Life Story

මේ තාක් කවුරුත් දැකපු නැති දිනක්ෂි සහ සාරංගගේ පුංචි දූ සිගිත්තියගේ මුහුණ දිනක්ෂිගේ නැන්දම්මා ලෝකෙටම පෙන්නයි

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම ආදරණීය කළා යුවලක් තමයි සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පහුගිය දවසක දිනක්ෂි සිගිති දියණියක් මෙලොවට බිහිකරමින් උතුම් මව් පදවිය ලැබීමත් සමඟ දැන් මේ ආදරණීය යුවල මව් පියන් වූ බවත් අපේ රටේ හැමෝම දන්නා කාරණයක්.

කොහොම නමුත් අලුත උපන් පුංචි සිඟිති දියණියත් එක්ක මේ දවස් වල මේ ආදරණීය යුවල ඉතාමත් සුන්දර ජීවිතයක් ආදරෙන් සතුටෙන් ගතකරන බව කාටත් රහසක් නෙමෙයි. මොකද මේ ආදරණීය කැදැල්ලේ ආදරණීය සුන්දර ඡායාරූප නිතරම අපට ඔවුන්ගේ සාමාජ මාධ්‍ය ජාලා ගිණුම් හරහා දකින්න ලැබෙන නිසා. කොහොම නමුත් විටින් විට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට මේ ආදරණීය පුංචි කැදැල්ලේ ඡායාරූප එක්කලත් මේ පුංචි දූ සිගිත්තියගේ මුහුණ නම් ඔවුන් මේ වෙනකන් කාටවත් පෙන්නුවේ නැහැ.

ඉතින් ඒ වගේම මේ සිගිති දියණියගේ මාස හයේ උපන්දිනයත් මේ ආදරණීය කැදැල්ලේ හැමෝම එකතු වෙලා පහුගිය දවසක ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. කෙසේ නමුත් එම අවස්ථාවේදීවත් මේ සිගිති දියණියේ මුහුණ පෙනෙන ඡායාරූපයක් ඔවුන් සමාජ මාධ්‍ය වෙත මුදාහැරලා තිබුනේ නැහැ. ඉතින් පහුගිය දවසක සාරංගගේ මව එනම් දිනක්ෂිගේ නැන්දම්මා වන තිලකා රණසිංහ මහත්මිය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට මේ පුංචි දූ සිගිත්තියගේ මුහුණ පෙනෙන ඡායාරූපයක් එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ පුංචි දියණියට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment