Life Story

කුෂානි සඳරේකාගේ පියාණන් වන ප්‍රවීණ සංගීතවේදී වික්ටර් විජයන්ත මහතා කැනඩාවේදී මෙලොවින් සමුගනී

රටක් ආදරය කල දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පියෙක්, වාදන ශිල්පියෙක්, සංගීත වේදියෙක් තමයි වික්ටර් විජයන්ත කියලා කියන්නේ. කොහොම නමුත් ඔහු පහුගිය දවසක මෙරට සුවහසක් ප්‍රේක්ෂකයින් දුකට පත් කරමින් මෙලොවින් සමුගත්තා. ඉතින් මිය යන විට ඔහු 77වැනි වියේ පසුවුණා. ඒ වගේම අපේ කළා ක්ෂේත්‍රය තුල නොමැකෙන නමක් රැන්ඳු වික්ටර් විජයන්ත මහතා මෙරට සංගීත හා කලා ක්ෂේත්‍රයේ විශාලතම පවුල් ගසේ සාමාජිකයෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද මායා දමයන්ති ගේ ආදරණීය සැමියා වු ඔහු ගායන විශාරද හා නෘත්‍ය විශාරද කුෂානි සදරේඛාගේ හා නෘත්‍ය විශාරද දැනට කැනඩාවේ පදිංචි වෙලා ඉන්න සචිනි නිරාශා ගේ ආදරණිය පියාණන්ද වනවා. ඒත් එක්කම කුෂාණි, නිරාශා සේම දීප්‍ති පූර්ණිත පෙරේරා සහ සුදත්සු උත්පලවර්ණ පෙරේරාගේද පියාණන් වන ඔහු සිවු දරු පියෙකි. ඒ වගේම වික්ටර් ඔහුගේ සොහොයුරිය වූයේ සංගීතඥ ආර්.මුත්තුසාමිගේ භාර්යාව වූ නීලීයා පෙරේරායි. ඒ වගේම පැරැණි ගායකයකු වූ හෙන්රි පෙරේරා ඔහුගේ වැඩිමහල් සොහොයුරාය.

ඉතින් ඒ වගේම ඔහු 1944 දෙසැම්බර් මස20වැනි දින වේයන්ගොඩ දී උපත ලබලා තියනවා. ඉතින් සංගීත ශිල්පියකු, වාදන ශිල්පියකු, ගායකයකු වන ඔහු ඔහුගේ ගමන පටන් ගැනීමට පෙර ඹහු සංගීත අධ්‍යාපනය ලබලා තියෙන්නේ ප්‍රවීණ වයලීන් වාදන ශිල්පී සෝමසිරි ඉලේසිංහ සහ ලයනල් එදිරිසිංහ ශූරීන් යටතේ වීමද විශේෂයි. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි ප්‍රථම සහ එකම ෂෙනායි වාදකයා වූයේද ඔහුයි. ක්ලැරන්ස් විජේවර්ධන ගේ ‘කද සුරිදුනි ඔබේ’, සුජාතා අත්තනායක ගේ ‘ශී‍්‍ර සම්බුද්ධ රාජා වදිමි’, මාලිනි බුලත්සිංහල ගේ ‘නාද සළඹ සැලෙන පදට’, වැනි ගීත ඔහුගේ ෂෙනායි වාදනයෙන් හැඩවී අතිශය ජනප්‍රිය වු ගීත ලෙස හදුන්වලා දෙන්න පුළුවන්. තවද බටනලා, ෂෙනායි, තබ්ලා, ක්ලැරිනට්, වයලීන් ඇතුළු සංගීත භාණ්ඩ රාශියක් වාදනය කිරීමේ හැකියාව ඔහුට තිබුණා. ඒ වගේම සංගීත නිර්මාණ ශිල්පියකු ලෙස ඔහු ගී තනු නිර්මාණය කළ මායා දමයන්ති ගායනා කළ ‘දෑස වසා සිටියා ඔබේ රුව’ ගීතය මෙරට ගීත ලෝලීන් අතර එකල අතිශය ජනප්‍රිය වුණා කිවුවොත් නිවැරදියි.

ඉතින් ඒ වගේම කලක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්ය වාදන ශිල්පියකු ලෙසින් ද කටයුතු කළ ඔහු මෙරට චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයටද නොනිමි මෙහෙවරක් කළ ගායන ශිල්පියකු වුණා. ඒ වගේම 80, 90 දශකයන්හි චිත්‍රපට පසුබිම් ගීත කලාවට පිවිසි ඔහු එකල බිහිවූ චිත්‍රපට රැසකට පසුබිම් ගායනයෙන් එක් වුණා. ඉතින් සිය ජීවිතයෙන් වැඩිම කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රයේ විවිධ නිර්මාණ සදහාම වෙන් කල ඔහු පසුගිය කාලය විශ්‍රාම සුවයෙන් සිය දියණිය කුෂානි සදරේකා හා බෑනණුවන් වන ජනප්‍රිය ගායන ශිල්පී කසුන් කල්හාර හා මිනිපිරිය ළඟ සුවෙන් ගත කළ බවයි අපට දැනගන්න ලැබුනේ. කොහොම නමුත් ඔහුගේ බාල දියණිය බලන්නට කැනඩාවේ ඔටාරා නගරයට ගිය අතරතුර එහිදී ඔහු ජීවිතයට සමු දීලා තිබෙනවා. ඉතින් මෙරට සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටුකොට අවසන් ගමන් යන වික්ටර් විජයන්ත මහතාණෙනි, ඔබට නිවන් සුව!

Leave a Comment