Life Story

මේ වගේ කාලකන්නියෝ ඉන්න රටකටද පුතේ මන් ඔයාව ඉපැද්දුවේ-ජනප්‍රිය නිලි මුතූ තරංගා

අපේ කළා ක්ෂේත්‍රය ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ ගායන ශිල්පිනියක් තමයි මුතූ තරංගා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම කාලයක් රුපවාහිනී තිරය ඔස්සේ නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක් විදිහටත් ඇයව හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇය පහුගිය කාලයේ හා හා පුරා කියලා උතුම් මව් පදවියත් ලැබුවා කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ ආදරණීය පුංචි පුත් කුමාරයෙක් මේ ලෝකෙට බිහිකරමින්.

කොහොම නමුත් මේ දවස් වල අපේ රටේ බොහෝ කළා කරුවන් පිරිසක් අපේ ලංකාව වෙනුවෙන් දීප ව්‍යාප්ත අරගලයට එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ අරගලයට මුතූ තරංගාත් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසාම ඇය පහුගිය දිනයකදී කළා කරුවන් රැසකගේ සහභාගීත්වයෙන් කොලඹ පැවැත්වුණු මහා උත්ගෝෂණයට ඇයත් එකතු වෙලා තිබුණා.

ඉතින් ඒ වගේම මේ පහුගිය කාලයේ උතුම් මව් පදවිය ලබපු ඇය අතිශය සංවේදී සටහනක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය පවසලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්. මේ වගේ කාලකන්නියෝ ඉන්න රටකටද පුතේ මන් ඔයාව ඉපැද්දුවේ. මට සමාවෙන්න රත්තරනේ. ඇයි මුන්ට හිතක් පපුවක් නැත්තේ දෙවියනේ කියලා සටහනක් කරමින් පොස්ට් එකකුත් ඇය එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් එහි සඳහන් වෙලා තිබුනේ දුක් විදින දරු පැටව්, තාත්තලා කිරි පිටි හොයනවා, බෙහෙත් හොයනවා, බැටරි වලින් වැඩ කරන ෆෑන් හොයනවා. අම්මලා කළුවරේ මදුරුවෝ කකා ගෙවල් වලින් එළියේ පැදුරු එලාගෙන මුකුත් නොදැන විලාප දෙන කිරි සප්පයා නිදි කරවන්න හදනවා. මේකද මාරුවෙන් මාරුවට හදපු රට කියලා පොස්ට් එකක්ද ඇය එකතු කරලා තිබුණා.

Leave a Comment