paper articles

අපේ මිනිස්සුන්ගේ අසරණ කම මට ඇමරිකාවේ ඉඳන් බලන් ඉන්න බැරි නිසයි ලංකාවට ආවේ-ජනප්‍රිය ගායිකා ටීෂා පෙරේරා

අපේ කළා ක්ෂේත්‍රයේ හිටපු ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි ටීෂා පෙරේරා කියලා කියන්නේ. කොහොම නමුත් මීට වසර කිහිපයකට කලින් විදෙස් ගත වුනු ඇය දැන් නැවතත් ලංකාවට ඇවිත්. ඉතින් ඇය මීට අවුරුදු හතරකට කලින් ලංකාවට ඇවිත් ගියාලු. හැබැයි ඒක කවුරුත් වැඩිය දැනගත්තේ නැහැ කියලයි ඇය නම කියන්නේ. ඒ නිසා අවුරුදු දාහතරකට පස්සේ තමයිලු මාසයක් ලංකාවේ ජීවත්වෙන්න ඇය ඇමෙරිකාවේ ඉඳන් ලංකාවට ආවේ. ඒ වගේම අවුරුදු දාහතරක්ම ඇමෙරිකාවේ හිටපු ඇයට අපහු ලංකාවේ ඉන්න ආසා හිතුණාලු. ඒ වගේම ඇයගේ අයියා ඉන්නේ ලංකාවේ නිසා එයාව බලන්නත් ඕන වුණාලු ඇයට. ඉතින් ඒ වගේම ලංකාවට එන්න හැමදේම සූදානම් කරමින් ඉන්න අතරතුරේදී තමයිලු ලංකාවේ තත්ත්වය වෙනස් වුණේ. ඒ වගේම ටීෂා කියන නම හැදුනේ ලංකාවේ කියලත් ඇය කියනවා.

ටීෂා කියන කෙනාව ගොඩනැගුණේ මේ රටේ ඉන්න ආදරණීය මිනිසුන් නිසයිලු. ඒ නිසාම ඔවුන් අසරණ වෙලා ඉඳිද්දී ඇයට ඇමෙරිකාවට වෙල් ඉන්න බැරිවුණාලු. ඒ නිසා තමයිලු ශාන් සහ ඇය තීරණය කළේ මේ කාලේදී ටික කාලයකට හෝ ලංකාවට එමු කියලා. ඒ වගේම ඔවුන්ගේ ව්‍යාපාර තිබෙන්නෙත් ලංකාවේලු. ඒ හැමදේම බලන්න තමයිලු ඔවුන් ලංකාවට ආවේ. ඉතින් ඒ වගේම රහසින් එන්නම් කියන්නේ ලංකාවට ඇවිත් ඇය කරපු අලුත්ම ගීතයලු. ඉතින් ලංකාවට ඇවිත් මාසයක් හිටපු එකේ අලුත් සින්දුවක් කරන්නත් ඇයට හිතුණාලු. ඒ වගේම ආයෙ ලංකාවට කවදා කොයි කාලේදී එන්න පුළුවන් වෙයිද කියලා ඇය දන්නේ නැහැලු. ඒ නිසා මේ අලුත් ගීතය විශේෂයි කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇයගේ සැමියා ව්‍යාපාරිකයෙක්ලු. ඒ වගේම ඔවුන්ට මේ වෙද්දී අවුරුදු දෙකහමාරක පුංචි පුතෙකුත් ඉන්නවා. ඒ වගේම ඇය ඇමෙරිකානු රෙකෝඩින් ලේබලයක් යටතේ ගීත ඇල්බම් දෙකක් කළාලු. ඇයගේ ගීත එහේ ප්‍රචාරය වෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් පුතා ලැබුණට පස්සේ ඇය ඒ හැම දෙයක්ම ටික කාලයකට නතර කළාලු. ඉතින් දැන් ඇයගේ මූලික තැන ලබල දීලා තියෙන්නේ ඇයගේ පුතාටයි, ඇයගේ පවුල් ජීවිතේටයිලු. ඒ නිසා චූටි පුතා එක්ක තමයිලු ඇයගේ කාලය වැඩිපුරම ගෙවෙන්නේ. ඉතින් ඒක හරි සුන්දර කාලයක් කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ඇය ලංකාවෙන් යන කාලේ ප්‍රසංග වේදිකාවේ බොහෝ ආරාධනා ලැබුණාලු. නමුත් අවුරුදු දාහතරකට පස්සේ ලංකාවට ආවත් මිනිස්සු ඇයව හඳුනාගත්තා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒක ඇයට ලොකු සතුටක් වුණාලු.

ඉතින් ඒ වගේම ඇය පුංචි කාලේ ඉඳන් සින්දු කියන්න ආසයිලු. හැබැයි ඇයට ගායිකාවක් වෙන හීනය ආවේ ඇයට අවුරුදු පහළොවක් වගේ කාලයේදීලු. ඉතින් ඉස්සර කණ්ණාඩිය ළඟට ගිහින් තනියම මයික් එක වගේ බොරුවට අත තියාගෙන සින්දු කියපු කාලයක් තිබුණාලු. ඉතින් ඒ වගේම ඒ කාලේ ඇයට බැණුම් අහන්න හරි වෙනසක් කරන්න ඕනෑ වුණාලු. ඒ නිසා ඇය ගීත ගායනා කරද්දී තව ගැහැනු ළමයි දෙන්නෙක් එක්ක නටමින් සින්දු කිව්වාලු. ඉතින් ඒක වෙනසක් වුණා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම රන්වන් මල් මාල පළඳා ගීතය ඉතාම ජනප්‍රිය වුණා කියලත් ඇය කියනවා. ඒක වෙනමම සුන්දර කාලයක්ලු. ඉතින් අදටත් ඇය ඒ කාලයට හරි ආදරෙයි කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇය අවුරුදු දාහතරකට කලින් මේ රටේ යම්කිසි විදිහකින් කලාකාරියක් විදිහට නමක් හදාගත්තු කෙනෙක් කියලත් ඇය මතක් කරනවා. ඉතින් ඇයට ඒ නම තව ටිකක් ඉදිරියට ගෙනියන්න ආසයිලු. ඒ වගේම ඇය ගායිකාවක් වුණේ කාගේවත් උදව්වෙන් නෙමෙයි කියලත් ඇය කියනවා. ඇය කවදාවත් කාගේවත් කකුලෙන් ඇදලා තව කෙනෙක් කපලා දාලා මේ තැනට ආවේ නැහැලු. ඉතින් ඒ වගේම අද ඇය ඇමෙරිකාවේ මොනතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළත් ඇය ලංකාවේ ගතකරපු ඒ කාලය හොඳට මතකයි කියලත් ඇය කියනවා. ඉතින් ඇය ඒ කාලයට වගේම අපේ රටට අපේ රටේ මිනිස්සුන්ට හරි ආදරෙයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment