Life Story

මගේ ආදර සම්බන්ධය නැවතුනාට පස්සේ මට ඩිප්‍රෙෂන් හැදුනා-ජනප්‍රිය සුරූපී නිලි සෙනාලි ෆොන්සේකා

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම පවුලෙන් ලැබුණු රංගන හැකියාවත් එක්ක මේ දිනවල පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන් දකින්න ලැබෙන රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. අපේ රටේ නිලි රැජින මාලනී ෆොන්සේකා, දමයන්ති ෆොන්සේකා, සමනලී ෆොන්සේකා ඇතුළු රංගන පරම්පරාවකින් පැවත එන ඇය කොයි කාගේත් ආදරය දිනාගන්නට හැකියාව ලැබුනු සම්මානයට පවා පාත්‍ර වෙන්නට වාසනාව ලැබුන අපූරු රංගන ශිල්පිනියක් තමයි ඇය.

ඉතින් ඒ වගේම සිරිපැරකුම් චිත්‍රපටයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඇය නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය ඔස්සේ මේ වනවිට අපේ රටේ දෙනාගේ ආදරයට පාත්‍ර වෙනවා. කොහොම නමුත් විදෙස්ගත වෙලා අධ්‍යාපනය හදාරපු ඇය මේ වන විට උපාධියේ සියලුම වැඩ කටයුතු අවසන් කරලා ඉවරයි කියලයි ඇය පවසන්නේ. කොහොම නමුත් ඉගෙනීම් කටයුතු සහ රංගන කටයුතු අතිශයින් සාර්ථක වෙද්දී ඇය තවමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් ඇය කියන්නේ තාමනම් ඇයට ආදරවන්තයෙක් නැහැ කියලයි. නමුත් ඇය කලින් ආදරේ කරලා තියෙනවාලු .ඒත් ඒ සම්බන්ධතා විවිධ හේතූන් මත මේ වෙද්දි නැවතිලයි තියෙන්නේ.

ඉතින් මේ ගැන ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය පවසන්නේ ඇය හිතන විදිහට අපි හැමෝම මිනිස්සු විදිහට අපි හැමෝගෙම තියෙනවාලු හොඳ සහ නරක දෙකම. ඉතින් ඒ වගේම ඇයගේ පොඩි මතයන් ටිකක් තියෙනවාලු. ඒ ටිකත් එක්ක සමහරවිට ගැටෙන්න ටිකක් අමාරුයි කියලත් ඇය කියනවා. ඉතින් අද ඇය හැරිලා බලද්දී ඇයට හිතෙනවාලු ඒ කාලේ ඇයට ජීවිතේ බෙදාගන්න තේරුනේ නැහැ කියලා.

ඉතින් ඒ වගේම මුලින්ම ඇයට විශාදය කියන තත්ත්වය දැනෙන්න පටන් ගත්තේ ඇයගේ ආදර සම්බන්ධතාව කඩන් වැටුණට පස්සේලු. ඒක හැබැයි ආදර සම්බන්ධතාවය නිසා ඩිප්‍රේෂන් හැදුනු එකක් නෙවෙයිලු. ඉතින් ඇයට අනිත් හැමදේම තිබුණත් ඒ පොඩි කඩාවැටීමත් එක්ක තමයිලු ඒ තත්ත්වය ඇයට පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම දුකක් දැනෙන එක වෙනයි ඩිප්‍රේෂන් කියන දේ වෙනයි කියලයි ඇය පවසන්නේ. ඉතින් ඊට පස්සේ ඉඳන් හේතුවක් නැතුව ජීවිතය හැමදේම ඇය දැක්කේ වැරදි පැත්තටලු. ඉතින් ඇයට ඒ දේ ඒ කාලෙදි සිද්ධ වුණාට පස්සේ ඒ වෙනුවෙන් ඇය ඒ කාලේ ඇයත් එක්කම සටන් කලාලු. ඉතින් ඇය ඇයගේ ඔළුව හදාගත්තාලු. ඒ වෙනුවෙන් ඇය ගොඩක් දේවල් කළාලු. භාවනාවටත් යොමු වුණාලු. ඒ අත්දැකීමත් එක්ක තමයි අද මේ විදිහට ඉන්නේ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Leave a Comment