Life Story

වසර 40කට අදික මගේ රංගන දිවිය තුල මට කිසිම සම්මානයක් ලැබිලා නැහැ-රොඩ්නි වර්ණකුල

අපේ රටේ බාල මහලු කොයි කවුරුත් එක ලෙස ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම ප්‍රවීණ රංගන ශිල්පියෙක් මෙන්ම දක්ෂ ගායන ශිල්පියෙක් තමයි රොඩ්නි වර්ණකුල කියලා කියන්නේ. ඉතින් මේ අපූරු රංගන ශිල්පියා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ කළා කටයුතු ගැන වගේම අලුත්ම තොරතුරු ගැනත් කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

කොහොම නමුත් පාසල් වේදිකාවෙන් තමයි ඔහුගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ. හයවන ශ්‍රේණියේ සිටම ඔහු පාසල් වේදිකාවේ කැපී පෙනෙන සිසුවෙක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඔහුගේ පාසල පමුණුගම මහා විද්‍යාලයයි. ඉතින් ඔහු වේදිකාවේ රංගන ශිල්පියෙකු විදිහටත් පාසලේ විවිධ තරගවලට සහභාගී වෙලා තියනවා. ඉතින් ඒ වගේම ඔහු ඒ කාලේදී අන්තර් පාඨශාලා තරගවලටත් සහභාගි වෙලා තියනවා. ඒ වගේම රංගනය විතරක් නෙවෙයි ඔහු කවි ගායනා කළා, ගීත ගායනා කළා, වාද විවාද කණ්ඩායම්වලත් හිටියාලු. ඉතින් මේ වගේ බොහෝ අංශවලින් පාසලේදී දක්ෂතා කුසලතා වඩවා ගන්න ඔහුට හැකියාව ලැබිලා තියනවා.

කොහොම නමුත් රටක් ආදරය කරන මේ දක්ෂ කළා ශිල්පියාගේ මවත් පියත් දෙදෙනාම මේ වනවිට ජීවතුන් අතර නැහැ. ඔහුට අක්කලා දෙදෙනෙක්, මල්ලිලා දෙදෙනෙක් සහ එක් නංගී කෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන්ට කුඩා කාලයේ හිමිවුණේ ඉතාම සරල ජීවන රටාවක් කියලයි ඔහු පවසන්නේ. තාත්තා රජයේ සේවකයෙක්. අම්මා රැකියාවක් කළේ නැහැලු. ඉතින් මහා ලොකු ආර්ථික පසුබිමක් ඔවුන්ට තිබුණේ නැහැලු. ඉතා කුඩා ලෑලි ගෙදරකලු ඔවුන් ජීවත් වුනේ. බිම එලූ පැදුරක තමයි නිදාගෙන තියෙන්නේ. ඉතින් ඒ කාලේ කුස්සියේ වාඩිවෙලා අම්මා රහට උයලා දෙන කෑම ටික හයදෙනාම වටවෙලා කෑවලු.

ඉතින් ඒ වගේම ඔහුගේ තාත්තා ගමේ පොල් කොටන් වේදිකාවේ ටීටර් පෙන්නද්දී, සංගීත සාජ්ජවලදී තාත්තාට ගමේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර දකිද්දී ඔහුටත් ඒ ගැන ලොකු කැමැත්තක් උනන්දුවක් ඇතිවුණාලු. ඒ නිසාම කුඩා කාලයේදීම ඔහුටත් රංගනයට, රංගන ශිල්පියෙක් වෙන්න හිතේ ආසාවක් ඇතිවුණා කියලයි ඔහු පවසන්නේ. එහෙම නැතිව දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් වෙන්න ඔහු හීන දැක්කේ නැහැලු. ඉතින් ඒ වගේම රංගන ශිල්පය ඔහුට ජීවිතේ බොහෝ දේ ලබා දුන්නා වගේම ඒක හරිම වාසනාවක් කියලයි ඔහු පවසන්නේ.

