Celebrity Gossip

ජනප්‍රිය සුරූපී නිලි දිනූෂා සිරිවර්ධන පුංචි සුරංගනාවියක් වගේ ලස්සන සිගිති දියණියගේ 2වන උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම සුරූපී නිරූපණ ශිල්පිනියක් තමයි දිනුෂා සිරිවර්ධන කියලා කියන්නේ. ඉතින් පසුගිය කාලයේ ITN නාලිකාව ඔස්සේ විකාශය වුනු නෙතූ ටෙලි කතාව තුලිනුත් ඇය අපේ රටේ බොහෝ සෙයින් ජනප්‍රිය වෙමින් බොහෝ රසික පිරිසකගේ ආදරයද දිනා ගැනීමට සමත්වුණා. ඉතින් ඒ වගේම රූපවාහිනිය ඔස්සේ වෙළද දැන්වීම රැසකින්ම අපිට දකින්න ලැබෙන ඇය කලා ක්ෂේත්‍රයේ සිටින හැමෝම දන්නා හැමෝම ආදරය කරන චරිතයක් කිවුවොත් හරියටම හරි.

ඉතින් ඒ වගේම කලාවට බෙහෙවින් ආදරය කරමින් රංගන ශිල්පිනියක් විදිහට තමයි ඇය ක්ෂේත්‍රයට පැමිණෙන්නේ. ඉතින් ඇය අපේ කලා ක්ෂේත්‍රයේ සිටින සුරූපිම තරුණියන් අතරේ සිටින දක්ෂතම තරුවක් කිවුවත් හරියටම හරි. කොහොම නමුත් ඇය රංගනයට වගේම නිරූපණ ක්ෂේත්‍රයෙන්ද දැන් සාර්ථකව ඉදිරියට යනවා. ඉතින් ඇය අද වෙද්දී රංගනයෙන් වැඩිය දකින්න ලැබෙන්නේ නැති චරිතයක් උනත් රසිකයින්ගෙන් ඇයට තියන ආදරේනම් තාම අඩුවක් වෙලා නැහැ. ඉතින් ඇත්තටම කියනවානම් ඇය දැන් අම්මා කෙනෙක්. ඉතින් ඇයට ආදරණීය චූටිම චූටි රෝසමලක් වගේ දුවෙක් ඉන්නවා. ඒ නිසා ඇය මේ දිනවල ටිකක් විතර කාර්යබහුල වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ සිගිති දියණිය මෙලොව එලිය දැකලා දැන් අවුරුදු දෙකකුත් වෙලා. ඉතින් ඒ වෙනුවෙන් මේ හුරතල් දියණියගේ දෙවෙනි උපන්දිනය පහුගිය දවසක පවුලේ හැමෝමත් එක්ක ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ ආදරණීය සුන්දර අවස්ථාවේදී ලබා ගත්ත ඡායාරූප කිහිපයක්ම දිනුෂා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් සටහනක් එකතු කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.

මේ අපේ පුංචි සුරංගනාවිය. ඉපදුන දවසෙත් රටට ඇදිරිනිතිය 2020-05-10, පළවෙනි උපන්දිනේ දවසෙත් රටට ඇදිරිනිතිය 2021-05-10, දෙවෙනි උපන්දිනේ දවසෙත් රටට ඇදිරිනිතිය 2022-05-10. ඒ හැම ප්‍රශ්න එක්ක අපේ සුරංනාවියගේ ලස්සන දවසක්, මං කැමතිම විදිහට තවත් ලස්සන කරපු ඔයලා හැමෝටම ගොඩක් ස්තුතියි කියලයි ඇය පවසලා තිබුනේ. ඉතින් මේ පුංචි සිගිති දියණියට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Leave a Comment