Life Story

ජනප්‍රිය නිවේදිකා පූර්ණිකා පීරිස් කාටත් ආදර්ශවත් වෙමින් සිය උපන්දිනය වෙනුවෙන් අවැසිම මොහොතේ කල උතුම් පිංකම

අපේ රටේ බොහෝ රසික පිරිසකගේ හදවත් දිනා ගත් පූර්ණිකා පීරිස් වගේම පේෂල මනෝජ් කියලා කියන්නේ කළා ක්ෂේත්‍රය තුල කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන බොහොම ආදරණීය නිහතමානී කළා යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් කළා ක්ෂේත්‍රයේ කාටත් ආදර්ශයක් ලබා දෙමින් ජීවත් වෙන ඔවුන් ගැන සමාජ ජාල මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙනවා.

ඉතින් ඒ වගේම දක්ෂ නිවේදන ශිල්පියෙක් වගේම දක්ෂ තබලා වාදකයෙක් තමයි පේෂල මනෝජ් කියලා කියන්නේ. ඉතින් අපි හැමෝම ආදරය කරන පේෂල මනෝජ් මීට ටික කාලෙකට පෙරදී පූර්නිකා පීරිස් සමඟ යුග දිවියට එලබිලා ටික කාලෙකට පස්සේ මේ දෙන්නා උතුම් මව් පිය පදවියත් ලැබුවා කියන්නත් දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම පුර්නිකා පිරිස් කියලා කියන්නෙත් දෙරණ නාලිකාවේ ඔස්සේ දකින්න ලැබෙන දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පිනියක් විදිහට හදුනවලා දෙන්න පුළුවන්.

ඉතින් ඇයගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇයගේ ඥාතීන් කිහිප දෙනෙක් වගේම යහළු යෙහෙලියන් කිහිප දෙනෙකුත් එකතු කරගෙන අපේ රටේ බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතා හමුවේ පිඩාවට ලක්වෙලා ඉන්න මොහොතක උතුම් පිංකමක් සිදු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ විදිහට ගැබිණි මව්වරුන් 25 දෙනෙකුට අත්‍යවශය භාණ්ඩ ලබා දීමක් තමයි ඔවුන් මේ විදිහට සිදු කරලා තිබුනේ. ඉතින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් සිදු කල මෙම උතුම් පිංකම අගය කල යුතුම කාරණාවක්. ඉතින් එම අවස්ථාවේ ලබාගත්ත ඡායාරූප කිහිපයක් ඔබ වෙත අරගෙන එන ගමන් මින් ඉදිරියටත් මෙවැනි උතුම් සත්ක්‍රියාවන් සිදු කරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් පුර්නිකා පීරිස්ටත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පැතුම් එකතු කරමු.

Leave a Comment