paper articles

කොච්චර රඟපෑවත් මම නිලියක් කියලා මට හිතෙන්නෙම නැහැ-ජනප්‍රිය සුරූපී නිලි දමිත්‍රී සුබසිංහ

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි දමිත්‍රී සුබසිංහ කියලා කියන්නේ. ඉතින් අපට ඇයව මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ විහාරා ටීචර්ගේ චරිතය හරහා දැකගන්න ලැබෙනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් නිළියක් වෙන හීනය ඇයගේ ජීවිතේ කොතැනකවත් තිබුණු දෙයක් නෙමෙයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය කලාවට සම්බන්ධ වුණේ අහම්බෙන් වගේලු. ඉතින් ඒ වගේම උසස්පෙළට ඇය වාණිජ අංශයෙන්ලු ඉගෙන ගත්තේ. ඒ නිසා බැංකු කළමනාකාරිණියක් වෙනවා කියන හීනය තමයිලු ඇයට තිබුනේ.

ඒ වගේම 2019 අවුරුද්දේ දෙරණ නාළිකාවේ අවුරුදු කුමාරිය ලෙස තේරුණේ ඇයයි. ඉතින් ඒක තමයිලු ඇයගේ ජීවිතේ හැරවුම වුණේ. ඒ වගේම ඇයගේ අම්මා තමයිලු පුංචි කාලේ ඉඳන් අදටත් ඇයගේ ළඟින්ම ඉන්නේ. ඉතින් ඒ නිසාම අම්මා තමයිලු ඇයගේ අයදුම්පතක් තරගයට ඉදිරිපත් කරලා ඇයත් එක්ක හැම දවසකම හැම මොහොතකම ලඟින්ම හිටියේ. ඉතින් ඒ වගේම ඇයගේ ජීවිතේ අමතකම වෙන්නේ නැති දවසක්ලු ඒ දවස. ඒ වගේම පළවෙනියා වෙනවාමයි කියලා ලොකු බලාපොරොත්තුවක් ඇයට තිබුණේ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් පළවෙනියා කියලා ඇයගේ නම නිවේදනය කරද්දී ඇයට හිතාගන්නවත් බැරි වුනාලු. ඉතින් එදා ඒ මොහොතේ ඒ දැනිච්චි හැඟීම ඇයට කවදාවත් දැනිලා නැහැ කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම තාමත් ඇයට ඇය නිළියක් කියලා හිතෙන්නේ නැහැලු. ඇයට ඉගෙනගන්න දේවල් බොහොමයක් තව තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් තාමත් ඇය මේ පොළොවේ තියන පුංචි වැලි කැටයක් වගෙයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම තාමත් ඇය මේ ක්ෂේත්‍රයට ආධුනිකයිලු. හැබැයි පාවෙනා වළාකුලේ ඒවිද අම්මා ටෙලිනාට්‍ය විකාශනය වෙද්දී බොහෝදෙනා ඇයව හඳුනාගත්තා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ගෙදර ඉන්න දවස්වලට නම් ඇය චුට්ටක් වැඩිපුර නිදාගන්නවාලු. ඒ වගේම රූගත කිරීම්වලට යද්දී ඇයගේ අම්මාත් ඇයත් එක්ක යන්න එනවාලු. ඉතින් ගෙදර ඉන්න දවස්වලට ඔවුන් කන්න ආසා කෑමක් හදනවාලු. ඒ වගේම ඇය සිංදුවක් දාගෙන ටිකක් නටනවාලු. තව ගේ දොර අස්පස් කරන දේවල්වලට උදව් කරනවාලු.

ඉතින් ඒ වගේම විලාසිතා කරන්න ඇය හරි ආසයිලු. හැබැයි ඒ ඇයට ගැලපෙන විලාසිතා විතරයිලු. ඉතින් ඇය තෝරාගෙන ඉන්න, ඇය ආසකරන විලාසිතා කරන්න ඇය ගොඩක් ආසයිලු. ඉතින් ඒ වගේම ඇය දැන් මේ ගෙවන ජීවිතයට ඇය ගොඩාක් ආදරෙයිලු. සමහරු මේ ක්ෂේත්‍රයට බැන්නත්, හොඳ නැහැ කියලා කිව්වත්, ඇත්තටම මේක ගොඩාක් හොඳ ක්ෂේත්‍රයක් කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ක්ෂේත්‍රෙය් ඉන්න අයගෙන් ඇයට ලොකු සහයෝගයක්ලු තියෙන්නේ. ඒ වගේම කලාකාරියක් වීම ඇත්තටම වටිනා දෙයක් නිසා රංගනය පිළිබඳව ඉගෙනගෙන මේ ගමන යන්න ආසයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment