paper articles

අපේ ගෙදර කොච්චර වාහන තිබුනත් මට ඕන වුනේ මගේම සල්ලි වලින් මටම කියලා වහනයක් ගන්නයි-ජනප්‍රිය නිලි රංගි රාජපක්ෂ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි රංගි රාජපක්ෂ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපට ඇයව පහුගිය කාලේදී රූපවාහිනී නාලිකාවේ විකාශනය වුණ මැටි කඩුළු ටෙලිනාට්‍යයෙන් වගේම දෙරණ නාලිකාවේ විකාශනය වුනු සිදූ ටෙලිනාට්‍ය හරහාත් අපට ඇයව දැකගන්න ලැබුණා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ ආසාවල් ගැන වගේම තෝරාගැනීම් ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇයට ආපහු පුංචි කාලේට යන්න ඇත්නම් ඉස්කෝලේ තුන වසර හතර වසර කාලවල ගෙවුණ ළමා කාලයට ඇය හරිම ආසයිලු. ඒ වගේම ඇය ඉගෙන ගත්තේ හංවැල්ල ශ්‍රී සුමනජෝති මහ විදුහලේලු. ඒ වගේම ඇය ගැමි පරිසරයක ජීවත්වුණ කෙනෙක් කියලත් ඇය කියනවා. ඉතින් ඒ කාලේට ඇය හරි ආසයිලු.

ඒ වගේම ඇය පුංචි කාලේ අපි සෙල්ලම් කලාලු ඇති තරම්. ඒ අතරින් සෙල්ලම් ගෙවල් දාන්න ඇය හරිම ආසා කළාලු. සෙල්ලම් ගෙදරදිත් ඇය වැඩිපුරම අම්මා සහ ගුරුවරිය කියන චරිත දෙක රඟපෑවාලු. තව ගස්වලට ගගහා ඉගැන්නුවාලු. ඒ වගේම අම්මගේ සාරියක් හරි රෙද්දක් හරි ඇඳගෙන හැඩ බැලුවාලු. ඉතින් ඒ කාලේ හරිම සුන්දරයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම දැන් දරුවන්ට ඒ ළමා කාලයක් ගත කරන්න ලැබෙන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඇයට තාම මතකයිලු පුංචි පුංචි සුදු තිත් තිබුණ, පාට පාට පොඩි මැටි වළං සෙට් එකක් ඒ කාලේ ඇයට තිබුණා කියලා. ඉතින් ඇය ඒවගේ සෙල්ලම් වැලි බත් ඉව්වාලු. කොළ කඩල ඒවා එළවළු හැදුවාලු. ඉතින් ඒක අදටත් හොඳට මතක සුන්දර කාලයක් කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇය දැන් පදින වාහනය Honda Grace එකක්ලු. මේ වාහනය මීට අවුරුද්දකට විතර කලින් ගත්ත එකක්ලු. ඒ වගේම ඊට කලින් ඇයට Toyota Passo එකක්ලු තිබුණේ. ඒ වගේම ඇයගේ තාත්තා ලර්නර්ස් එකක් කරනවාලු. ඒ නිසා ඇයගේ ගෙදර වාහන තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒත් ඇයට ඕනවුණේ ඇයගේම සල්ලිවලින් ඇයගේම වාහනයක් අරගෙන පාවිච්චි කරන්නලු. ඉතින් ඇය අවුරුදු පහකට කලින් ඇයටම කියලා පොඩි මයික්‍රො වාහනයක් ගත්තාලු. ඊට පස්සේ Passo එක අරගෙන දැන් Honda Grace එකක් ගත්තා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම ඇය දිගට අඳින්න කැමති කෙනෙක්ලු. ඒ නිසා වැඩිපුරම දිග ගවුම් තමයිලු අඳින්නේ.

ඒ වගේම ඇයට කොච්චර ගියත් නුවරඑළිය පැත්තේ තියෙන ඒ දේශගුණය එපා වෙන්නේ නැහැලු. ඉතින් ඒ පැත්තට ඇය හරි ආසයිලු. ඒ වගේම රිවස්ටන් යන්නත් ඇය හරි ආසයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේම කොච්චර කෑවත් ඇයට දූරියන් නම් එපා වෙන්නේ නැහැලු. දූරියන් තියෙන කාලේට ඇය එකදිගට දූරියන් කනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය අඹ ජූස්වලටත් හරි ආසයිලු. ඒ වගේම ඇය හැමෝම එක්ක හිනාවෙලා කතාබහ කරලා ඇයගේ පාඩුවේ ජීවත් වෙන්න කැමතියි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment