Life Story

රටක් ආදරය කරන ජනප්‍රිය ගායිකා සශිකා නිසංසලාගේ ආදරණීය කැදැල්ලේ අලුත්ම ඡායාරූප පෙළ

අපේ රටේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම නිහතමානී සුන්දර ගායන ශිල්පිනියක් තමයි සශිකා නිසංසලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ජනප්‍රිය ගායන ශිල්පිනියක් ලෙසට එක දිගට සම්මානයෙන් පිදුම් ලද ප්‍රවීණයන් හා උරෙන් උර ගමනක යන ගායන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේම ඇය අද මේ ඉන්න තැනට ගෙන්න ඇයගේ අම්මා තාත්තා ලොකු දුකක් වින්දා කියලයි ඇය පවසන්නේ. ඒ කාලේ ඔවුන්ට ලොකු ආර්ථික පසුබිමක් තිබ්බේ නැහැලු. ඉතින් ඒ වගේම ක්ෂේත්‍රයට එන්න හදපු මුල් කාලේ ඕන තරම් කකුලෙන් ඇදිලි තිබුණා කියත් ඇය පවසනවා. ඒ හැම දේකදිම ඇයගේ දෙමව්පියෝ වගේම ඇයගේ සහෝදරයා ඇයට ලොකු ශක්තියක් වුණාලු. ඒ වගේම ඇයගේ තාත්තට තමයිලු ගොඩක්ම ඇයව ගායිකාවක් කරන්න ඕනේ උනේ. ඔහු වෙහෙසුනේ ඇයව උගත් ගායිකාවක් කරන්නලු.

කොහොම නමුත් ඇය දැන් රටක් ආදරය කරන ගායිකාවක් වෙලා හමාරයි. ඉතින් ඒ වගේම ඇය දැන් ආදරණීය බිරිඳක් වගේම සෙනෙහෙබර මවක්ද වනවා. ඉතින් මෙදා පාර අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ ආදරණීය පුංචි කැදැල්ලේ අපූරු සුන්දර ඡායාරූප කිහිපයක් ලබා ගෙන තියනවා අපට දැකගන්න ලැබුණා. ඒත් එක්කම ඔවුන්ව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසු කරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන නලීම් කමල්ඩින් ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ඡායාරූප කිහිපයක් අපි ඔබ වෙත අරගෙන ආවා. ඉතින් ඒත් එක්කම මේ ආදරණීය කැදැල්ලට අපි සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරමු.

Leave a Comment