Life Story

අපේ ගෙදර හැමදාම උයන්නේ ගයාන්, මම දන්නේ සැන්විච් එකක්, ජූස් එකක් හදන්න තමයි-චතුරිකා පීරිස්

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියලා කියන්නේ. ඉතින් ඇය අදටත් බොහෝ දෙනෙකුගේ හදවතේ ලැගුම් ගත්ත රටක් ආදරය කරන රංගන ශිල්පිනියක් කිවුවොත් නිවැරදියි. කොහොම නමුත් මේ වෙද්දී ඇය ඉස්සර තරම් කාර්යබහුල ජීවිතයක් ගත නොකලත් විවිධ අංශ වලින් විවිධ දේ නිරුපනය කරන්න ඇයට අවස්ථාව හිමිවෙලා තියනවා. ඉතින් ඒ වගේම ඇය දැන් රූපවාහිනී නිවේදිකාවක් විදිහටත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒ වගේම කලකදී ඇයට නැතිවුණේ නිවේදිකා සිහිනය කියලා කියන්නේ, එක්තරා අවස්ථාවකදී රංගනය සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් තොර ගන්න ලැබුණා. ඉතින් ඒ අවස්ථා දෙකෙන් ඇය තෝරාගන්නේ රංගනයයි.

ඉතින් එදා නිවේදනය ඒ විදිහට මඟ ඇරුනත් ඇයට හැකියාව ලැබෙනවාලු අද වන විට වැඩසටහන් මෙහෙයවන නිවේදිකාවක් විදිහට පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන්න. ඉතින් ඒ වගේම ඇය මේ වෙද්දී විවාහ වෙලා ඉන්නේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වන ගයාන් වික්‍රමතිලක සමඟින් කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ ආදරණීය යුවලගේ කැදැල්ල තව තවත් හැඩ කරන්න ආරාධනා පුංචි දොනිත් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම මේ ආදරණීය කැදැල්ල කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරෙන් සතුටෙන් ජිවත් වෙන බවත් කාටත් රහසක් නම් නෙවෙයි.

ඉතින් ඒ වගේම ඇය ගෙදර ඉද්දි දරුවත් එක්ක කාලය ගත කරද්දී දවස ගෙවෙනවා තේරෙන්නේ නැතිලු. ඉතින් ඒ වගේම ගයාන් දියණියව ඇස් දෙක වගේ බලා ගන්නවා කියලත් ඇය බොහෝ අවස්ථා වලදී සඳහන් කරලා තියනවා. ඉතින් පහුගිය දවසක ඇය ගත කරන මේ සැහැල්ලු ජීවිතේ ගැන ඇය යූ ටියුබ් නාලිකාවක මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය කියපු දෙයක් තමයි ගෙදර දොරේ වැඩ කටයුතු වලට ගායන්ගෙන් ලැබෙන සහයෝගය ගැන. ඉතින් ඔවුන්ගේ ගෙදර සම්පුර්ණයෙන්ම ඉහුම් පිහුම් වැඩ වැඩ කටයුතු කරන්නේ ගයාන්ලු. ඉතින් ඇයට කන්න ඕන වුනොත් මොනවා හරි තියෙන දෙයක් කාලා ඉන්නවාලු. ඇය කවදාවත් උයන්න උනන්දු වෙන්නේ නැහැලු. ඉතින් ඒ වගේම ගයාන්ට රසට කෑම උයන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඇය ගෙදර උයන්නේම නැහැලු. ඇය හැදුවොත් හදන්නේ සැන්විච් එකක්, ජූස් එකක් වගේ දේවල්ලු. ඉතින් උයන එක හැර ගෘහනියක් විදිහට අනිත් සියලුම දේවල් ඇයගේ අතින් සිදු වෙනවා කියලයි ඇය එහිදී පවසලා තිබුනේ.

Leave a Comment