paper articles

ඉස්සර වගේ නෙමෙයි දැන් කළා කරුවන් කුලී කරුවන් වෙලා තියෙන්නේ-ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල ඇය ජගත් මනුවර්ණගෙ කුලුඳුල් ටෙලි නිර්මාණය වන ‘කොඩි ගහ යට’ ටෙලි නාට්‍යයෙහි රූපගත කිරීම්වල නිරතවෙනවාලු. ඉතින් ඒ වගේම ඇය අවුරුදු එක හමාරක පමණ විරාමයකට පසුවලු පියාඹන මූණිස්සම් ටෙලි නාට්‍යයට සම්බන්ධ වුනේ. ඉතින් ඒ වගේම මීට කලින් එවැනි චරිතයක් නිරූපණය කරලා නැති නිසා එය විශේෂ චරිතයක් වුනාලු ඇයගේ ජීවිතයට. ඉතින් ඒ නිසා ඇය ඉතාමත් කැමැත්තෙන් එයට සම්බන්ධ වුණා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇය ගොඩක් කැමැතියිලු විවිධාකාර චරිත හරහා ප්‍රේක්ෂකයන් සමීපයට එන්න. ඒ නිසාමලු ඇය චරිත තෝරා බේරා ගැනීමක් කරන්නේ. ඉතින් ඒ වගේම එක හා සමාන චරිත ලැබෙනවා නම් ඇය ඒවාට යොමු වන්නේ නැහැලු. ඉතින් කාලයෙන් කාලයට ප්‍රේක්ෂකයන් අතරෙහි ජනාදරයට පත්වන්නට ඒක හේතුවක් වෙන්න ඇති කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය කරන්නේ වෘත්තියක් නිසා එහි ගරුත්වය ඉහළින්ම බලන කෙනෙක්ලු ඇය. ඒ වගේම රූපවාහිනි නාළිකා විසින් කෙරෙන නාට්‍යවලදී, නළු නිළියන් කණ්ඩායම් වශයෙන් බෙදා ගැනීමක්ලු කරන්නේ. ඉතින් එය ශිල්පීන්ගේ වරද නොවේ කියලත් ඇය කියනවා. එහිදී රංගනයේ යෙදෙන ශිල්පීන්, චරිත තෝරා ගන්නේද නාළිකාව විසින්ලු. එවිට අවශ්‍ය චරිතයට දක්ෂ කෙනා හෝ සුදුසු කෙනා නෙමෙයිලු තේරෙන්නේ. ඉතින් දවසේ පඩියට පැය 18ක් 20ක් ඔවුන්ගෙන් වැඩ ගන්නවාලු. ඉතින් එය හරිම අර්බුදකාරී තත්ත්වයක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඉස්සර වැඩ කළා වගේ නෙමෙයිලු දැන් වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් දැන් කලාකරුවන් කුලීකරුවන් බවට පත් වෙලාලු තියෙන්නේ.

ඉතින් ඒ වගේම එදා ලංකාවෙ තිබුණේ රූපවාහිනි නාළිකා කිහිපයක් පමණයි කියලත් ඇය කියනවා. නමුත් අද යූ ටියුබ්, New Media හරහා බොහෝ කලාකරුවන්ට අවස්ථාව ලැබිලා තිබෙනවාලු ජීවිතයේ ඉදිරියට යන්න. ඉතින් එදා එකට එක්ව වැඩ කළ කාලයක්ලු තිබුණේ. ඉතින් දැන් වගේ කුලීකාරයන් වුණුු පරිසරයක් එදා තිබුණේ නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ කාලය හරිම සුන්දරයි කියලත් ඇය කියනවා. ඒ වගේම ප්‍රේමය කියන්නේ මේ ලෝකයේ තිබෙන උතුම්ම දෙයක් කියලත් ඇය කියනවා. එය හරිම පූජනීයයිලු. ඇලීමෙන් තොරවූ ප්‍රේමයත්, ගැටීමෙන් තොර වූ මෛත්‍රියත් කියන දෙයලු ප්‍රේමය තුළින් ඇය දකින්නෙ. ඒ වගේම විරහව කියන දේ එකිනෙකට සාපේක්ෂයි කියලත් ඇය කියනවා. ඉතින් කිසිවකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී අනිත් කෙනාගේ සුඛවිහරණය වෙනුවෙන් ආදරය කරන්නට හැකි වූවොත් විරහව කියන දේ ලැබෙන්නෙ නෑ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment