඉතින් ඒ වෙනුවෙන් ඔහුට 2012 දී රාජ්‍ය ළමා නාට්‍යය උළෙලේ හොඳම නළුවා සම්මානය ලැබුනා කියලත් ඔහු කියනවා.

ඉතින් ඔහු මුලින්ම පුංචි තිරයේ සම්බන්ධ වුණේ සමන් කුමාර ලියනගේ ‘පිත්තල කොණ්ඩෑරුම’ ටෙලි නාට්‍යයටලු. ඊට පස්සේ ‘සඳසාවි’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා කියලත් ඔහු කියනවා. ඒ වගේම 2014දී ඔහුට ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ ‘නිර්භීතයි අපි’ කියන ළමා නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණාලු. ඒ වගේම සුරංග සතරසිංහගේ ‘නාටක මාරයි’ වගේ නාට්‍යවලට සම්බන්ධ වුණා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ වගේම ඔහු ගොඩක්ම ආස රංගනයටලු. ඒ වගේම ඔහු උපාධියට ඉගෙන ගන්නවාලු චිත්‍රපට අධක්ෂවරයෙක් සහ තිර පිටපත් රචකයෙක් වෙන්න. ඉතින් ඒ පැත්තෙන් යන්න තමයිලු ඔහුගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් ඔහු ආසයි හෙමින් සාර්ථක ගමනක් යන්න කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment