paper articles

නාඩගම්කාරයෝ ඉවර වෙන්න කලින් ආයෙත් එහි රඟපාන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ-ප්‍රවීණ නළු ගිරිරාජ් කෞශල්‍ය

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න රටක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියලා කියන්නේ. කොහොම නමුත් ඔහුට පහුගිය කාලයේ හදිසියේම ඇතිවූ අසනීප තත්ත්වයත් නිසා මාස කිහිපයක්ම අපට ඔහුව දකින්න ලැබුනේ නැහැ. ඉතින් ඒ වගේම මෑත කාලයේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කුකුලා මුදලාලිගේ චරිතය හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන සිටි ඔහු නැවත රංගනයෙන් දකින්න ලැබෙන්නේ කවදාද කියලා බොහෝ ප්‍රේක්ෂිකයින් බොහොම ලංගතුව ආදරයෙන් බලාගෙන සිටියා. ඉතින් ඒ වගේම පිළිකා රෝගය සමඟ සටන් කරමින් මාස 6ක පමණ කාලයක් ප‍්‍රතිකාර ඔහු දැන් නැවතත් ටිකෙන් ටික යහපත් සෞඛ්‍ය තත්වයට පත්වන ගමන් තමුයි සිටින්නේ. ඉතින් ඔහුගේ අලුත්ම තොරතුරු ගැන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඒ වගේම ඔහු ජීවිතේ ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරපු කෙනෙක්ලු. තවත් කෙනකුගේ මූණට සිනහවක් දෙන්න ඔහු හරිම කැමතියිලු. ඉතින් ඒ වගේම කලාව කියන්නේ ඔහුගේ මුළු ජීවිතේම වගේලු. ඉතින් මේ විවේක ගත්ත කෙටි කාලයත් ඔහුට දැනුනේ මහා කල්පයක් වගේලු. ඇත්තටම පිළිකාවක් කියලා කිව්වාම ඔහු ගොඩක් මනසින් වැටුනාලු. හැබැයි මුල් දවස් දෙක තුනක් තමයිලු ඔහු මනසින් වැටිලා හිටියේ. ඔහු ඊට පස්සේ හිත හදාගත්තාලු කොහොමහරි මම මේ ලෙඩෙන් එළියට එනවා කියලා.ඉතින් ඔහු මුල ඉඳලම මම ප්‍රතිකාරවලට මුහුණ දුන්නේ බොහොම ශක්තිමත්වලු.

ඉතින් ඒ වගේම ඔහුගේ අසනීප තත්වයත් එක්ක ඔහු මාස 6ක්ම රඟපෑවේ නැහැලු. ඔහුට අසනීප වෙනකොට නාඩගම්කාරයෝ කියන්නේ විශාල ජනාදරයක් දිනාගෙන හිටපු නාට්‍යයක් කියලත් ඔහු මතක් කරනවා. ඉතින් ඒ වගේම සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා, ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මා, නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතා මේ තුන්දෙනාටම ලොකු අවශ්‍යතාවක් තිබුණාලු නාඩගම්කාරයෝ අවසන් කරන්න කලින් කුකුලා මුදලාලිව නැවත නාට්‍යයට සම්බන්ධ කරගන්න. ඉතින් ඔවුන් නිතර නිතර ඔහුගෙන් ඉල්ලීම් කළාම ඔහු ඒක විශේෂඥ වෛද්‍ය දේවින්ද මහතාට ඉදිරිපත් කළාලු. ඊට පස්සේ ඔහුගේ අවශ්‍යතාව තේරුම් අරගෙන වෛද්‍ය නිර්දේශය මත පරිස්සමෙන් ගිහිල්ලා මේ කටයුත්ත කරලා එන්න කියලා කිව්වාලු. ඉතින් ඇත්තටම වෛද්‍යතුමා නිර්දේශ කරපු නිසා තමයිලු ඔහු ගිහිල්ලා දින 3ක් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරලා ආවේ. ඉතින් ඒ වගේම ඔහුටත් නාඩගම්කාරයෝ අවසන් වෙන්න දවසකට දෙකකට හෝ කලින් එහි නැවත රඟපාන්න ලොකු ආසාවක් තිබුණාලු.

ඉතින් ඒ වගේම රූපගත කිරීම්වලට ගියහම ඔහුගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනාලු. පරණ මිත්‍රයෝ සම්බන්ධ වෙනකොට ඇත්තටම ඔහුට ලෙඩක් තියෙනවද කියලත් මතක් වුණේ නැහැලු. ඔහුගේ පොඩි එවුන් ටික, පරණ හිතවත්තු එක්ක විහිලු කරන්න පටන් ගත්තම ඔහු අලුතෙන් ඉපදුනා වගේ හැගීමක් ආවාලු. රූපගත කිරීම්වලට ගියහම කිව්වට අහන් නෑ ගිරා මාමේ කියාගෙන සජිත්ලා කට්ටියම ඔහුව වටකරගන්නවාලු. ළඟින් හෙලවෙන්නේවත් නෑ කියලයි ඔහු පවසන්නේ. ඉතින් ඒ ආදරේ ඔහුගේ හිතට ලොකු ධෛර්යයක් කියලත් ඔහු කියනවා. ඉතින් ඒ වගේම ඇත්තටම ඔහුට ඕන වුණේ පොඩි දුවව ගායිකාවක් කරන්නලු. ඉතින් ඒ වගේම ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් කියලත් ඔහු කියනවා. ඇය කළෙත් පෞද්ගලික අංශයක උසස් රැකියාවක්ලු. හැබැයි ඒ රැකියාව දාලා රංගනයට එනවට ඔහු කැමති වුණේ නැහැලු. ඒත් රැකියාව අත්හරින්නේ නැතුව නිළියක් වෙන්න බෑ කියලත් ඔහු කියනවා. ඉතින් අවසානයේ ඇය රංගනයට යොමුවුණාලු. ඉතින් ඇයගේ රංගන දක්ෂතා දකිනකොට ඔහුට ගොඩක් සතුටුයි කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment