Life Story

ළඟදීම විවාහ වෙන්න යන සුරූපී නිලි පියුමි හංසමාලි ආදරණීය කඩවසම් පෙම්වතා සමඟින් ගෙවන සුන්දර ජීවිතේ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන සුන්දර රූ සපුවකට හිමිකම් කියන ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය අපේ රටේ ගොඩක්ම ප්‍රසිද්ද සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහටයි. කොහොම නමුත් නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිසෙන ඇය මේ වනවිට අලුත් අලුත් මියුසික් වීඩියෝ රැසක් හරහා මෙන්ම කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ජාලා තුලත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන නිතරම උණුසුම් පුවත් මවන චරිතයක් කිවුවොත් හරියටම හරි.

ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තර ක්‍රියාකාරි චරිතයක් විදිහට කටයුතු කරන ඇය සෘජුව අදහස් ප්‍රකාශ කරන කෙනෙක් වගේම කියන්න තියෙන දේ කෙළින් කියන චරිතයක් විදියටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය හිතන්නේ ඇය කෙළින් කතා කරන, විවෘතව කතා කරන කෙනෙක් හින්දා බොහෝ දෙනා ඇයට ආදරය කරනවා ඇති කියලලු. ඒ වගේම ඇයට බණින අයත් ඇයගේ දේවල් ෆලෝ කරනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇයව සමාජ මාධ්‍ය හරහා මිලියන ගණනක් රසිකයන් ආදරයෙන් පිළිගෙන තිබීම ගැන ඇයට ලොකු සතුටක්ලු තිබෙන්නේ. ඇය ඒකට හරිම ආසයි කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය හිතන්නේ ජැකලීන්ට පස්සේ ඉන්ස්ටර්ග්‍රෑම් වල ඇය වෙන්නැතිලු මෙතරම් රසික පිරිසක් එකතු කරගත් අපේ රටේ එකම කෙනා. ඉතින් ඒ වගේම මෑතක දීලු ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ආරම්භ කළෙත්.

ඉතින් ඒ වගේම ඇය දරන අදහස් සහ මතිමතාන්තර අනුව ඇය පිළිබඳව සමාජය තුළ නොයෙකුත් ආකාරයේ කතාබස් නිතරම නිර්මාණය වෙනවා දකින්නට පුළුවන්. කොහොම නමුත් ඇය පුංචි පුතෙකුගේ ආදරණීය අම්මා කෙනෙක්. ඉතින් පුංචි පුතත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරපු අපේ ආදරණීය කළා ශිල්පිනිය දැන් නැවතත් විවාහ වෙන්නයි සුදානම. ඉතින් ඇය කඩවසම් තරුණයෙකු සමඟින් විවාහ වෙන්න යන පුවත අපි පහුගිය දවසක ඔබ වෙත අරගෙන ආවා ඔබට මතක ඇති. ඉතින් මේ පියුමිගේ හිත දිනාගත් කඩවසම් තරුණයාගේ නම තමයි ප්‍රගීත් තනුෂ්ක කියලා කියන්නේ. ඉතින් මේ ආදරණීය යුවලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment