paper articles

අපේ රට දාලා යන්න මොනතරම් අවස්ථා තිබුනත් දාලා නොයන්නේ රටට තියන ආදරය නිසයි-ජනප්‍රිය ගායිකා උපේකා නිර්මාණි

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දෙරණ ඩ්‍රීම්ස්ටාර් කිරුල දිනා ගනිමින් කළා ක්ෂේත්‍රයට පිවිසි දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි උපේකා නිර්මාණි කියලා කියන්නේ. ඉතින් ඇය වගේම තවත් දක්ෂ ගායන ශිල්පිනියන් කිහිපදෙනෙක්ද සමඟින් සැදුම්ලත් කාන්තාවන් හතර දෙනෙකුගේ සංගීත කණ්ඩායමක් තමයි කොච්චි කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔවුන් සංගීත කණ්ඩායමේ වැඩකටයුතු සුපුරුදු විදිහට කරගෙන යනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම අලුත් ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවාලු. ඒ වගේම මේ දවස්වල රටේ තියෙන තත්ත්වයත් එක්ක සමහර ප්‍රසංග අවලංගු වෙලාත් තියෙනවාලු. ඉතින් ඒ වගේම ඔවුන් මියුසික් වීඩියෝ එකක් එක්කම අලුතින් ගීතයක් නිර්මාණය කළාලු. කවර් සෝන්ග් වගේම ඔරිජිනල් ඒවත් ඔවුන් කරනවා කියලයි ඇය කියන්නේ. ඉතින් යහපත් තත්ත්වයක් රටේ ඇති වුණාම ඒ නිර්මාණය එළිදක්වනවා කියලත් ඇය කියනවා. එහෙම නොවුණොත් ඔවුන්ගේ මහන්සියත් අපරාදෙලු.

ඉතින් ඒ වගේම කොච්චි අනෙකුත් කණ්ඩායම් වලින් වෙනස් වෙන ප්‍රධානම දේ වෙන්නෙ ඔවුන් ගායක කණ්ඩායමක් විතරක් වීමලු. ඉතින් ඒ වගේම ඔවුන්ට රට අතහැරල යන්න ඕනෑතරම් අවස්ථා තිබුණාලු. නමුත් ඔවුන් ලංකාවට ආදරෙයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඔවුන්ගේ හැමදේම තියෙන්නෙ මෙහේලු. ඒ වගේම පිටරටකට ගිහින් තනිවෙන්න කැමතිත් නැහැ කියලත් ඇය කියනවා. ඉතින් මේ දේවල් නිසා තමයිලු ඇය තවමත් ලංකාවේ රැඳිලා ඉන්නේ. ඉතින් ඒ වගේම රටේ පවතින තත්ත්වය රංගන කටයුතුවලට වඩා බලපාලා තියෙන්නෙ සංගීත කටයුතු වලට කියලත් ඇය කියනවා. ඒ නිසා එළිමහන් ප්‍රසංග පැවැත්වෙන්නෙත් බොහොම අඩුවෙන්ලු. ඒ වගේම සංගීත ශිල්පීන්ට ඉස්සර වගේ නිදහසේ වැඩකටයුතු කරගෙන යන්න අවස්ථාවක් නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඉන්දන හිඟය නිසා ගොඩක් ප්‍රසංග අවලංගු වුණ අවස්ථා තියෙනවාලු. දුරබැහැර ප්‍රසංගවලට සහභාගී වෙන අවස්ථාවලදි ගොඩක්ම ඒ ගැටලුව බලපානවා කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇය දැනට අවුරුදු දොළහක් පුරා ඉතා සාර්ථක විදිහට සංගීත වැඩකටයුතු කරගෙන යනවාලු. ඉතින් මෙතෙක් පැමිණි ගමන ගැන ඇත්තටම සතුටුයි කියලත් ඇය කියනවා. ඒකට හයියක් වුණේ රසික රසිකාවියන් කියලත් ඇය මතක් කරනවා. ඒ වගේම ඔවුන්ට ඇය සාධාරණයක් කරනවා කියලත් ඇය හිතනවාලු. ඉතින් ඒ වගේම සංගීතය අහල, දැකල මේ ප්‍රශ්නවල ඉන්න මිනිස්සු යම්කිසි වින්දනයක් ලබනවා නම් ඒක තමයිලු ඇය බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මුදල් හම්බකරනවට වඩා හදවතින් යමක් කරන එක තමයිලු ඇයගේ සතුට. ඉතින් ඒ වගේම දැනට අවුරුදු හතරක් පුරා ඇයගේ වැඩකටයුතු වලට සැමියාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයට තනියෙන් කරගන්න බැරිවුණ දේවල් ඔහු තමයිලු ඇයට හයියක් වෙලා ඉදිරියට ගෙනාවේ. ඉතින් ඇත්තටම කිව්වොත් ඇයගේ සිහින සැබෑ වුණේ ඔහු නිසා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම තාත්තටයි ඇයටයි ගීතයක් කරන්න කියලා ගොඩක් දෙනෙක් කියනවාලු. නමුත් ඒක සම්බන්ධ කරන්නෙ මොන විදිහටද කියන ප්‍රශ්නය ඔවුන්ට තියනවාලු. ඒ නිසා හොඳ මාතෘකාවක් තෝරාගෙන තමයි ඒක කරන්න ඕන කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම කොච්චි බෑන්ඩ් එක ගැන තාත්තා ගොඩක් සතුටුයිලු. සමහර දේවල් මෙහෙම වෙන්න ඕන කියලා කියන්න දෙයක් නෑ කියලා තමයිලු ඔහු කියන්නේ.

Leave a Comment