paper articles

අවසානයේ මට කාමුක චිත්‍රපටව රඟපෑ කාමුක නිලියක් විදිහට ලේබලය වැදුනා-ජනප්‍රිය ප්‍රවීණ නිලි චන්දි රසිකා

අපේ රටේ කොයි කවුරුත් ආදරය කල අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබුණු දක්ෂ ජනප්‍රිය වගේම සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි චන්දි රසිකා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම 1985 වසරේ අමරනාත් ජයතිලකගේ අරුණට පෙර චිත්‍රපටය රටවල් 10ක පැවැති සිනමා සම්මාන උලෙළයන් අතර හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඉතින් එහි ප්‍රධාන චරිතය රඟ දැක් වූ ඇය ජනාධිපති සම්මානයට මෙන්ම වසරේ හොඳම නිළියට හිමි කිරුළ හිමිකර ගැනීමටද වාසනාවන්ත වුණා. ඉතින් ඒ වගේම ඇය සිනමාවට පිවිසි ප්‍රථම දෙබස් සහිත චිත්‍රපටය වුයේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සතර පෙර නිමිති චිත්‍රපටයයි. ඒ වගේම ඇය රංගනයෙන් දායක වුනු චිත්‍රපට සංඛ්‍යාව චිත්‍රපට 30කට ආසන්න වුවද, ඇය ප්‍රධාන චරිත රඟ පෑ චිත්‍රපට සංඛ්‍යාව ඉතාම අතළොස්සකි. කොහොම නමුත් සිංහල සිනමා ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට ලක් වූ චරිතයක් වූ ඇය අතිශයින් වැඩිහිටියන්ට පමණයි නැමැති ලේඛලය යටතේ ‘ඇගේ වෛරය’ චිත්‍රපටයේ රඟපෑම නිසා ඇයගේ සියලුම ප්‍රාර්ථනා සිහින බොඳ වී ගියා කිවුවොත් නිවැරදියි. ඒත් එක්කම මානසිකව කායිකව ඇය පිරිහිමට ලක් වුව ද ඇය ජීවන අරගලයට මුහුණ දෙන්නේ දුක් කම්කටොළු දහසක් මධ්‍යයේ බව කාටත් රහසක්.

කොහොම නමුත් සම්මානීය නිළියක වුවද ඇගේ වෛරයත් සමඟ සිය සිනමා ගමනට තිත තැබීමට ඇයට සිදුවුණා. ඉතින් පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය මේ දවස් වල බොහොම අපහසුතා මධ්‍යයේ ජීවන රඟමඩලේ රඟපානවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය ඉපදුණේ හැදුණේ වැඩුණේ නුගේගොඩලු. ඒ වගේම ඉගෙන ගත්තේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාවෙන් කියලත් ඇය කියනවා. ඇයගේ පවුලේ සහෝදර සහෝදරියෝ පස්දෙනයිලු. ඒ වගේම තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කලාලු, අම්මා ගෘහණියක්ලු. කොහොම නමුත් දේශපාලන පළිගැනීමක් මත ඇයගේ තාත්තා රස්සාවෙන් ඉවත් කළාලු. ඉතින් ඒ තමයිලු ඔවුන්ගේ ජීවිතවල වැටීමේ ආරම්භය. ඊට පස්සේ තාත්තාට සමුපකාරේ රැකියාවක් ලැබුණාලු. ඒ වගේම ඇය කුඩා කාලේ ඇය සිනමාවට පිස්සු වැටිලාලු හිටියේ. ඉතින් ඒ වගේම මාලිනි ෆොන්සේකා රඟ පෑ ‘සුහද පැතුම’ තමයිලු ඇය ප්‍රථම වරට බලපු චිත්‍රපටය. ඉතින් ඒක බැලුවේ හොරෙන්ලු ඇයගේ යාළුවෙක් එක්ක. ඒ වගේම ගෙදර ඇවිත් මාලිනි ෆොන්සේකා රඟන හැටි නටන හැටි ඇය ගෙදර කන්නාඩිය ඉස්සරහට වෙලා කරනවාලු. ඉතින් මාලිනි ෆොන්සේකා නිසා තමයිලු ඇයට චිත්‍රපට නිළියක් වන්නට ඇල්මක් ආශාවක් ඇති වුණේ.

ඉතින් ඒ වගේම ඇය සිනමාවට පිවිසෙද්දී ඇයට වයස අවුරුදු 14යිලු. කොහොම නමුත් ඇය ඉතා කුඩා ළමයෙක් නිසා චිත්‍රපට අධ්‍යක්ෂවරු ඇයව තෝරා ගත්තේ චිත්‍රපටවල රූප රාමුවල පෙනී සිටින දර්ශනවලට පමණයිලු. ඉතින් ඒවාගේ කිසිදු දෙබසක් නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය රඟපෑ ආන්දෝලනාත්මක චිත්‍රපටය සමනල දඩයම තමයි ඇගේ වෛරය ලෙස පසුව තිරගත වුණේ. ඉතින් මෙම චිත්‍රපටය වසරේ වැඩිම ආදායම් වාර්තා පිහිට වූ චිත්‍රපටය බවට පත් වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම බුද්ධිමත් උගත් කාන්තාවන් එම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඇයට ප්‍රශංසා කළාලු. ඒ වගේම ඇය ජනපි‍්‍රයත්වයට පත් වුණාලු. ඉතින් සමාජයට වැදගත් පණිවිඩයක් දීමට හැකිවීම සම්බන්ධයෙන් මට සතුටු වෙන්නට පුළුවන් කියලත් ඇය කියනවා.

කොහොම නමුත් මෙම චිත්‍රපටයේ ඇය රඟ නොපෑ අසභ්‍ය දර්ශන කිහිපයක් ඇතුළත් වී තිබුණාලු. ඉතින් ඒ චෝදනාවලින් අපවාදයෙන් ගැලවීමට ඇයට අවශ්‍ය නිසා ඇය නඩු මඟට පිවිසුණාලු. නමුත් ඇය නඩුවෙන් පැරදුණා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ නිසා ඇයට සමස්ත ක්ෂේත්‍රය පිළිබඳ ඇතිවුණේ කනගාටුවක්ලු. ඒ වගේම ඇයගේ අම්මා හිටියා නම් ඇයට මේ දේ සිද්ධ වෙන්නේ නැහැ කියලත් ඇය කියනවා. අවසානයේ ඇය කාමුක චිත්‍රපටවල රඟ පෑ කාමුක නිළියක ලෙස ක්ෂේත්‍රය තුළ ලේබලය වැදුණා කියලත් ඇය කියනවා. එයට හේතුව මෙම චිත්‍රපටය අතිශයින් වැඩිහිටියන්ට පමණයි නමින් තිරගත වීමලු. ඉතින් බොහෝ අයගේ ගල් මුල් අපහාස උපහාසසවලට ඇය ලක්වුණාලු. ඉතින් ඒ වගේම සිනමාවෙන් සමුගන්නට හේතුව එයයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම පොඩි පොඩි මික්සර් පැකට් හදලා වෙළෙඳාමලු මේ වසර 20 පුරා ඇයගේ ජීවනෝපාය.

Leave a Comment