කොහොම නමුත් ඔහු වෘත්තීය රංගන ශිල්පියකු ලෙසින් කලඑළි බැස්සේ ලූෂන් බුලත්සිංහලයන්ගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය හරහායි. ඉතින් ඊට පස්සේ වැනීසියේ වෙළෙන්දා, ආනන්ද ජවනිකා, මධුර ජවනිකා, නරි බෑණා ආදී ලෙස වේදිකා නාට්‍යය පනහකට පමණ ඔහු රංගනයෙන් දායකත්වය සපයලා තියනවා. ඉතින් ඒ වගේම කුමටද සොබනියේ කඳුළු සලන්නේ ගීතය ගයමින් වසර ගණනාවක් ගම දුව සැනසවූ නරිබෑණා වූයේත් ඔහුයි. ඒත් එක්කම 1988 වසරේදී රොඩ්නිද ටෙලි තිරයට සම්ප්‍රාප්ත වූ පසු ඇන්ඩෘ ජයමාන්න අධ්‍යක්ෂණය කළ ගමේ විත්ති ටෙලි නාට්‍යය හරහා මුලින්ම ඔහු පුංචි තිරයට අවස්තිර්ණ වුණා. ඉතින් ඊට පස්සේ බෝඩිම, වාඩිය, නෝනාවරුනි මහත්වරුනි, එතුමා, සෙදෝනා, නාන කාමරය, දර ගැරේජ් ආදී ටෙලිනාට්‍ය 25කට පමණ ඔහු රංගන දායකත්ව සපයලා තියනවා.

කොහොම නමුත් වසර 40ක් පමණ වන ඔහුගේ රංගන දිවිය තුළ ඔහු කිසිම සම්මාන උළෙලක සම්මාන ලබාලා නැහැලු. එකම වතාවක් රාජ්‍ය නාට්‍ය උළෙලකදී කුසලතා සම්මානයක් හිමිවුණා කියලත් ඔහු පවසනවා. ඒ ගුරු තරුව වෙනුවෙන්. කොහොම නමුත් ඔහුට ජන සම්මාන නම් නිවස පිරෙන්නම ලැබිලා තියෙනවා කියලත් ඔහු කියනවා. ඉතින් ඒ වගේම ඔහු සිනමාවට ප්‍රවිෂ්ට වුනේ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ බහුබූතයෝ චිත්‍රපටය හරහායි. ඉන් අනතුරුව සිකුරු හතේ, ගින්දරී, සුහද කෝකා, ක්ලීන් අවුට් ආදී චිත්‍රපට දහයකට පමණ ඔහු රංගනයෙන් දායකත්වය ලබාදීලා තියනවා.

ඔහුගේ ගායන හැකියාව හරහාද ඔහුට කලා ලොවේ ජනහද දිනූවකු වීමට හැකියාව ලැබුණා. ඉතින් මේ වනවිට ඔහු ගීත දෙසීයක් පමණ ඔහු ගායනා කරලා තියනවා. ඒත් එක්කම සංයුක්ත තැටි කිහිපයක්ද එළිදක්වා තිබෙන අතර ප්‍රසංගවලදීද ඔහුට ඉතා ඉහළ ප්‍රතිචාර හිමිවන්නේ ඔහු සතු ගායන හැකියාව නිසාමයි. ඉතින් ඒ වගේම මේ වනවිට දරු මුණුබුරන් සමඟ ජීවත්වන ඔහු තවමත් වේදිකාව සමඟ නිරත්තරයෙන් එක්වනවා දකින්න ලැබෙනවා. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ තමයි ඉරානි සුබසිංහ. ඉතින් මේ ආදරණිය යුවලට ප්‍රසංගිකා, සමාධි නමින් දියණියන් දෙදෙනෙකුත් ඉරෝන් නමින් පුතෙක්ද ඉන්නවා. ඒත් එක්කම දියණියන් දෙදෙනාම විවාහ වී දරුවන් ලැබ සතුටින් ජීවිත් වෙනවා. ඒ වගේම ඔහුගේ එකම පුතා මේ වනවිට සිය උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටිනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment