Life Story

රංගනය කියන්නේ මගේ ඇඟේ කෑල්ලක් වගේ-තුන්පනේ ටෙලිනාට්‍යයේ දුලානි වුනු නවක නිලි ගීත් රත්නායක

අපේ කළා ක්ෂේත්‍රයට එකතුවුණු දක්ෂ ජනප්‍රිය වගේම නවක රංගන ශිල්පිනියක් තමයි ගීත් රත්නායක කියලා කියන්නේ. කොහොම නමුත් ඇය පුංචි තිරයට අලුත් මුහුණක් වගේම අලුත් නමක් වුනත් ඇයගේ රංගනයේ නම් අලුත් බවක් පෙනෙන්නට නැහැ. ඉතින් ඒ ඇය ජාතික නාලිකාවේ විකාශනය වන තුන්පනේ ටෙලි නාට්‍යයේ දුලානිගේ චරිතය රඟපාන අපූරුව නිසයි. ඉතින් ඒ වගේම ඇය මීට කලින් සුපුන් රත්නායකගේ අඩෝ ටෙලි නාට්‍යයේ අමන්දාගේ චරිතය රඟපෑවාලු. ඉතින් එයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම එම චරිතය නිසා ඇයට රයිගම් ටෙලි සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් හිමිවුණා කියලත් ඇය කියනවා.

ඉතින් ඊට පස්සේ ඇයට සුපුන් රත්නායකගේම තුන්පනේ ටෙලි නාට්‍යයේ දුලානිගේ චරිතයට ආරාධනා කළාලු. ඉතින් දුලානි මේ නාට්‍යයට අතරමැද්දේදී තමයිලු සම්බන්ධ වෙන්නේ. ඒ වගේම නාට්‍ය ගලාගෙන යනකොට මේ චරිතය සුවිශේෂී චරිතයක් වෙලා තියෙනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ඇය හිතුවේ නැහැලු දුලානි මේ තරම් හයිලයිට් වේවි කියලා. හැබැයි දැන් ගොඩක් අය දුලානි කවුද කියලා හොයනවාලු. ඒ වගේම මිනිස්සු ඇයව කටහඬින් හඳුනාගන්නවාලු. ඉතින් ඒ වගේම ඇයගේ වෘත්තිය රඟපෑම නෙමෙයිලු. ඇය වෙළෙඳ සමීක්‍ෂණ ආයතනයක් පවත්වාගෙන යනවාලු. ඉතින් ඇය මාර්කට් රිසර්චර් කෙනෙක් කියලයි ඇය කියන්නේ. නමුත් ඇය මහේන්ද්‍ර පෙරේරා, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රසන්න මහමගමගේ යන අයගෙන් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගෙන තියෙනවාලු.

ඉතින් ඒ වගේම ඇයව මුලින්ම රංගනයනට එක්කගෙන ආවේ ගංගා බක්මීවැව කියන ගුරුතුමිය කියලත් ඇය මතක් කරනවා. ඒ වගේම ඇය වේදිකා නාට්‍යවලත් ගොඩක් රඟපාලා නැහැලු. කෙටි නාට්‍ය කිහිපයකට හා කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ දිගු නාට්‍යයකත් රඟපාලා තියෙනවාලු. ඒ වගේම ඇය අදටත් රංගනය අත්නොහැර ඉගෙන ගන්නවාලු. ඉතින් ඒ අතරතුර තමයිලු රඟපෑමට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නේ. ඉතින් ඒ වගේම ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න ඕනෑ කියලත් ඇය කියනවා. ඒක හින්දා මාර්කටින් රිසර්ච් රස්සාව තෝරාගත්තාලු. ඒ වගේම ඇය කොළඹට ඇවිල්ලා දැන් අවුරුදු දහතුනක් විතර වෙනවාලු. ඒ වගේම ඇය මුල් කාලයේ ලොකු කට්ටක් කෑවාලු. ඒ වගේම නාට්‍ය විතරක් කරගෙන ඉන්න පුළුවන්ද කියලත් බලන්න උත්සාහ කළා කියලත් ඇය කියනවා. ඒ වගේම කොළඹ ඉන්නකොට ඒ ජීවිතය ගෙවන්න අමාරුයි කියලත් ඇය කියනවා. ඉතිං ඇය එක මොහොතක තීරණය කරාලු රස්සාවක් කරනවා කියලා.

ඉතින් දැන් රංගනය කියන්නේ ඇයගේ ඇඟේ කෑල්ලක් වගේලු. ඒ වගේම කලාව කියන්නේ ඇයගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම ඇය පේරාදෙණියේ ඉඳලා කොළඹ ආවේ මාවලගේ සර්ගේ ජනමාධ්‍ය පාඨමාලාව හදාරන්නලු. ඒ වගේම ඇය ජාතික රූපවාහිනියේ කාලයක් ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් වැඩ කළාලු. තව පිටපත් රචිකාවක් විදිහට පෞද්ගලික ආයතනයක වැඩ කළාලු. ඉතින් ඔය අතරේ නාට්‍යකරණය ගැන ඇය හැදෑරුවාලු. හැබැයි ඇත්තටම කොළඹ ආවේ ජනමාධ්‍යවේදය හදාරන්නලු. අන්තිමට ඒ ජීවිතය ඉවර වුණේ රංගන ශිල්පිනියක් වෙලා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment