paper articles

අපේ රට මොන තත්වෙක තිබුනත් මම උපයන මුදලින් 60%ක් තවමත් මම අසරණ අයට දෙනවා-ජනප්‍රිය නිලි මිෂෙල් දිල්හාරා

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ. ඉතින් අපට ඇයව මේ දිනවල පුංචි තිරය ඔස්සේ දෙරණ නාලිකාවේ විකාශනය වන පොදූ 2 හරහා දැකගන්න ලැබෙනවා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය මෙතෙක් කරපු චරිත වලින් පොදූ 2, දුෂිගේ චරිතය පොඩ්ඩක් වෙනස් චරිතයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම දුෂී කියන චරිතය ඇයගේ ජීවිතයට සමාන නෑ කියලත් ඇය කියනවා. මොකද මිෂෙල් දිල්හාරා සහ දුෂී සමාජය දකින විදිහ දෙවිදිහක්ලු. මිෂෙල් දිල්හාරා සමාජය දකින්නේ අරගල කරන්නේ නැතුව හැම කෙනෙක් එක්කම එකතු වෙලා සමාජය වෙනස් කරන්නලු. නමුත් දුෂී කියලා කියන්නේ මේ කතාවේ හැටියට ඇමැති කෙනකුගේ දුවක් නිසා එයාට උපතින්ම දායාද වෙච්ච විශාල සල්ලි ප‍්‍රමාණයක් සහ මමත්වයක් තියෙනවා කියලත් ඇය කියනවා. එතකොට කේන්ති ගියහම හැසිරෙන ආකාරය වෙනස්ලු. ඉතින් දුෂීගේ චරිතය ඇය නිරූපණය කරන්නේ හදාගත්ත චරිතයක් මතලු.

ඉතින් ඇයයි දුෂී කියන්නෙ වෙනස් චරිත දෙකක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය රංගනයෙන් උපයන සියලූම මුදල්වලින් 60% ක් අත්‍යවශ්‍ය පුද්ගලයන්, ළමා නිවාස, වැඩහිටි නිවාස සදහා හැම මාසයකම ලබා දෙනවාලු. ඒත් එක්කම මෑතකදී වසංගතය නිසා ආර්ථික අපහසුතාවට පත් වූ පවුල් දෙසීයකට හාල් ටොන් එකක් ලබා දුන්නා කියලත් ඇය කියනවා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමග කරපු වැඩසටහනකදී ටැබ් 10ක් ලබා දුන්නාලු. ඒ ඇරුනාම මොරටුව විශ්වවිද්‍යාලයේ රෝචක සහෝදරයා ඇතුළු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියෝ සාමාජිකයන් සමග එකතු වෙලා ඔවුන් කරාපිටිය රෝහලේ පිළිකා රෝගයෙන් පෙළෙන ළමයි පිරිසකට ඔවුන් කැමැති සහ අත්‍යවශ්‍ය දේවල් ලබා දුන්නා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයෙන් පස්සේ ඇයගේ රංගන ජීවිතයේ ඇගයීම් වෙනස් වුණා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී අයෝමා ගේ චරිතයට හොඳම නැගී එන නිළිය සම්මානයත්, සුමති සම්මාන උළෙලේදීත් හොඳම නැගී එන නිළිය සම්මානයත්, රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේදී අයෝමාගේ චරිතයට රාජ්‍ය සම්මානයත් ලැබුණාලු. ඉතින් ඒ වගේම ඇය මේ ටිකේ ඇයගේ අධ්‍යාපන කටයුතුත්, රංගනයත් දෙකම කරගෙන යනවාලු. ඒ වගේම ඇයගේ දෙවනි පර්යේෂණාත්මක පොතත් මේ දවස්වල ලියන්න පටන් ගත්තා කියලත් ඇය කියනවා. ඉතින් ඒ පොත් සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු වගේම රංගන කටයුතුත් සමබරව කරගෙන යනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment