paper articles

ටයිටැනික් නැව ගිලෙන හැටි මට හැබැහින් වගේම දැකගන්න ලැබුණා-ජනප්‍රිය සුරූපී නිලි නෙහාරා පීරිස්

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල පුංචි හුරතල් දියණියක් එක්ක කාලය ගත කරන ඇය ඇවිදින්න ආසම තැන් ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. කොහොම නමුත් ඇය මේ දවස්වල ඇයගේ නෙහාරා ඩාන්සින් ස්ටුඩියෝ එකේ වැඩ කරන ගමන් බබාත් එක්ක සතුටින් ගෙදරට වෙලා ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය ඇවිදින්න යන්න ගොඩක් ආසයිලු. නමුත් ඇය වැඩිපුර කැමති විදෙස් සංචාරවල නිරත වෙන්න කියලත් ඇය කියනවා.

ඉතින් ඇයට අමෙරිකාවට යන්න කලින් වාසනාව තිබුණාලු රංගන ශිල්පිනියක් හැටියට ගොඩක් විදෙස් සංචාරවල නිරත වෙන්න. ඉතින් ඒ සංචාරත් එක්ක ඇයට ලොකු ආශාවක් ආවාලු විදෙස් සංචාරවල නිරතවීම ඇයගේ විනෝදාංශයක් කර ගන්න. ඉතින් ඒ වගේම 1999 දී ඇයගේ පළවෙනි විදෙස් සංචාරය වුණේ ඕස්ට්‍රේලියාවලු. ඉතින් ඒ ගමන ඇයට කවදාවත් අමතක වෙන්නෙ නැති සංචාරයක් කියලයි ඇය කියන්නේ. ඒ තරමට ඇය ඒ සංචාරයට අදටත් ආදරය කරනවාලු. ඉතින් ඒ සංචාරය අතරතුර ඇය ගියාලු සිඩ්නිවල තියෙන Fox කියන ස්ටූඩියෝ එකට. ඉතින් ස්ටූඩියෝ එකක් කිව්වාට ඒක නිකම් ලොකු උද්‍යානයක් වගේ එකක්ලු. ඉතින් ඒ ස්ටූඩියෝ එකට ගිය වෙලාවේ ඇයට ටයිටැනික් නැව ගිලෙන විදිහ හැබැහින් වගේ දැකගන්න පුළුවන් වුණාලු. ඒ වගේම ඒ නැව ගිලෙනකොට මිනිසුන් මරණ බයේ කෑගහන විදිහ, නැව ගිලෙන්න යනකොට කුඩා බෝට්ටුවලින් ඇවිත් මිනිසුන් බේරාගන්න විදිහ වගේම ඒ නැව මුහුදු පතුලට යටවෙන විදිහ ඇයට එතැන ඉන්නවා වගේ දැකගන්න පුළුවන් වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ අත්දැකීම නිසා ඇයට ඒ ගමන කවදාවත් අමතක වෙන්නෙ නැහැලු.

ඉතින් ඒ වගේම එම ඕස්ට්‍රේලියා ගමන අතරතුර ඇය ගිය තව තැනක් තමයිලු වොන්ඩර්ලෑන්ඩ් කියන උද්‍යානය. ඉතින් ඇය පළවෙනි වතාවට රෝලර් කෝස්ට් එකක අත්දැකීම ලැබුවෙත් ඒ උද්‍යානයේදීලු. ඉතින් ඇය ආසම කරන විදෙස් සංචාරයක් තමයිලු ඕස්ට්‍රේලියා සංචාරය. ඉතින් ඒ වගේම ඇය දැන් වැඩිපුරම ආසා කරන්නෙ මේනක එක්ක ට්‍රැවල් කරන්නලු. හැබැයි එයා ආසා නැහැලු ඇවිදින්න. එයාට ඕනෙ කොහේ හරි ගියොත් හොටෙල් එකට වෙලා ඉන්නලු. ඉතින් ඒ නිසා ඔවුන් දෙන්නම ලංකාව ඇතුළත වැඩිපුරම යන්න කැමති පහතරට ප්‍රදේශවලටලු. ඉතින් ඒ වගේම ඇය ආසා කරන රටක්ලු හොංකොං කියලා කියන්නෙ. ඒ වගේම ඇය හිතන්නෙ ජීවිතය ගත්තොත් නිවාඩුවත්, ට්‍රැවල් එකත්, විනෝදයත් අවශ්‍යමයි කියලාලු. ඒ නිදහස නැතිවුණාම ජීවිතය හරි ඒකාකාරීයි කියලත් ඇය කියනවා. හැබැයි ට්‍රැවල් එකක් කරලා ආවාම ජීවිතය අලුතින් පටන් ගන්නවා වගේ හැඟීමක් ඇයට දැනෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment