paper articles

උසස් පෙලින් පස්සේ තමයි මම කලාවට යන්න තීරණය කලේ, ඉතින් මන් ටික් ටෝක් කළා-රටක් හදුනන ගවී ප්‍රනාන්දු

අපේ රටේ කොයි කවුරුත් දන්න කියන සමාජ මාධ්‍ය ඔස්සේ කාගේත් ආදරය දිනාගත්ත තම හැකියාවෙන් සාර්ථක ගමනක් යන අපූරු කෙනෙක් තමයි ගවී ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය සමාජ මාධ්‍යයට එන්නේ අහම්බයෙන්ලු. ඒ වගේම ඇය ටික්ටොක් ගැන කිසිම දෙයක් දැනගෙන හිටපු කෙනෙක් නෙමෙයි කියලත් ඇය කියනවා. ඇයට නිකං හිතුණාලු පොඩි වීඩියෝ දෙක තුනක් කරන්න. ඉතින් මුලින් මුලින් පොඩි වීඩියෝ ටිකක් කළාලු. ඉතින් ඒ වගේම ඇයට ටික් ටොක් හරහා මිනිස්සු අතරට යන අදහසක් කවදාවත් තිබුණේ නැහැ කියලත් ඇය කියනවා. කොහොම නමුත් මුලින් කරපු වීඩියෝ වලට විව්ස් පොඞ්ඩක් ආවාලු. ඒ වගේම එක දවසක කරපු වීඩියෝ එකක් වයිරල් වෙන්න ගත්තා කියලත් ඇය කියනවා. 2020 අන්තිම මාසවල තමයිලු ඒ වීඩියෝව කළේ. ඉතින් එතැනින් එහාට ඇය තීරණය කළාලු ඇයගේම දේවල් හදලා දැම්මා නම් මිනිස්සුන්ට පණිවුඩයක් දෙන්න පුළුවන් කියලා.

ඉතින් ඒ වගේම පාසල් යන කාලේ ඇයට රංගනයට පොඩි අදහසක් තිබුණාලු. ඒ වගේම ඇයට හැකියාවක් තියෙනවා කියලා ඉස්කෝලෙන් පවා අඳුරගත්තාලු. ඒ වගේම කලාවෙන් ඉදිරියට යනවා කියලා හිතුවාට රඟපෑමට එනවා කියලා අදහසක් තිබුණේ නැහැලු. ඉතින් ඒ වගේම ඇයගේ ඇත්ත නම ගාවින්ද්‍යාලු. නමුත් ගොඩක් අය ඇයට කතා කරන්නේ ගාවි කියලාලු. ඉතින් ඇය හිතුවාලු ටික්ටොක් පටන් ගන්න කොටත් ගාවි ප‍්‍රනාන්දු කියලා නම දානවා කියලා. කොහොම නමුත් ඇය උසස් පෙළින් පස්සේ තමයිලු තීරණය කළේ කලාවට යනවා කියලා. ඊට කලින් ඇය අධ්‍යාපනයට තමයිලු මුල් තැන දුන්නේ. ඉතින් එතැනින් පස්සේ තමයිලු ඇය ඩ‍්‍රාමා ක්ලාස් එකකට ගියේ. ඒ වගේම ඇය කලා විෂය ධාරාවෙන් තමයිලු උසස් පෙළ කළේ. සාමාන්‍ය පෙළට නම් ඇය නාට්‍ය කලාව විෂයයක් විදිහට හැදෑරුවාලු. ඒ වගේම මහේන්ද්‍ර පෙරේරා යටතේ තමයිලු ඇය නාට්‍ය හා රංග කලාව හදාරන්නේ. ඉතින් ඒ ක්ලාස් එකෙන් පස්සේ ඇය වෙළඳ දැන්වීම්වල සහ නාට්‍ය කිහිපයක පොඩි පොඩි චරිත කිහිපයකට පෙනී ඉදලා තියෙනවාලු.

කොහොම නමුත් ඇය රඟපෑමට එන්න උත්සාහ කලත් ලොකුවට අවස්ථාවක් ලැබුණේ නැහැ කියලයි ඇය නම් කියන්නේ. නමුත් සාමාන්‍ය චරිත රඟපාලා තියෙනවාලු. ඉතින් ඒ වගේම මේ වගේ වීඩියෝ කරන්න ඇයට කවුරුත් අදහස් දුන්නේ නැහැලු. ඒක ඇයටම හිතිච්ච දෙයක් කියලයි ඇය කියන්නේ. ඇය දාපු වීඩියෝ වයිරල් යන්න ගත්තාම තමයිලු තීරණය කළේ මේ සමාජයේ වෙන දේවල් අරගෙන පොඩි පොඩි කන්සෙප්ට් හදන එක හොඳයි කියලා. ඊට පස්සේ තමයිලු ඇය සියල්ල තීරණය කළේ. ඒ වගේම මුල් කාලයේ මේ පිළිබඳව ඇයට ලොකු අවබෝධයක් තිබුණේ නැහැලු. දැනුත් ඇයගේ යාළුවෙක් ඇයට උදව් කරනවාලු. ඉතින් ඒ වගේම ඇයට දැනට තියෙන බලාපොරොත්තුව චැනල් එක දියුණු කරගන්න එකලු. ඉතින් අදහස් ටික තව ටිකක් දියුණු කරලා වැඩ කරන්න තමයි කැමැති කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment