Life Story

අමායා මට දැනුත් කියන්නේ යාලුවෝ වගේ හිටියනම් අපිට මෙහෙම වෙන්නෑනේ කියලා-අතුල අධිකාරී

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි අතුල අධිකාරී කියලා කියන්නේ. ඉතින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම හරහා බොහෝ දෙනෙක් දැන හඳුනාගත්ත මේ අපූරු ගායන ශිල්පියා වයස අවුරුදු 13ක් වැනි කුඩා කාලයේදීම සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වුනු දක්ෂ ගායන ශිල්පියෙක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔහුගේ ගීත බොහෝමයක් එදා මෙන්ම අදත් අතිශය ජනප්‍රියයි. ඉතින් ඒ වගේම කාලයකට ඉහතදී ඔහු විවාහ වෙලා හිටියේ සමිතා මුදුන්කොටුව සමඟයි. කොහොම නමුත් ඔවුන් දෙදෙනාම වෙන්වෙලා මේ වන විට අවුරුදු 10ක් පමණ වෙනවා. ඉතින් ඊට පස්සේ අතුල අධිකාරි විවාහ වුනේ අමායා අධිකාරි සමඟයි.

ඉතින් ඒ විවාහයෙනුත් ඔහුට ආදරණීය දියණියක් ඉන්නවා. ඉතින් ඒ වගේම මේ වනවිට ඔහු එම විවාහයටත් සමුදීලා තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් පහුගිය දවසක අතුල යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා අමායා ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ඔහු තවමත් බැඳීම් වලින් ආදරණීය සැමියෙක් වගේම පියෙක් කියලයි ඔහු පවසන්නේ. නමුත් ඔහු සෙපරේට්ලු. හැබැයි තාමත් ඒ ගොල්ලොත් එක්ක තමයිලු ඔහු ඉන්නේ. බැඳීම නැති වුණාට ඔහු අදටත් කියන්නේ ඔහුගේ හොඳම යාළුවා අමායා කියලා. පොඩි ප්‍රශ්න ගැටලු නිසා ඔවුන් දෙන්නා වෙන් උනාට ඒ හිතවත්කම් නැති වෙන්නේ නැහැලු. අවුරුදු ගානක් ආදරේ කරපු කෙනෙක් එක්ක ඔහුට තරහ වෙන්න බැහැලු. කිසිම වෙලාවක ඔහු ඇයට දොස් කියලා නැහැලු. ඇයට ඕන වෙලාවක ඔහු ඇයත් එක්ක ඉන්නවාලු. ඉතින් ඒ වගේම ඒක ගොඩක් දෙනෙක්ට පුරුදු නැහැ කියලත් ඔහු කියනවා. මොකද වෙන් වෙච්ච ගමන් බැන ගන්න එක තමයි හැමෝම කරන්නේ කියලයි ඔහු කියන්නේ.

කොහොම නමුත් යාලුවෝ වෙලා ඉන්නකන් ප්‍රශ්න මුකුත් නැහැ කියලයි ඔහු කියන්නේ. දෙන්නෙක් පෙම්වතුන් වෙන්න කලින් හරිම නිදහසේ යාලුවෝ විදිහට ඉන්න නිසා, එතකොට එයා කා දිහා බැලුවත් ප්‍රශ්නයක් නෑ, වෙලාව පොඩ්ඩක් පරක්කු උනොත් ප්‍රශ්නයක් නෑ, හැමදේම නිදහසේ තියනවා නේද කියලයි ඔහු කියන්නේ. හැබැයි මේක ආදරයක් බවට පත් වෙච්චි වෙලාවේ ඉඳන් ෆෝන් එක බලන්න පටන් ගන්නවා, පරක්කු උනොත් ප්‍රශ්නයක් කියලත් ඔහු කියනවා. ඉතින් අමායා මේ ලඟදිත් ඔහුට කිවුවාලු ඇත්තටම මේ වගේ හිටිය නම් අපිට මෙහෙම වෙන්නේ නෑ නේද කියලා. මොකද සීයට සීයක් අයිති උනහම එකසිය එකක් බලාපොරොත්තු වෙනවා කියලයි ඔහු කියන්නේ. නමුත් ඔහු බලන්නේ එහෙම නෙවෙයිලු.

Leave a Comment