Celebrity Gossip

දෙවෙනි ඉනිමේ ලිහිණි, ජනප්‍රිය නිලි ශලනි ප්‍රනාන්දු ඇයගේ කවුරුත් දැකලා නැති පෙම්වතා සමඟින් කල ප්‍රේමනීය ශූට්එක

අපේ රටේ කොයි කවුරුත් ඉතාම ආසාවෙන් නරඹන වසර ගණනාවක සිටම අපේ රටේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක් තමයි දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම කියලා කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යයේ චුටි මැණිකේ, එහෙමත් නැත්නම් ලිහිණි කියලා කිවුවාම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් මේ දෙවෙනි ඉනිමේ චූටි මැණිකේට රංගනයෙන් දායක වෙන දක්ෂ සුරූපී නිළිය තමයි ශලිනි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඒත් එක්කම ඇය දෙවෙනි ඉනිමට අමතරව පහුගිය දවසක් වල දෙරණ නාලිකාවේම විකාශනය වුනු ලොක්කි කියන ටෙලිනාට්‍යටත් රංගන දායකත්වය ලබා දීලා තියනවා. ඒ වගේම වෙළඳ දැන්වීම් හරහාත් අපට ඇයව නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙනවා.

ඉතින් ඒ වගේම මේ රටක් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය ඉපදිලා තියෙන්නේ 1999 සැප්තැම්බර් 11වෙනිදා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියට දැන් වයස අවුරුදු විසි තුනක් වෙනවා. ඒ වගේම ඇය මේ වෙද්දී ඇයගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්නේ මීගමුව නගරයේ. ඒ වගේම පාසැල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ මීගමුව ශාන්ත නිකොලා ඡාත්‍යන්තර පාසලෙන්. ඒත් එක්කම ඇය උසස් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ වාණිජ විෂය දාරවෙන්. කොහොම නමුත් දැන්නම් ඇය මෝස්‌තර නිර්මාණ කරණය හදාරනවා කියලා තමයි අපටනම් ආරංචි වුනේ. ඉතින් ඒ වගේම සමාජයේ කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක හරි අපූරු ප්‍රේමනීය ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවට ඇයත් එක්ක එකතුවෙලා ඉන්න කඩවසම් තරුණයා ඇයගේ පෙම්වතා කියලයි බොහෝ දෙනෙක් පවසන්නේ. ඉතින් ඒ වගේම මේ යුවලට බොහෝ දෙනෙක් සුබ පතලා තියනවත් අපට දැකගන්න ලැබුණා. කොහොම නමුත් මේ ඇයගේ පෙම්වතාද නැද්ද කියලා කියන්න නම් අපි හරියටම දන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේ ආදරණීය සුන්දර අවස්ථාවේ මේ යුවලව මේ තරම් ලස්සනට ප්‍රේමනීය අයුරින් අයුරින් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන Prashan360 Photography ආයතනය විසිනුයි. ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ කඩවසම් තරුණයෙකු සමඟින් කල අලුත්ම ප්‍රේමනීය ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

Leave a Comment